අපේ අයවැය නිසා රටේ ජනතාව ඉතිහාසයේ කවදාටත් වඩා සතුටින් – ඇමති වසන්ත

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

2025 අයවැය සේවක වැටුප්, සංවර්ධන කටයුතු ඇතුළු සියලුම දේවල් ඇතුළත් කළ අයවැයක් බවත් විපක්ෂයට මේ ගැන කියන්නට දෙයක් නොමැති නිසා ඔවුන් මෙය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අයවැයක් වශයෙන් හඳුන්වන බවත් වෙළඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය වසන්ත සමරසිංහ පවසයි.

“මේක සියලු දේවල් ඇතුළත් කරපු අයවැයක්. ඒ නිසා මේ අයවැය පිළිබඳ රටේ ජනතාව ඉතිහාසයේ කවදාටත් වඩා සතුටුවෙන අයවැයක් වෙනවා මේක. විශ්‍රාමිකයින්ගේ, රාජ්‍ය සේවකයින්ගේ, පෞද්ගලික අංශයේ සේවකයින්ගේ, වතු සේවකයින් ඇතුළු සියලුම දෙනා. ඒ වගේම මේ රටේ සංවර්ධන කටයුතු උතුර, නැගෙනහිර, ජාති ආගම් කුලමල භේද නැතිව මේ සියල්ල ඉදිරිපත් කරලා තියෙනවා. දැන් ඉතින් කියන්න දෙයක් නැති නිසා IMF හරි මොනවාහරි කියයි. හැබැයි මේ අයවැය අපි කොහොමද ඉදිරිපත් කරලා තියෙන්නෙ කියලා අද ජනාධිපතිවරයා කතාව ඉදිරිපත් කරලා කිව්වා. ඒ නිසා විවාදයේදී බලාගන්න පුළුවන් ඕගොල්ලො ඔය කියන තවත් දේවල් තියෙනවාද කියලා”

වසන්ත සමරසිංහ අමාත්‍යවරයා මේ බව පැවසුවේ ඊයේ (පෙබරවාරි 17) ජනාධිපතිවරයා ඉදිරිපත් කළ අයවැය කතාවෙන් අනතුරුව තේ පැන් සංග්‍රහය සඳහා යන අවස්ථාවේදී මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉන්දියාවේ අසාම් ප්‍රාන්ත මහඇමතිවරයාගේ ආන්දෝලනාත්මක AI වීඩියෝවක් එළියට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 09, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඉන්දියාවේ අසාම් ප්‍රාන්තයේ මහඇමතිවරයා මුස්ලිම්...

Super Bowl halftime performance වලින් පස්සේ Bad Bunny ගේ විපර්යාසය! ට්‍රම්ප්ගෙනුත් සැර ප්‍රකාශයක්!

පුවතේ Audio පිවිසුම වෙත; පුවතේ Video පිවිසුම වෙත; https://youtu.be/3D3OJCqM0NQ සටහන – පුලී පෙබරවාරි...

මධ්‍යධරණී මුහුදේ සංක්‍රමණික බෝට්ටුවක් පෙරලීමෙන් 53 දෙනෙකු අතුරුදන්

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 09, ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ලිබියානු වෙරළට ඔබ්බෙන්...

රුසියාවෙන් යුක්රේනයට මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාර මාලාවක්!

රෂිකා හෙන්නායක පෙබරවාරි 09, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): යුක්රේනයට එල්ල වූ...