*
Wednesday, April 24, 2024
spot_img

Latest Posts

සියලු අර්බුදවලට හේතුව කොරෝනා නෙවෙයි, එහෙනං අනිත් රටවල් දියුණු වුණේ කොහොමද ? – ශාන් විජයලාල්

රට මුහුණ දී සිටින ආර්ථික අර්බුදය ඇතුළු අර්බුදවලට එකම හේතුව කොරෝනා වසංගතය නොවන බව පොදුජන පෙරමුණේ ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන් විජයලාල් සිල්වා මහතා පවසනවා. දිගු කාලයක් තිස්සේ පාලකයන් අනුගමනය කළ වැරදි ආර්ථික ප්‍රතිපත්ති සහ වැරදි කළමනාකරණය හේතුවෙන් මෙවැනි අර්බුදයක් උද්ගත වී ඇති බවයි මන්ත්‍රීවරයා පවසන්නේ.

ශ්‍රී ලංකාව දිනෙන් දිනම ආර්ථික වශයෙන් අගාධයට යද්දී ලොව බොහෝ රටවල් වසංගතයද කළමනාකරණය කර ගනිමින් ආර්ථිකය දියුණු කරගෙන ඇති බව පෙන්වා දෙන ශාන් විජයලාල් මහතා පවසන්නේ කොවිඩ් වසංගතය නිසා ආර්ථිකය අර්බුදයට යන්නේ නම් සෙසු රටවලද එවැනි තත්ත්වයක් දක්නට ලැබිය යුතු බවයි.

විදුලි අර්බුදය, ඩොලර් අර්බුදය ඇතුළු සියලු ගැටලු එකිනෙක ගැටගැසී ඇති බවත් නිවැරදි ආර්ථික කළමනාකරණය හරහා සියලු ගැටලු විසඳා ගත හැකි බවත් මන්ත්‍රීවරයා පෙන්වා දෙනවා.

UN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan