විසල් සංවර්ධන සැලැස්ම යටතේ මහනුවර ලෝක උරුම කේන්ද්‍රස්ථානයක් බවට පත්කිරීමේ සැලසුම්!

කොළඹ LNW:අධි සංවේදී පරිසර කලාපයක් වන මහනුවර නගරය කේන්ද්‍ර කොට සංවර්ධන ව්‍යාපෘති 168ක් ක්‍රියාත්මක කිරීමට නාගරික සංවර්ධන අධිකාරිය සැලසුම් කොට තිබේ.

වර්ෂ 2035 වන විට නිම කිරීමට නියමිත විසල් මහනුවර සංවර්ධන සැලැස්ම යටතේ මෙම ව්‍යාපෘති ක්‍රියාත්මක වන බව එම අධිකාරියේ සභාපති ඉංජිනේරු කුමුදු ලාල් මහතා පැවසුවේය.

මහා භාණ්ඩාගාරයෙන් මුදල් ප්‍රතිපාදන ලැබෙන මෙන්ම කිසිදු අමතර මුදල් වැය නොවන ව්‍යාපෘති ද ඊට අන්තර් ගත යැයි ඒ මහතා කීවේය.

විසල් මහනුවර නගරය සංවර්ධනය කිරීම නිමිත්තෙන් මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවැති සාකච්ඡාවකදී ඉදිරි සංවර්ධන කටයුතු පිළිබදව අදහස් දක්වමින් ඒ මහතා මේ බව පැවසුවේය.

” කන්ද උඩරට තේජාන්විත අගනගරය ” යන මැයෙන් මහනුවර නගරයේ ආගමික, සංස්කෘතික, ඓතිහාසික සහ සංස්කෘතික උරුමයන් ආරක්ෂා වන පරිදි මෙම වැඩසටහන ක්‍රියාත්මක වේ. මහනුවර මහ නගර සභාව ද ඇතුලුව පළාත් පාලන ආයතන 15ක් කේන්ද්‍ර කොට වර්ග කිලෝමීටර් 600ක භූමි වපසරියක් ආවරණය වන පරිදි මෙම සංවර්ධන සැලැස්ම ක්‍රියාත්මකය.

යෝජිත ව්‍යාපෘති 168න් සියයට 13ක ප්‍රමාණයක් මහනුවර නගරය තුළ ක්‍රියාත්මකය. එහිදී පොදු ප්‍රවාහන පර්ශද නැවතුම් ස්ථාන ඉදි කරන අතර නුවරවෙල සහ සිංහරෙජිමේන්තු කඳවුරු පරිශ්‍රය අසල පොදු ප්‍රවාහන ගාල් දෙකක් ස්ථාපිත කිරීමට සැලසුම් කොට තිබේ.

බහුවිධි ප්‍රවාහන අංගනය ඉදිකිරීම, හිරැස්සගල හන්දිය අසල සිට විලියම් ගොපල්ලව මාවත හරහා රෝහල් හන්දිය කරා මාර්ගය සංවර්ධනය කිරීම, මහයියියාව උමං මාර්ගයක් ඉදිකිරීම, කුඩාරත්වත්ත මාර්ගය සහ විලියම් ගොපල්ලව මාවත සංවර්ධනය කිරීම, තැන්නේකුඹුර සිට ධර්මරාජ විදුහල අසල දක්වා ප්‍රධාන මාර්ගය සංවර්ධනය ද මේ යටතේ සිදුවේ.

ත්‍රීරෝද රථ සහ පාසල් දරුවන් ප්‍රවාහනය කරන බස් රථ නියාමනය කිරීමට ද සැලසුම් කර ඇති බව සභාපතිවරයා සඳහන් කළේය.

මහනුවර නගරය සහ කඩුගන්නාව, පේරාදෙණීය, කටුගස්තොට සහ තැන්නේකුඹුර යන පරිවාර නගර ද ආශ්‍රය කර ගනිමින් පරිසර සංරක්ෂණය, ඓතිහාසික සහ සංස්කෘතික උරම සංරක්ෂණය සහ සමාජ හා ආර්ථික ක්‍රියාකාරකම් වැඩි දියුණු කිරීම මෙම ව්‍යාපෘතියේ ප්‍රධාන අරමුණක් යැයි නාගරික සංවර්ධන අධිකාරියේ සභාපති ඉංජිනේරු කුමුදු ලාල් මහතා තව දුරටත් සඳහන් කළේය.

නදීක දයා බණ්ඩාර – මහනුවර

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

2027 සිට ඊශ්‍රායල රැකියා සඳහා බඳවා ගැනීම් රජය හරහා පමණයි : SLBFE

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 30 කොළඹ LNW : 2027 ජනවාරි 1...

PSTA සහ POCA පනත් ගේන ඕනෑම මොහොතක අපි පාර්ලිමේන්තුව වටළනවා – වසන්ත මුදලිගේ

ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් උල්ලංඝනය කරන "ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කිරීමේ...

අද (30) දවසේ වැසි තත්වය

සටහන - රුවන් නෙළුගොල්ල අද (ඔක්තෝබර් 30) දිනයේදී බස්නාහිර සහ...

හෝමාගම තරුණයාගේ මරණය හුදෙකලා සිද්ධියක්. ශ්‍රී ලංකා පොලීසියට චෝදනා කිරීම වැරදියි – ඇමති ප්‍රසන්න

හෝමාගම පොලිස් ස්ථානය තුළ සිදුවූ පරදීමකින් සැකකරුවකු මියයාම හුදෙකලා...