*
Saturday, September 21, 2024
spot_img

Latest Posts

රට මෙම තත්වයට ගෙන ඒමට දායකවූ රනිල්ගේ ගෝරනාඩුව..

රනිල් වික්‍රමසිංහ මහතා වසර අවසන් වන විට ඩොලරයේ වටිනාකම රැපියල් 300 දක්වා වැඩිවෙතැයිද, රටේ දිළිදු ජනතාව තවත් ලක්ෂ 5 කින් පමන වැඩිවෙන බවක් කියයි. එසේම ජූලි මස වනවිට ගෙවිය යුතු ඩො. බි. 6.9 ගෙවාගැනීම අසීරැ වන බවක්ද කියයි. IMF යාමට පිට පොට ගසන ලෙසද ප්‍රකාශ කරයි..

වත්මන් රජය රැපියල 201 ක ප්‍රමාණයේ රඳවාගෙන තිබෙන්නේ රටෙි මූල්‍ය කළමනාකරනය කර ගැනීම සදහාය. ලෝකයේ දරැණු වසංගතයක ප්‍රතිඵල දැන් සෑම රටකටම පාහේ දැනී ඇත. මහා බ්‍රිතාන්‍යයේද උද්ධමනය දශකයේ ඉහලම අගය ගනී. මෙය ස්වාභාවිකය කුමන රටකට හෝ වසංගතයකට පසුව සාගතයකට මුහුනදීමට සිදුවේ.

අපිදු මෙි මුහුන දෙන්නේ සමාන්තර අභියොගයන්ටයි. විදෙස් මුදල් සංචිතය තවමත් යථාවත් වී නැත. ද්‍රව්‍ය වල මිල ඉහල ගොස් ඇත. ආනයනයන් සීමාවන්ට ලක්කර ඇත. සමස්ථයක් වශයෙන් රටෙි ජනතාව මහත් අසීරැකමි වලටනොමදව මුහුනදේ..

රජය ජනවාරී මස ගෙවිය යුතු ණය මුදලද ගෙවා දැමීය. එසේම ජූලි මස ගෙවිය යුතු දැවැන්ත ණය ගෙවීමට අවශ්‍ය විධිවිධාන යොදා හමාරය. ණය ගෙවීමි පැහැර හරින්නේද නැත. IMF වාර්තා පිළිබදවද රජය මහත් උනන්දුවක් දක්වයි. අවශ්‍ය වුවහොත් IMF යනු ඇත. දැනට එවැනි තත්වයක් මතුවී නැත.

ඉන්දියාව සහ චීනය ඇතූළු තවත් රටවල් ගනනාවක් ශ්‍රී ලංකාවෙි තත්වය සලකා අපට අවශ්‍ය අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය ලබාගැනීමට උපකාර කරයි..

විදෙස් මුදල් අප ඉපැයිය යුතුය. ඒ සදහා අපනයනයන් දිරිගන්වන අතර දැනට වාර්ෂිකව ඩො. බි. 17 ඉලක්කයට අපනයන ආදායම ඉහල යමින් තිබේ.

දිනකට සංචාරකයන් 5000 ක ඉලක්කයක් පසුපස හඹායමින් සිටී. එමගින් ඍජුව සහ වක්‍රව පවුල් මිලියන 3 කට වඩා පිරිසක් ජීවන අරගලය ජයගනිමින් සිටී. සංචාරක මග පෙන්වන්නන්ට ලැබෙන ඩොලර් ඔවුන්ගේ ජීවිකාව සාර්ථක කර ගැනීමට යමි යමි කුඩා ආයොජන වල යොදවයි..
විදෙස් ශ්‍රමිකයන්ද තමනට හැකි පමනින් විදෙස් මුදල් මෙරටට එවමින් රටෙි අර්බූදය විසදීමට විශාල සහයක් දේ.වැඩිපුර විදෙස් මුදල් නීත්‍යානුකූලව එවන පුද්ගලයන් සදහා රජය දායක විශ්‍රාම වැටුපක්, වටිනා රක්ෂණයක් සහ එවන ප්‍රේෂණ සහ එවා ඇති කාලය සලකා විශේෂ තීරැබදු සහනයන් ලබාදීමට යෝජනාවන් ඉදිරිපත්වී ඇත.. මේ වසර තුල මෙම දීමනාවන්ට උරැමකමි කීමට ඔවුනට වාසනාව හිමිවනු ඇත..

ජපානය,දකුනු කොරියාව, ඊශ්‍රයාලය,මැද පෙරදිග සහ තවත් රටවල් ගනනාවකටම රජය මගින් වෘත්තීය රැකියා සොයාදීමට කටයුතු යොදා ඇත. එනිසාම වෘත්තීය පුහුනුවට තරැණයන් දහස් ගනනින් බඳවා ගැනේ..

කෙසේ හෝ මෙම ආර්ථික අභියෝගය රජය ජයගනු ඇත..

අවශ්‍ය වන්නේ වර්ජන තර්ජන විරෝධතා පැවත්වීම නොව සියල්ලෝම එකට එකතුවී මෙම ගෝලීය අර්බුදයට ලංකාව නිසිලෙස සූදාන​ම් කිරීමය..

පරාක්‍රම බස්නායක.. Facebook
Sponsored Article

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan