1963 වසරෙන් පසු සිඩ්නිහි මෝර ප්‍රහාරයෙන් පුද්ගලයෙකු මරුට

පසුගිය බදාදා දින එරට වේලාවෙන් ප.ව 4.30 ට ඕස්ට්‍රේලියිවේ සිඩ්නි නුවරදී එල්ල වූ මාරාන්තික මෝර ප්‍රහාරයෙන් බරපලත තුවාල ලබා සිටි පිහිනුම් ක්‍රීඩකයෙකු මියගොස් ඇති බව ඕස්ට්‍රේලියානු බලධාරීහු පවසති.

1963 වසරෙන් පසු මෝර ප්‍රහාරයකින් සිඩ්නිහි මිය ගිය පලමු අවස්ථාව මෙයයි.මෙම සිද්ධිය වෙරළ බඩ ප්‍රදේශයේ අනියත බියක් ඇති කර තිබේ.පසුගිය බදාදා පස්වරුවේ මලබාර් අසල ලිට්ල් බේ වෙරළට හදිසි සේවා කැඳවා ඇති අතර එහිදී ජලයේ තිබී මිනිස් අස්ථි කොටස් හමුවූ බව ප්‍රාන්ත පොලිසිය පවසයි.නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ බලධාරීන් විසින් පරීක්ෂණයක් ක්‍රියාත්මකයි.ලිට්ල් බේ සහ අවට වෙරළ කිහිපයක් දැන් වසා දමා ඇත.

ප්‍රහාරය සිදුවන විට, දෙස් විදෙස් සංචාරකයන් රැසක් පිහිනමින්, අසල ඇති ගල් තල මත මසුන් අල්ලමින් සිටි බව එරට මාධ්‍ය වාර්තා කරයි.සිදුවීම පිලිබඳව ඇසින් දුටු සාක්ෂි පවති.වෙරළ තීරයේ ප්‍රවේශම් වන ලෙසත්, ආරක්ෂක මාර්ගෝපදේශ අනුගමනය කරන ලෙසත් පොලිසිය ජනතාවගෙන් ඉල්ලා සිටි.

අවසන් වරට සිඩ්නි වෙරළට මෝරා ප්‍රහාරයක් එල්ල කළේ 1963 දී ෂුගර්ලෝෆ් බොක්කේදී ය.Taronga සංරක්ෂණ සංගමයට අනුව, පසුගිය වසරේ ඕස්ට්‍රේලියාවේ මෝර ප්‍රහාර තුනක් සිදු වූ අතර, ඊට නිව් සවුත් වේල්ස් හි සිදු වීම් දෙකක් ද ඇතුලත්ය.

OUTBOUNDTODAY – SAHAN HEWAGAMAGE

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

CNN, MS NOW සහ Politico ට්‍රම්ප්ගේ ධවල මන්දිර තහනමට එරෙහිව නඩු පවරයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 22: අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ්...

ක්‍රිකට් කීඩාවේ වත්මන!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : තේරී පත් වූ...

සුරක්ෂිත, ක්‍රමවත් සහ විධිමත් සංක්‍රමණය සඳහා වූ ගෝලීය සම්මුතියේ 2026-2028 සැලැස්ම එළිදක්වයි!

කොළඹ LNW:සුරක්ෂිත, ක්‍රමවත් සහ විධිමත් සංක්‍රමණය සඳහා වූ ගෝලීය...

විදුලි බිල්පත් සහන සඳහා රු. බි. 17.2ක අතිරේක ඇස්තමේන්තුවක් අද!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22 කොළඹ LNW : ඉදිරිපත් කෙරේ...