BREAKING: උතුරු කොරියාවේ මිසයිල සන්දර්ශන නැවතත්; දකුණු කොරියාවට මිසයිල එල්ලකළ බවට චෝදනා!

North Korean leader Kim Jong Un reacts as he watches sport games in Pyongyang, North Korea, in this photo released on February 17, 2023 by North Korea's Korean Central News Agency (KCNA). KCNA via REUTERS ATTENTION EDITORS - THIS IMAGE WAS PROVIDED BY A THIRD PARTY. REUTERS IS UNABLE TO INDEPENDENTLY VERIFY THIS IMAGE. NO THIRD PARTY SALES. SOUTH KOREA OUT. NO COMMERCIAL OR EDITORIAL SALES IN SOUTH KOREA.


උතුරු කොරියාව විසින් සිය නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුද දෙසට මීට සුළු මොහොතකට පෙර බැලස්ටික් මිසයිලයක් එල්ල කළ බව දකුණු කොරියාවේ ඒකාබද්ධ මාණ්ඩලික ප්‍රධානී විසින් නිවේදනය කර තිබේ.

ජපානයේ වෙරළාරක්ෂක බළකාය විසින්ද උතුරු කොරියාව විසින් බැලස්ටික් මිසයිලයක් දියත් කළ බවට තහවුරු කර ඇත.

ලබන සතියේ ඇමරිකා එක්සත් ජනපදය හා දකුණු කොරියාව අතර ඒකාබද්ධ යුධ පුහුණු පැවැත්වීමට සූදානම් බව දකුණු කොරියානු විදේශ අමාත්‍යවරයා විසින් ඊයේ(17)දිනයේදී වේදනය කිරීමෙන් අනතුරුව උතුරු කොරියාව ඒ වෙනුවෙන් දැඩි ක්‍රියාමාර්ග ගන්නා බවට නිවේදනය කර දිනක් ගතවූ පසු මෙම මිසයිල දියත් කිරීම සිදුකර ඇත.

සශිකලා මධුෂාණී_