විපක්ෂ නායක සජිත් මැතිවරණ කොමිසමෙන් කළ ඉල්ලීම!

Date:

රෂිකා හෙන්නායක පෙබරවාරි 18, කොළඹ (LNW):

අද (18) දින විපක්ෂය නියෝජනය කරන දේශපාලන පක්ෂ නියෝජිතයින් මැතිවරණ කොමිසන් සභාවේ නියෝජිතයින් හමුවීමට පැමිණි බව වාර්තා වේ, එහිදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් විපක්ෂ නායකවරයා පැවසූවේ, මාර්තු 21 වනදා පැවැත්වෙන අයවැය අවසාන ඡන්ද විමසීමෙන් පසුව මැතිවරණය කැඳවන්නැයි තමා මැතිවරණ කොමිසමෙන් ඉල්ලීමක් කළැ බවයි.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වැඩිදුරටත් කියා සිටියේ,

“විශේෂයෙන්ම අවධාරණය කළේ මේ අයවැය ක්‍රියාදාමය තුළ විපක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරුන් 66ක් සහ පක්ෂ රාශියක් ඇති බවත් ඒ කාලවකවානුව තුළදී ව්‍යවස්ථාදායකයේ කාර්ය භාරය ඉටුකරන්නට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ලෙස අපි බැඳිලා ඉන්නවා. මාර්තු 21න් පසුව මේ මැතිවරණ වැඩසටහනට යොමුවන්න කියන කාරණය මැතිවරණ කොමිසමට ඉදිරිපත් කළේ. මාර්තු 21 වනදාට අයවැය අවසාන ඡන්දය පාර්ලිමේන්තුවේ. ඒක අවසන් වුණ වාහාම මැතිවරණ ක්‍රියාවලිය ආරම්භ කරන්න. ඔන්න ඔය ඉල්ලීම ඉදිරිපත් කරන් අපි කොමිසමට පැමිණියේ.”   යනුවෙනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පොලිස් වෙඩි පහරින් සැකකරුවකු මරුට !

වැලිකන්ද ප්‍රදේශයේදී පොලිස් නිලධාරීන් පිරිසකට මන්නයකින් පහරදීමට තැත් කළ...

ජර්මානු චාන්සලර් ෆ්‍රෙඩ්රික් මර්ස් සමඟ අගමැති නරේන්ද්‍ර මෝදි සරුංගල් යවයි

සටහන: සශිකලා මධුෂාණි ජනවාරි 11: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): අගමැති නරේන්ද්‍ර මෝදි...

සමසෞඛ්‍ය විරෝධය යළි ඇරඹෙයි. මහ වැසි නොතකා උද්ඝෝෂණයේ! (PHOTOS)

කොළඹ LNW:සම සෞඛ්‍ය උපාධිය රැකගැනීම සඳහා ව්‍යාපාරය විසින් අද...

කමේනිට මරණය: ඇමරිකාව හා ඊශ්‍රායලය මැදිහත්වුවහොත් ඉරානය යුද්ධයකට සුදානම්

සටහන: සශිකලා මධුෂාණි ජනවාරි 11: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඉරානයේ දින ගණනක්...