සරසවි සිසුන්ගේ ඉල්ලීමත් අයවැයෙන් ඉටුවෙයි!

Date:

කොළඹ LNW: විශ්ව විද්‍යාල සිදුන් සඳහා ලබාදෙන මහපොළ ශිෂ්‍යාධාරය රුපියල් 5000 සිට රුපියල් 7,500 දක්වා වැඩි කිරීමටත් ශිෂ්‍යාධාර දීමනා රුපියල් 4,000සිට රුපියල් 6,500ක් දක්වා වැඩි කිරීමටත් මෙවර අයවැයෙන් කටයුතු කර තිබේ.

මෙම දීමනා අප්‍රේල් මාසයේ සිට ලබා දීමට ද නියමිතයි.

ඒ සඳහා වෙන්කර ඇති මුදල රුපියල් මිලියන 4,600කි.

විශ්ව විද්‍යාල පද්ධතියේ ගුණාත්මක වර්ධනය උදෙසා රුපියල් බිලියන 135ක් වෙන්කිරීමට නව රජය කටයුතු කර ඇති බවයි අයවැය කතාව ඉදිරිපත් කරමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසුවේ.

මේ අතර සැමට අධ්‍යාපන අවස්ථා ලබා දෙමින් 2019 සිට සංවර්ධනය නොවූ පාසල් යටිතල පහසුකම් සංවර්ධනය සඳහා 2025 අයවැය තුළින් රුපියල් මිලියන 1,000කට අධික ප්‍රමාණයක් වෙන් කිරීමට රජය කටයුතු කර ඇත.

ඒ අනුව මෙවර අයවැයෙන් අධ්‍යාපන ක්ෂේත්‍රයේ උන්නතිය වෙනුවෙන් ඉහලම ප්‍රතිපාදන වෙන්කිරීමට රජය පියවර ගෙන තිබේ.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලක්ෂ දහයෙ රත්තරන් තහඩුව ….

එකපාරටම කඩාපාත් වුන ගංවතුර ව්‍යසනයේ මහජන ආතතිය ආන්ඩුව පැත්තට...

ධම්මිකගේ LB ෆිනෑන්ස් පිලිපීනයටත් ව්‍යාප්ත වෙයි !

සටහන - රුවන් නෙළුගොල්ල LB Finance PLC සිය කලාපීය සේවා...

අද (18) දවසේ තද වැසි ඇතිවන ප්‍රදේශ මෙන්න

සටහන - රුවන් නෙළුගොල්ල නැගෙනහිර තරංගාකාර සුළං ප්‍රවාහයේ බලපෑම හේතුවෙන්...

මේ වසරේ සංචාරක පැමිණීම් ලක්ෂ 22 ඉක්මවයි !

සටහන - රුවන් නෙළුගොල්ල 2025 වසරේ මේ දක්වා මෙරටට පැමිණ...