*
Thursday, May 2, 2024
spot_img

Latest Posts

මේ පාර කොහාටද ….?

දශක ගනනාවක් තිස්සේ සීයයට තුනක හෝ හතරක චන්ද ප්‍රතිශතයක් හිමිකරගනිමින් සිටි වාම දේශපාලන පක්ෂයකට වසර දෙකක් ඇතුලත හිටිගමන් සීයයට හතලිස් පහකට වැඩි චන්ද ප්‍රතිශතයක් ලබා ගෙන ආන්ඩුබලය හොබවන දේශපාලන බලවේගයක් බවට පත්වීමේ සම්බාවිතාවක් පවතීද ?

ඇත්තෙන්ම පවතී, නමුත් එය සිදුවිය හැක්කේ සාමාන්‍ය තත්වයක් යටතේ නොවේ. එය සිදුවිය හැක්කේ විශේෂ ආර්ථික දේශපාලන සන්ධර්බයක් යටතේ පමණි.

ඇත්තෙන්ම මේ ගතවෙමින් තිබෙන්නේ ඒ විශේෂ ආර්ථික දේශපාලන සන්ධර්බය පවතින මොහොතයි. කෝවිඩ් වසංගතය තුල රට තුල පිටපිට සිදුවූ දීර්ඝ කාලින අගුළු ලෑම් (ලොක්ඩවුන් ) හේතුකොටගෙන ආර්ථිකයේ අතිවූ ධරුණු හිරවීම ලංකාව වැනි දුර්වල ආර්ථිකයක් ඇති රටකට දරාගත නොහැකි වීම නිසා ඒ තුලින් මතුවූ ආර්ථික බංකොලොත් බව පෙර කී සුවිශේෂී සංධර්බයයි.

මෙවන් ආර්ථික අර්බූදයක් ඊළඟට දේශපාලන අර්බූදයක් බවටද පත්වීම මෙහිදී සාමාන්‍ය තත්වයකි. පසුගිය වර්ශයේ මුලදී නිරාවරණය වූ මේ ආර්ථික බිඳවැටීමේ අනිවාරනීය පළයක් ලෙස රට තුල ධරුණු දේශපාලන අස්තාවරත්වයක්ද නිර්මාණය උනි.

පාලක රෙජීමය විසින් කරන ලද මහා පරිමාණ දූෂණ වංචාවන්ද මේ ආර්ථික ඇදවැටීමට යම් දායකත්වයක් දෙන්නට ඇති නමුත් මේ ආර්ථික අර්බූදය ඇති වීමේ අති මූලික හේතුව වූයේ දීර්ඝ කාලයක් තිස්සේ දිගින් දිගටම වැඩිවෙමින් තිබූ ගෙවුම් ශේෂ අර්බුදයේ හිරවූ ලාංකීය ආර්ථිකය එක දිගට කොරෝනා අගුළු ලෑම් වලට හසුවීමෙන් ඇතිවූ සුවිශේෂී තත්වයයි. මෙවන් තත්වයක් තුල ජනතා විරෝධය කේන්ද්‍ර ගතවන්නේ කුමක් හෝ ඒ මොහොතේ පවතින ආන්ඩුවට එරෙහිවය. මෙයට හේතුව ආන්ඩුවට සියල්ල කල හැකිය සහ කල යුතුය යන නූගත් පොදු ජන සමාජ මනෝබාවයයි.

ලෝකයේ මෑතකාලීන ඉතිහාසයෙන් උදාහරණ ගත්විට මෙවන් ධරුණු ආර්ථික නාය යෑමක් පැවතුන රටවල්වල කිසිදු දේශපාලන ස්තාවර බාවයක් තිබුනේ නැත. මෙවන් තත්වයක් තුල පිහිටුවන අභිනව ආන්ඩු ස්වබාවිකවම අසාර්ථක වන අතර එකී ආන්ඩු වසර එකහමාරක් දෙකක් වැනි කාලයක් ඇතුලත අනිවාර්යයෙන්ම බිඳවැටෙයි.

මෙවන් පසුබිමක් තුල ගැඹුරු දේශපාලන ආර්ථික විද්‍යාවක් නොදන්නා පොදු ජනතාව එක එක දේශපාලන බලවේග වලට විටින්විට බලය ලබාදී අත් හදා බැලීම් කරයි. නමුත් මේ අත් හදා බැලීම් නරක ප්‍රතිපල මිස යහපත් ප්‍රතිපල නම් අත්කර දී නැත.

මේ මොහොතේ ග්‍රාම්‍ය පොදු ජන මනසට අනුව අර්බුධයට එකම හේතුව මෙතෙක් රාජ්‍ය පාලනය හෙබවූවන් තුල පැවැති මහා පරිමාණ වන්චා දූෂණයන්ය. ලාබ දේශපාලන ව්‍යාපෘතියක් ලෙස එකී මතය මහජනයා අතර පතුරවව්වේද විපක්ෂ කන්ඩායම් විසිනි. ඇත්තෙන්ම හොරකම, දූෂණය නතර කර වීමෙන් මේ ආර්ථික අර්බූදය විසදාගත හැකියැයි පැවසෙන ජනප්‍රිය දේශපාලන ප්‍රවාදය සත්‍යයක් නොවේ.

වන්චාව දූෂණය හොරකම වැනිදෑ යනු බිඳ වැටුන පසුගාමී ආර්ථික දේහයක් තුලින් නිරායාසයෙන්ම මතුවන දෙයකි.එසේ නොමැතිව නිරෝගී ආර්ථික දේහයක් තුලින් වන්චාව දූෂණය වැනිදෑ බිහිවීමේ ඉඩකඩ ඉතාම අල්පය. අර්බූදය නිර්මාණය වීමට බලපෑ ඇත්ත හේතුව රටට විදේශ විනිමය උපයන මාර්ග වල පැවති දුප්පත් කමය.

හැත්තෑ හතේ සිට මේ දක්වාම රට තුලට අවශ්‍ය කුදු මහත් දෑ ගෙන්වීමට අවශ්‍ය විනිමය සොච්චම හොයා ගත්තේ මැදපෙරදිගට පැටවූ වහල් ගෘහ ශ්‍රමය හරහා සහ කාන්තා ඇඟළුම් ශ්‍රමය හරහාය. වතුකරයේ අන්ත දුඛ්කිත ජීවිත ගතකරන වතුකම්කරුවන් හරහා ඉතිරි විනිමය සොච්චම සොයා ගැනුනි. එසේම මේ උපයන විනිමය සොච්චම මෙන් තුන් ගුණයක විනිමය ප්‍රමාණයක් ගිල දමන පරපුටු රාජ්‍ය නිලධාරී තන්ත්‍රයක් දශක ගානක් තිස්සේ නඩත්තු කිරීම මේ ආර්ථික නාය යෑමට අනික් පැත්තෙන් හේතුවන්නට ඇත.

උදාහරණයක් ලෙස විශේෂඥ්ඥ වෛද්‍ය වරු යනු රජයෙන් ලබන වැටුප් හරහා සහ පෞත්ගලික චැනල් සේවාව හරහා විශාල රුපියල් ප්‍රමාණයක් උපයන්නෝය. ඒ මිස ඔවුන් තඹේක විදේශ විනිමයක් උපයන්නෝ නොවෙති. නමුත් ඔවුන්ගේ පරිබෝජනය සඳහා අවශ්‍ය B.M.W. රථයක් හෝ බෙන්ස් රථයක් මෙරටට ගෙන්වා ගැනීම සඳහා අවශ්‍ය විදෙශ විනිමය ටික ඉපැයීමට මැදපෙරදිග ගෘහ වහල් සේවයේ නියැලෙන අසරණ කාන්තාවක් වසර තුනහමාරක් පමණ කාන්තාර දේශයේ දාහය වැගිරවිය යුතුය.බෙන්ස් රථ පමණක් නොව මේ අධිපති නිලධාරී තන්ත්‍රය පරිබෝජනය කරන ලක්ෂරි සෑම සියළු දේම මෙරටට ගෙන්වීමට විශාල විදේශ විනිමය ප්‍රමාණයක් වැයවේ.

ඒ අනුව ඩොලර් ගිල දමන නමුත් කිසිදු විදේශ විනිමය ඉපයීමකට දායක නොවන මේ වෛද්‍ය නිලධාරී තන්ත්‍රය බඳුම වූ විදුලිබල ඉංජිනේරු, ජලසම්පාදන ඉංජිනේරු සහ රේගු නිලධාරීන් වැනි විශාල නිලධාරී තන්ත්‍රයන් නඩත්තු කිරීමට සමස්ථ ආර්ථිකයට විශාල විනිමය පිරිවැයක් දැරීමට සිදුව ඇත. (තවත් පැත්තකින් රාජ්‍ය සේවයේ අතිරික්ත සේවක සංක්‍යාව මිලියනයක් පමණවේ. ඔවුන්ගෙන් පළදායී සේවයක් සිදු නොවුවද ඔවුන්ගේ වැටුප්, විශ්‍රාම වැටුප් බර පැටවී ඇත්තේ රටේ කඩාවැටුන අබලන් ආර්ථිකය මතය.)

අර්බූදය ඇත්තේ එතැනය, නමුත් නූගත් සමාජය විසින් මේ ඇදවැටුන ආර්තිකයේ කෑලිගලවා වරප්‍රසාද ලබන නිලධාරී තන්ත්‍රය අබියෝගයට ලක්කරන්නේ නැති අතර දැන් මේ සුපිරි වෘතිකයන්ද සොරකමට දූෂණයට එරෙහි ජනප්‍රිය අරගලයේ ක්‍රියාකාරීන් වී සිටී.

නමුත් මේ කිසිවක් ගැන ගැඹුරු අවබෝධයක් නැති පොදු ජනයා අතර මේ මොහොතේ රජයන මනෝබාවය වන්නේ තමන් අර්බූදයට ඇද දැමූ පාලකයන්ට එරෙහි බුර බුරා නැගෙන වෛරයයි. එහිදී මේ චෞර පාලකයන්ට දඬුවම් දීමට පොරොන්දු වන ප්‍රබලම දඬුවම් දෙන්නා පසුපස ජනයා රොඳ බැඳ ගනී … මේ සිදුවන්නේ එයයි.

හොරා කෑ පාලකයන් දඟ ගෙට යවා හොරකම සීයට සීයක්ම නතර කර හොරා කෑ මුදල් නැවත පවරාගෙන රට ගොඩ නැගීම යනු මේ මොහොතේ නැගලා යන ජනප්‍රිය මිත්‍යාව වේ. නමුත් මේ එළඹී ඇත්තේ ඒ ජනප්‍රිය මිත්‍යාව මතවාදීව පරාජය කරන මොහොත නොවේ. මන්ද දැන් එය පරාජය කල නොහැකි තරම් ප්‍රබලය…. දැන් එහි සත්‍ය අසත්‍ය තාවය ඔප්පු වීමට නම් එය උරගා බැලීමට ඉඩ දිය යුතුමය.

~ ප්‍රියශාන්ත රාජපක්ෂ

RN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan