*
Friday, February 21, 2025
spot_img

Latest Posts

මාස හයෙන් හයට පඩි වැඩිකරන කතාවක් දැන් අවශ්‍ය නෑ. වචනයේ එල්ලෙන්න එපා ! – අවුරුදු තුනටම කරන හැටි කම්කරු ඇමති කියයි !

සටහන – රුවන් නෙළුගොල්ල

මාස හයෙන් හයට රජයේ සේවකයින්ගේ වැටුප් සමාලෝචනය කරන බවක් මැතිවරණ වේදිකාවලදී තම පක්ෂය පැවසුවත් මින් ඉදිරියට එය අවශ්‍ය නොවන බව කම්කරු අමාත්‍ය හා ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය අනිල් ජයන්ත පවසයි.

“මේ වැටුප් වැඩිවීමෙන් ඒගොල්ලන්ගේ සමස්ත ජීවන තත්වය ඉහළ යනවා කියන්නේ නෑ. මේක මූලික වැටුප වුණාට මිනිහෙකුට ජීවත් වෙන්න පුළුවන් වැටුපක් (living wage) නෙවෙයි. ලිවින් වේජ් එක රුපියල් ලක්ෂයට වැඩියි. අපිට එතෙන්ට කරන්න පුළුවන් දෙයක් නෙවෙයිනෙ. මේ වැඩෙත් කරන්නෙ සීමාවකට. එකවරම ඕක දෙන්නත් තිබුණා, නමුත් විශ්වාස කරන්න අර සීමාව ඇතුළෙ අපට එකවරම දීගන්න බෑ”

ප්‍රශ්නය – දේශපාලන වේදිකාවෙදි ඔබතුමාලා කිව්වා පඩි වැඩිකරනවා, මාස හයෙන් හයට සලකා බලනවා කියලා ?

“නෑ. සලකා බලනවා නෙවෙයි. වැඩිවීමෙන් පසුව වඩා හොඳ තර්කනයක් තමයි මාස හයෙන් හයට මේක පොඩි ඇගයීමකට ලක්කරලා බලනවා කියලා. ඒක එක විකල්පයක්”

ප්‍රශ්නය – ඡන්දෙට කලින් කියපු විකල්පය ඒක ?

“ඔව්, ඒක තමයි. මම කියන්නෙ අපි යන්නට ඕනෙ කිව්ව එකටම එල්ලෙනවාට වඩා හොඳ එකටනෙ …”

ප්‍රශ්නය – නෑ, කියන එක කරන්න ඕනෙ නේද සාමාන්‍යයෙන් ….

“නෑ, මේවා තේරුම් ගන්නට ඕනෙ. වචනයකම එල්ලිලා ගියොත් ආයෙ මම කියන එකත් එක්ක පැටළෙන්නට පුළුවන්. කියන දේ කරන්න ගන්න ඇක්ෂන් එක වෙනස් වෙන්න පුළුවන්. ඒකයි මම කියන්නෙ තේරුම් ගන්න ඕනෙ කියලා. අපි කිව්වෙ මොකක්ද, හැමතිස්සෙම ගන්න ඕනෙ ඇයි අපි මාස හයෙන් හයට වැටුප් රිවිෂන් එකක් යන්න ඕනෙ කිව්වෙ ? මේ ගැටලුවක් තියෙන බව දැනගෙන, හරි තැනට ගේනකල්. අපි ආණ්ඩුව ගත්තාට පස්සෙ මේවා අධ්‍යයනය කළා. එතකොට දැන් මේ වැටුප් විෂමතා ගණනාවක් තිබුණා. එතකොට අපට පුළුවන්කම ලැබුණා මේ මාසයක වගේ කාලයකදී ඒ විෂමතා ඔක්කොම අයින් කරලා එක බේසික් සැලරි එක උඩට ගන්න”

ප්‍රශ්නය – ඔබතුමන්ලා කියනවා තියෙන මූලික වැටුපට 15750ක් එකතු කරලා 40000 කරනවා. එතකොට ඊළඟ වැටුප් තලවල ඉන්න කට්ටිය තමන්ගෙ වැටුප වැඩිවෙන විදිහ කොහොමද ඒ සූත්‍රය හදාගන්නෙ ?

“ඇත්තටම මේක ටිකක් සංකීර්ණයි. මං මේ එකක් ගෙනාවා … මේකෙ තියෙනවා රාජ්‍ය අංශය වෙනමත්, ඒ වගේම ගුරුවරු, විශ්වවිද්‍යාල ආචාර්යවරු, රාජ්‍ය ව්‍යවසාය … විශාල වගු ගණනාවක් තියනවා. මේක සරලව ගත්තාම මේකට කරන්නෙ අපෙ මුදල් අමාත්‍යාංශයේ මේකට වෙන්වෙලා ඉන්න නිලධාරීන් මේකට තියෙන ව්‍යුහයන්, චක්‍රලේඛ සියල්ලම අධ්‍යයනය කරලා. අපි මේකට මෙන්න මෙහෙම මූලධර්මයක් අනුගමනය කළා. එකක් තමයි මේ වැටුප් ව්‍යුහයන් වැඩිවෙනකොට පල්ලෙහාම අයට වැඩිවෙනවා වගේ ඉහළ අයටත් වැඩිවෙන්න පුළුවන්. ඒ වැඩිවෙනකොට සමහර අයට දීමනා එල්ලලා තියෙනවා ප්‍රතිශත විදිහට. එතකොට ඒ ප්‍රතිශතාත්මකව ඔක්කොම එකවැර වැඩිකළොත් වැටුප් පරතරය වැඩිවෙන්න පුළුවන්. දැනට පල්ලෙහාම වැටුපත්, ඒ කියන්නෙ කාර්යාල කාර්ය සහායකනෙ, එයාගෙ වැටුපත් අමාත්‍යාංශ ලේකම්වරයෙක්, මහාචාර්යවරයෙක් වගේ තියෙනවානෙ – එතකොට ඒ දෙන්නා අතර වැටුප් පරතරය 1 : 4 පොඩ්ඩක් වැඩි සීමාවක තමයි තිබුණෙ. එතකොට පළවෙනිවම අපි මේ යෝජනාව ඉදිරිපත් කරද්දී මූලික ගණනය කිරීමේදී ඒ තිබිච්ච විදියටම යන්න ඉඩ ඇරියා නම් මේක 1 : 6 කින් වැඩිවෙන්න තිබුණා. අපි ඒකයි මම කිව්වෙ මේක මාසයක් විතර සාකච්ඡා කළා කියලා. මේකෙ අරමුණ තිබුණෙ හුදෙක් වැටුප් වැඩිවීමක් දෙනවාට වඩා මේක හරියට කරන්න. ඒක නිසා ඒ අයත් ගෙන්නලා සාකච්ඡා කරලා අපට ඕනෙ වුණා අර පරතරය අඩුකරන්න. දැන් අඩුකරලා තියෙනවා, මේ වෙනස් කරලා තියෙන්නෙ අර 1 : 4 කියන පරතරය තියාගෙනම තමයි මේ වැඩේ කළේ”

ප්‍රශ්නය – දැන් රාජ්‍ය සේවකයෙකුට ගිහිල්ලා බලන්න පුළුවන් නම් කොතනද බලන්න ඕනෙ ඕක. මොකද හැමෝම බලන් කියනවා කීයක්ද පඩි වැඩිවෙන්නෙ කියලා ?

“මේක ඉදිරියේදී දානවා. මේක අයවැය කතාවෙම උපලේඛනයේ තියෙනවා සම්පූර්ණ විස්තරේ මේක කරපු හැටි … මේකෙ අංකය මං දෙක වෙන්න ඇති, මේකෙ කෙළවරේම තියෙනවා. එයාලාට බලන්න පුළුවන් විස්තරාත්මකව. එතකොට ඉතින් මොනවාහරි ගැටලුවක් තියෙනවා නම් අපට සාකච්ඡා කරන්න පුළුවන්. මේකෙ අරමුණ වෙන්නෙ අර අනවශ්‍ය විදියට අපි පඩි වැඩිකරන්න යාමෙන් තවත් ගැටලුවක් නිර්මාණය වෙන එක අවම කරලා තියෙනවා”

ප්‍රශ්නය – කොහොමහරි අර වැඩිවෙන 8250 තියෙනවානෙ ඉලක්කම් විදියට කතා කළොත්. ශුද්ධ වැඩිවීම. එතකොට ඒ 8250න් 5975ක් පළවෙනි අවුරුද්දේ හම්බවෙනවා, දෙවැනි අවුරුද්දේ කීයක් වැඩිවෙනවාද, තුන්වෙනි අවුරුද්දේ කීයක් වැඩිවෙනවාද එතකොට ?

“අර වෙනස දෙකට බෙදලා. දැන් අපි කියමුකො 8250 නෙ. 5975 කියන්නෙ 6000යි කියමුකො. එතකොට 8250න් ඒක අඩුවුණාම දෙදාස් ගාණක් නෙ. ඒක දෙකට බෙදුණාම 1138 ගාණෙ දෙපාරක් ලැබෙනවා”

ප්‍රශ්නය – දැන් ඔබතුමා කියනවා මේ වෙලාවෙ ලබාදීපු විසඳුම තිරසර නිසා ඊළඟ මාස හයේදී නැවත සමාලෝචනයක් අවශ්‍ය නෑ කියලා ?

“අවශ්‍ය නෑනෙ. සමාලෝචනය කිරීමක් අවශ්‍ය නෑ. මොකද ඒ අවුරුදු තුනටම ඒක හැදිලා තියෙන්නෙ ඒ තත්වය බලලා”

අනිල් ජයන්ත අමාත්‍යවරයා මේ බව පැවසුවේ ඊයේ (පෙබරවාරි 17) දෙරණ රූපවාහිනී නාලිකාවේ පැවති සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමිනි.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan