Wednesday, March 22, 2023
spot_img

Latest Posts

PUCSL යෝජනාවට CEB යේ විරෝධය. PUCSL වෙතිනුත් විදුලි කප්පාදුවකට බුරුලක් නැහැ

ඉදිරි මාස තුනක කාලය තුළ විදුලි කප්පාදුවකින් තොරව යාම ප්‍රයෝගික නොවන බවට ලංකා විදුලි බල මණ්ඩලය පැවසුවද එවැනි ප්‍රශ්නයක් නොමැති බව මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා පවසයි.

මහා පරිමාණ විදුලි පාරිභෝගිකයින්ගේ විදුලිය විසන්ධි කර ඔවුන්ගේ පෞද්ගලික ජෙනරේටර් පද්ධතිය හරහා එම අවශ්‍යතාව ඉටුකරගැනීම සඳහා දැනටමත් උපදෙස් දී තිබෙන බවයි රත්නායක මහතා සඳහන් කරන්නේ.

එමඟින් ඉතිරි වන විදුලිය හරහා රටේ දීප ව්‍යාප්තව විදුලි කප්පාදුවකින් තොරව පවත්වා ගෙන යා හැකි බව ඔහු කියා සිටියි.

මේ සඳහා විශාල පරිශ්‍රමයක් මෙන්ම කැපකිරීමක් කිරීමට සිදුවන බවද සභාපතිවරයා පැවසුයි.

ඉන්ධන නොමැති වෙයිද යන්න පිළිබඳව ඇතැමුන් පැවසුවද ප්‍රශ්නය ඇත්තේ තෙල් ගැනීම සඳහා ලංකා විදුලි බල මණ්ඩලයට මුදල් නොමැති වීම බවත් එසේ හෙයින් මහජන උපයෝගිතා කොමිසම විසින් යෝජනා කර ඇත්තේ ප්‍රායෝගික වැඩපිළිවෙලක් බවත් හෙතෙම ප්‍රකාශ කරයි.

ASK

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Posts

spot_img
spot_img

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.