‘හෙට පිබිදෙන ලොවට’ නෙළුම් යාය සමාජ සත්කාරක වැඩසටහන

Date:

ශ්‍රී ලංකාවේ අඩු ආදායම්ලාභීන් විශාල ප්‍රතිශතයක් වෙසෙන ඌව පළාතේ, බදුල්ල දිස්ත්‍රික්කයේ, පිහිටි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයන් වන මහියංගනය හා රිදීමාලියද්ද යන අධ්‍යාපන කලාපයට අයත් පාසල් 84ක් (නෙළුම් යාය 84 පර්ෂධය) අරඹයා නෙළුම් යාය මෙවර සමාජ සත්කාරක වැඩසටහන හරහා පාසල් සපත්තු ලබාදීම සිදු කරනු ලබයි.

ඒ අනුව නෙළුම් යාය පදනම හා සමාජ සත්කාරක වැඩසටහනෙහි නිර්මාතෘතුමන්ගේ ජන්ම දිනය වෙනුවෙන් අප අද දින මහියංගන කලාපයේ සේරණ ප්‍රාථමික විද්‍යාලය, සේනානිගම ප්‍රාථමික විද්‍යාලය, සිද්ධාර්ථ ප්‍රාථමික විද්‍යාලය, මහියංගනය ජාතික පාසල හා දම්බරාව විද්‍යාලය යන පාසල්වල අධ්‍යාපනය ලබන ආර්ථික අපහසුතා සහිත හඳුනාගත් දරුවන් 25 දෙනෙකු වෙනුවෙන් රු.103,715 වටිනාකමකින් යුත් පාසල් සපත්තු ලබා දෙන ලදි.

මෙහි පළමු අදියර අප මීට පෙර ක්‍රියාත්මක කළ අතර, මහියංගනය සොර බොර ජනපදයේ භද්දත්තාව දිවිතීක පාසල මහියංගනය ජාතික පාසල අරාවත්ත කණිෂ්ඨ විද්‍යාලය යන පාසල්වන විදුහල්පතිවරුන් හරහා හඳුනාගනු ලැබූ ඉගනීමට දක්ෂ ආර්ථික අපහසුතා සහිත දරුවන් 10 දෙනෙකු වෙනුවෙන් පාසල් සපත්තු ලබා දුනෙමු.

අද මෙන්ම හෙටත් අප අපේ දරුවන් වෙනුවෙන් සරණක් අවැසි තැන සරණක් වන්නෙමු.

ඉදින්; ඔබටත් අපගේ සමාජ සත්කාරක වැඩසටහන් හා එක්විය හැකිය. එවිට ඔබටද ඔවුන්ගේ සතුටු මුහුණු අපට මෙන් ම දැකගත හැකිවනු ඇත.

අද මෙන්ම හෙටත් අප ඔවුන්ට දෝත පුරා ආදරය අරන් යන්නෙමු.!

නෙළුම් යාය සමාජ සත්කාරක වැඩසටහන 0114 342 646 [email protected]

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

භාෂිගේ ප්‍රතිශතය සියයට 98

නිශ්මං රණසිංහ ජුනි 29, කොළඹ LNW: ඉන්දියාවට එරෙහිව අද ශ්‍රී...

කතරගම පඬුරුවලින් රෝහල් හදන බස්නායක නිලමේ

රුහුණු රටේ තෙද නාමය ලොවම සුපතල කළ ‘රුහුණු මහා...

ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ ස්නායු රෝග අංශය වසා දමයි !

ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ ස්නායු රෝග වාට්ටුව (Neurosurgical ward )...

ඇමරිකාවේ මැගා පප්පලා, නිල් සොම්බිලා සහ සෝරාන් මම්දානිගේ ආගමනය 

ඇමරිකාවේ මැගා පප්පලා, නිල් සොම්බිලා සහ සෝරාන් මම්දානිගේ ආගමනය