රුවන්පුර අධිවේගී මාර්ගයේ වැඩකටයුතු නැවතත්…

රෂිකා හෙන්නායක නොවැම්බර් 17, කොළඹ LNW :

රුවන්පුර අධිවේගී මාර්ගයේ පළමු අදියර වන කහතුඩුව සිට ඉංගිරිය දක්වා වන මාර්ග කොටස කොන්ත්‍රාත් පැකේජ 11ක් යටතේ ක්‍රියාත්මක කිරීම

පද්ධති අන්තර්හුවමාරුව ඇතුළු රුවන්පුර අධිවේගී මාර්ගයේ පළමු අධිටර වන කහතුඩුව (කිලෝමීටර -1+820) සිට ඉංගිරිය (කිලෝමීටර 24+000) දක්වා වන මාර්ග කොටස ඉදිකිරීම පිණිස 2026-07-27 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී ඇත. කොන්ත්‍රාත් පැකේජ 11ක් යටතේ ක්‍රියාත්මක කිරීම සඳහා කොන්ත්‍රාත්කරුවන් තෝරා ගැනීම සඳහා ජාතික තරගකාරී ප්‍රසම්පාදන ක්‍රමය අනුගමනය කරමින් ලන්සු කැඳවා තිබේ.

ඒ සඳහා ලැබී ඇති ලංසු ඇගයීමෙන් අනතුරුව ඉහළ මට්ටමේ ප්‍රසම්පාදන කමිටුව විසින් ඉදිරිපත් කරනු ලබන නිර්දේශ මත පදනම්ව, සාරානුකූල ප්‍රතිචාරාත්මක ලංසුකරුවන්ට පහත සඳහන් පරිදි එකී කොන්ත්‍රාත්තු පිරිනැමීම පිණිස ප්‍රවාහන, මහාමාර්ග සහ නගර සංවර්ධන අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී:

අනු අංකයකොන්ත්‍රාත් පැකේජයනිර්දේශිත ලංසුකරුකොන්ත්‍රාත්තුවේ වටිනාකම (VAT රහිත)
01.1A – කිලෝමීටර -1+820 සිට කිලෝමීටර -0+100 දක්වා වන මාර්ග කොටසM/s International Construction Consortium (Pvt) Ltdරුපියල් බිලියන 34.94
02.1B – කිලෝමීටර -0+100 සිට කිලෝමීටර 2+200 දක්වා වන මාර්ග කොටසM/s NEM Construction (Pvt) Ltdරුපියල් බිලියන 24.30
03.1C – කිලෝමීටර 2+200 සිට කිලෝමීටර 4+760 දක්වා වන මාර්ග කොටසM/s RR Construction (Pvt) Ltdරුපියල් බිලියන 17.96
04.1D – කිලෝමීටර 4+760 සිට කිලෝමීටර 7+600 දක්වා වන මාර්ග කොටසM/s Edward and Christie (Pvt) Ltdරුපියල් බිලියන 16.15
05.1E – කිලෝමීටර 7+600 සිට කිලෝමීටර 9+500 දක්වා වන මාර්ග කොටසM/s Access Engineering PLCරුපියල් බිලියන 27.99
06.1F – කිලෝමීටර 9+500 සිට කිලෝමීටර 12+500 දක්වා වන මාර්ග කොටසM/s Tudawe Brothers (Pvt) Ltdරුපියල් බිලියන 18.48
07.1G – කිලෝමීටර 12+500 සිට කිලෝමීටර 15+200 දක්වා වන මාර්ග කොටසM/s Access Engineering PLCරුපියල් බිලියන 17.62
08.1H – කිලෝමීටර 15+200 සිට කිලෝමීටර 17+660 දක්වා වන මාර්ග කොටසM/s Maga Engineering (Pvt) Ltdරුපියල් බිලියන 16.98
09.1I – කිලෝමීටර 17+660 සිට කිලෝමීටර 19+440 දක්වා වන මාර්ග කොටසM/s Maga Engineering (Pvt) Ltdරුපියල් බිලියන 23.01
10.1J – කිලෝමීටර 19+440 සිට කිලෝමීටර 21+440 දක්වා වන මාර්ග කොටසM/s Senura – Sanken JVරුපියල් බිලියන 20.83
11.1K – කිලෝමීටර 21+440 සිට කිලෝමීටර 24+000 දක්වා වන මාර්ග කොටසM/s. K.D.A Weerasinghe & Co. (Pvt) Ltdරුපියල් බිලියන 33.11 (දෙවන පින්තූරයේ පහළ දකුණු කෙළවරේ සඳහන් වන පරිදි)

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පෙරමුණු හතරක සටනක් වූ “නසසප මුල මැද අග සහ මම”

නොවැම්බර් 17, කොළඹ LNW : "ශ්‍රී ලංකාවේ වාමාංශික දේශපාලනය" යන...

වායුගෝලයේ ගුණාත්මකභවයේ පහළ වැටීමක් – ආසාත්මිකතා ගැන අවධානයෙන් ඉන්න

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:දිවයිනේ ප්‍රදේශ රැසක වායුගෝලීය ගුණාත්මකභාවය පහළ ගොස්...

Jeffrey Epsteinගේ මරණය මිනීමැරුමක්ද?

රෂිකා හෙන්නායක නොවැම්බර් 17, කොළඹ LNW: ජෙෆ්රි එප්ස්ටීන්ගේ මරණය සියදිවි...

මිනුවන්ගොඩ, මාතර සහ වලපනේ සිදුවූ මරණ තුනක් සම්බන්ධයෙන් විමර්ශන!

රෂිකා හෙන්නායක නොවැම්බර් 17, කොළඹ LNW: මාතර සහ වලපනේ ප්‍රදේශවලදී...