නිදහස රැක ගන්න අපෙන් 12 ක්

Date:

නිදහසේ 75 වන සංවත්සරය පාදක කරගෙන සංවිධානය “නිදහස් සමරු කුසලාන මධ්‍යම ආසියානු බීච් වොලිබෝල් තරගාවලිය 2022” පෙබරවාරි මස 18-19-20 දිනවලදී මීගමුව බීච් පාර්ක් වෙරළ තීරයේදී පැවැත්වීමට නියමිතය. මේ ශ්‍රී ලංකාව නියෝජනය කරමින් පිරිමි කණ්ඩායම් තුනක් සහ කාන්තා කණ්ඩායම් තුනක් තරග බිමිට පිවිසෙයි.

ඒ අනුව පිරිමි අංශයෙන් ඉන්දික ටිරෝන් ජයතිලක සහ අශේන් රශ්මික ශ්‍රී ලංකා පළමු කණ්ඩායම ලෙස සහභාගි වෙයි.දෙවන කණ්ඩායම ලෙස සහභාගි වෙන්නේ චානක නලින් පෙරේරා සහ ශෂිමාල් මලිත් යාපා ය.ශ්‍රී ලංකාව නියෝජනය කරන තෙවන පිරිමි කණ්ඩායමට අන්ජන් සංදිපන සහ සඳුන් මධුශංක අයත් වේ.කාන්තා අංශයෙන් තරඟ බිමට පිවිසෙන පළමු කණ්ඩායමට දීපිකා බණ්ඩාර සහ දිනේෂා ප්‍රසාදිනී අයත්ය.චතුරිකා වීරසිංහ සහ හශීනි මල්සා ප්‍රියමාලි ශ්‍රි ලංකා කාන්තා දෙවන කණ්ඩායම නියෝජනය කරන්නේය.තෙවන කණ්ඩායම නියෝජනය කරමින් සහභාගිවන්න් ශෙහානි අසංගා සහ නිර්මාණි සුලෝචනාය.

සෙලෙයින් දෙව් රාම්ඩො යටතේ පුහුණුව ලබන මෙම කන්ඩායම්වලට පිරිමි අංශයෙන් සහය පුහුණුකරු ලෙස අසංක ප්‍රදීප් කුමාර එක් වෙන අතර කාන්තා කණ්ඩායම සඳහා සහය පුහුණුකරුවන් ලෙස දෙදෙනෙක් නම් කර ඇත.ඒ පුබුදු එක්නායක සහ තක්ෂිලා නෙරංජලී ගුණසිංහ ය.සඳුන් විමලසේන දත්ත විහ්ලේෂක ලෙසත් එච්.සී.පි.සමීර භෞත චිකිත්සක ලෙසත් මෙම කණ්ඩායම්වලට වෘත්තීය දායකත්වය ලබා දෙයි.

මෙම තරඟ මාලාව පිරිමි හා කාන්තා අංශයන් පැවැත්වෙන අතර ඒ සඳහා ඉරානය, උස්බගිස්ථානය, මාලදිවයින, පාකිස්ථානය සහ සත්කාරක ශ්‍රී ලංකාව සහභාගී වීමට නියමිතය. තරඟ මාලාවේ සමාරම්භක උළෙල 2022 පෙබරවාරි මස 18 වැනි දින පෙ.ව.08.00 ට ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලන සභාපති , ජාතික ඔලිම්පික් කමිටුවේ උප සභාපති කාංචන ජයරත්න මැතිතුමා සහ මීගමුව නගර සභාපති දයාන් ලංසා යන මහතුන්ගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වීමට නියමිතය. තරඟාවලිය සඳහා සත්කාරක ග්‍රී ලංකාව නියෝජනය කරමින් කණ්ඩායම් 03 බැගින් සහභාගී වෙද්දී අනෙකුත් රටවල් නියෝජනය කරමින් එක් රටකින් කණ්ඩායම් 02 බැගින් පිරිමි හා කාන්තා අංශයෙන් සහභාගී වීමට නියමිතය.

ජයග්‍රාහකයින් සදහා නිදහස් කුසලානය පිරිනැමීමට නියමිත අතර කාන්තා පිරිමි දෙපාර්ශවයටම ප්‍රථම ත්‍යාගය ලෙස ඇමරිකානු ඩොලර් (USD) 1500 , දෙවන ත්‍යාගය ලෙස ඇමරිකානු ඩොලර් (USD) 1000 හා තෙවන ත්‍යාගය ලෙස ඇමරිකානු ඩොලර් (USD) 500 ප්‍රධානය කිරිමට නියමිතය.

දිනපතා තරඟ පෙ.ව.8.00 සිට 12.00 දක්වාත් නැවත ප.ව.3.00 සිට රාත්‍රී 9.00 දක්වාත් පැවැත්වීමට නියමිතය.අවසන් මහා තරඟ 2022 පෙබරවාරි මස 20 වන දින රාත්‍රී 7.00ට තරුණ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන අතර විශේෂ ආරාධිත අමුත්තන් වශයෙන් මහාමාර්ග රාජ්‍ය අමාත්‍ය නිමල් ලංසා මැතිතුමා, මීගමුව මහ නගර සභාපති දයාන් ලංසා මහතා , ක්‍රීඩා අමාත්‍යාංශයේ ලේකම් අනුරාධ විජේකෝන් මහතා සහ ග්‍රී ලංකා වොලිබෝල් සම්මේලන සභාපති ,ජාතික ඔලිම්පික් කමිටු උප සභාපති කාංචන ජයරත්න යන මහතුන් සහභාගී වීමට නියමිතය.

RM

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අපේ ලිපියට ක්‍රීඩා ඇමති දැක් වූ ප්‍රතිචාරය ගැන

නිශ්මං රණසිංහ අගෝස්තු 17, කොළඹ LNW: අප විසින් ලියන්නට යෙදුණ ‘මලල...

උතුරේ සහ නැගෙනහිර ඇතැම් දේශපාලන පක්ෂ කිහිපයක් ජනතාව නොමග යවමින් සිටිනවා – ඇමති නලින්ද

රෂිකා හෙන්නායක අගෝස්තු 17, කොළඹ LNW: අද(17) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ...

තමා ජනාධිපති ධුරය දරනතාක්කල් ෂිජින් පින් තායිවානය ආක්‍රමණය නොකරන බවට තමන්ට පැවසූ බව ට්‍රම්ප් කියයි

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 17: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ට්‍රම්ප් බලයේ සිටින...

පිත්තෙන් මිනෙත් පන්දුවෙන් රයන් පෙරමුණට

නිශ්මං රණසිංහ අගෝස්තු 17, කොළඹ LNW: ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙයවන...