*
Friday, May 17, 2024
spot_img

Latest Posts

දේශීය පුවත් විස්තරය: සාරාංශය 02/18

  1. ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය පහසුකම, ණය ප්‍රතිව්‍යූහගතකරණය සඳහා චීනයේ සහාය නොමැතිව ම ලබා දීමට එම අරමුදල සිතමින් සිටින බවට විදෙස් මාධ්‍ය වාර්තා පළවෙයි.
  2. භාණ්ඩාගාරය මුදල් නිකුත් කිරීමට අසමත් වන්නේ නම්, පළාත් පාලන මැතිවරණයට අවශ්‍ය ඡන්ද පත්‍රිකා මුද්‍රණය නොකරන බවට රජයේ මුද්‍රණාලයාධිපතිනිය පවසයි – පෙබරවාරි 22, 23, 24 සහ 28 පැවැත්වීමට තිබූ තැපැල් ඡන්ද ගණනය කල් යයි – අලුත් දින පසුව නිවේදනය කරනු ඇති බවට මැතිවරණ කොමිෂන් සභාව පවසයි.
  3. ලංකා විදුලිබල මණ්ඩලයේ යෝජනාව පරිදි විදුලි බිල වැඩි කිරීම සඳහා කැබිනට් මණ්ඩලය විසින් ලබා දුන් අනුමැතිය අභියෝගයට ලක්කරමින් ඉදිරිපත් කළ රිට් පෙත්සම අභියාචනාධිකරණය ප්‍රතික්ෂේප කරයි.
  4. ප්‍රසිද්ධ ව්‍යාපාරිකයකු වන දිනේෂ් ෂාෆ්ටර්ගේ මරණයට අදාළව නිකුත් කළ පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාවල පරස්පර විරෝධී කරුණු ඇතුළත් වන බැවින්, ඊට ආදළව වාර්තාවක් පිළියෙල කිරීම සඳහා අධිකරණ වෛද්‍යවරුන්ගෙන් සමන්විත පංච පුද්ගල විශේෂඥ කමිටුවක් පත් කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත්වරයා නියෝග කරයි.
  5. රසායනික පොහොර හා වල්නාශක හිඟය හේතුවෙන් තේ කර්මාන්තය මුහුණ දෙන දුෂ්කරතා හමුවේ, ඉකුත් වසරට සාපේක්ෂව 2023 ජනවාරිවන විට තේ අපනයන සියයට 9.4 කින් කි.ග්‍රෑ මිලියන 17.6 දක්වා පහත වැටී ඇත – කෙසේවෙතත්, රුපියලේ කඩා වැටීම මත, රුපියල් වලින් උපයන ලද ආදායම රු. බිලියන 17.7 දක්වා සියයට 96 කින් ඉහළ ගොස් ඇති අතර, අපනයන ආදායම ඉකුත් වර්ෂයේ පැවති ඇ.ඩො. මිලියන 91.9 ට සාපෙක්ෂව 2023 ජනවාරිවන විට ඇ.ඩො. 99.6 දක්වා ඉහළ ගොස් ඇත.
  6. ශ්‍රී ලංකාවේ ජාතික බලශක්ති පද්ධතිය ඉන්දියාවේ පද්ධතිය සමඟ සම්බන්ධ කිරීම හරහා කිසිදු අවදානමක් ඇති නොවන බව බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසයි.
  7. නොරොච්චෝලේ ලක්විජය ගල් අඟුරු බලාගාර සංකීරණයට ගල් අඟුරු මිලදී ගැනීම පිළිබඳ සොයා බැලීම සඳහා පත් කළ අමාත්‍ය අනුකමිටුවෙන් ඉකුත් දින විජේදාස රාජපක්ෂ සහ අලි සබ්‍රි යන අමාත්‍යවරුන් ඉල්ලා අස්වීම හරහා දූෂණයට එරෙහිව ක්‍රියාමාර්ග ගැනීමෙහි ලා ඔවුන්ගේ ඇති අසමත්භාවය හෙළිකරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සිට පසුව ස්වාධීන වූ පා.ම. මහාචාර්ය ජී.එල්. පීරිස් පවසයි.
  8. නව විදුලි ගාස්තුවලින් ඇතිවිය හැකි බලපෑම පිළිබඳ තමා දැඩි සේ සැලකිලිමත්වන බව ඒකාබද්ධ ඇඟළුම් සංගම් සංසදය පවසයි – විදුලි නියාමකය විසින් තවත් විදුලිය ගාස්තු සංශෝධනයක් අනුමත කිරීම හරහා දිවයින පුරා විශාල කම්පනයක් ව්‍යාප්ත කළ බව පවසයි – මෙලෙස විශාල වශයෙන් ගාස්තු ඉහළ දැමීම ආර්ථිකයේ සියලු ක්ෂේත්‍ර වෙත අහිතකර බලපෑමක් ඇතිකරනු ඇති බවට අනතුරු අඟවයි.
  9. පවතින ඖෂධ සහ වෛද්‍ය උපකරණ හිඟය හමුවේ ලද උපදෙස් මත වෛද්‍ය සැත්කම් අත්‍යාවශ්‍ය සැත්කම් හා අත්‍යාවශ්‍ය නොවන සැත්කම් ලෙස වර්ගීකරණය කරමින් සැත්කම් පැවැත්වීම කල් දැමීමට සෞඛ්‍ය අමාත්‍යංශය තීරණය කර තිබෙන්නේ ශල්‍ය වෛද්‍යවරුන් ඇතුළු ඊට අදාළ පාර්ශවයන් හට දැනුම් දීමකින් පවා තොරව බවට වෛද්‍ය වෘත්තිකයෝ චෝදනා කරති.
  10. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහනක් අනුව මහ බැංකුව විසින් තවදුරටත් මුදල් මුද්‍රණය සිදුකිරීම නතර කර දැමූ පසු, බදු ඉහළ දැමීම හෝ තවදුරටත් ණය ලබා ගැනීම යන විකල්ප දෙකින් එකක් තෝරා ගැනීමට රජයට සිදුවන බවට ආර්ථික විශේෂඥයෝ පෙන්වා දෙති – ඉදිරියටත් ණය ලබා ගැනීම නැමැති විකල්පය ඔස්සේ තවදුරටත් රටේ පොලී අනුපාත ඉහළ ගිය හැකි මුත්, බොහෝ විට රජයට තෝරා ගැනීමට සිදුවනු ඇත්තේ ද එම විකල්පය ම වනු ඇති බවට පුරෝකථනය කරති.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan