තව සති දෙකකින් ශ්‍රී ලංකාවෙන් තෙල් මිලේ ලෝක වාර්තාවක්! (VIDEO)

ඉදිරි සති දෙක ගත වන විට ලොව තෙල් ලීටරයකට අය කරන වැඩිම මිල මෙරටින් වාර්තා වන බව සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා පවසයි.

එදා යහපාලන ආණ්ඩුව විසින් හඳුන්වා දුන් තෙල් මිල සූත්‍රය ද විසිකර දමා රටේ ජනතාවට සහන දෙන බව පැවසූ වත්මන් ආණ්ඩුව දැන් පවතින අර්බුදය හමුවේ මිල සූත්‍රයක් යෝජනා කර තිබෙන බවයි මන්ත්‍රීවරයා සඳහන් කරන්නේ.

එමෙන්ම පසුගිය කොරෝනා සමයේ පැවති තෙල් මිලේ වාසියද ජනතාවට නොදී එම බදු මුදල්ද එකතු කරගෙන දැන් ලෝක වෙළෙඳ පොළේ තෙල් මිල උච්චාවචනය නිසා තෙල් මිල ඉහළ දැමිය යුතු වන බව ද ආණ්ඩුව පවසමින් සිටින බව අත්තනායක මහතා කියා සිටියි.

ඒ අනුව තෙල් මිලෙහි වැඩි වීමක් සිදුවුවහොත් ඒහා සමාන සේවාවන් හි සියලුම අයකිරීම් වැඩිවනු ඇති බවයි හෙතෙම අවධාරණය කරන්නේ.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වසර මිලියන 500 කට පෙර පැවැති පෘථිවිය පිළිබඳ තොරතුරු ශ්‍රී ලංකාවෙන් හෙළි වෙයි!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : ශ්‍රී ලංකාවට යටින්...

පේදුරුතුඩුව මූලික රෝහලට නව සිව් මහල් හෙද නිල නිවාස සංකීර්ණයක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : රුපියල් මිලියන 212ක...

2027 වර්ෂය සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත ගැසට් කරයි!

කොළඹ LNW:2027 වර්ෂය සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත ගැසට්...

ගිනිඅවි සහ ජීව පතොරොම් සමඟ හෙරොයින් ජාවාරම්කරුවෙකු අත්අඩංගුවට!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : බස්නාහිර පළාත් උතුර...