*
Friday, May 17, 2024
spot_img

Latest Posts

පළඟ සුරතාවය ගුවනට එසැවෙයි

නිපොන් ජාතික රගර් ලිග් සූරතාවයේ පළඟ සූරතාවය දිනා ගන්නට ශ්‍රී ලංකා ගුවන් හමුදා කණ්ඩායම සමත් වුණා.පොලිස් ක්‍රීඩාංගණයේදී පොලිසියට එරෙහිව මේ සූරතාවය අත් කර ගන්නට සමත් වූ මේ තරගයේ දෙපිළටම විශාල ලකුණු කරා යන්නට අවස්ථාව හිමි වුණේ නැහැ.ඒ නිසා තරගයේ අවස් ප්‍රතිපලය ලකුණු 11 – 05 ක් සේ දිස් වුණා.



ඉකුත් වසරේ සිට දක්ෂතාවල ප්‍රගතියක් දකින්නට තිබෙන ගුවන් හමුදා කණ්ඩායම මෙවර පළඟ සූරතාවය සඳහා අවසන් තරගයට පිවිසෙන විට ප්‍රතිවාදී කණ්ඩායම සේ පොලිසීය ඉදිරියට පැමිණියේ ද තරගාවලියේ මුල් තරගවල දක්නට ලැබුණ දුර්වලතා කෙමෙන් මඟ හරිමින් වීම නිසා තරගය ආරම්භය වන විට අනාවැකි කියන්නට බැරි තරමට තරගයේ ජයග්‍රහණය වීවෘතව තිබුණා.

දෙපිළම ප්‍රතිවාදී ලකුණු ආවරණය සඳහා සිය ආරක්ෂක පෙළ ශක්තිමත්ව මේ සඳහා යොඳවා තිබුණා.හොඳ ශරීර යෝග්‍යතාවයක් සහිතව දරා ගැනිමෙන් සම මට්ටමක් පෙන් වූ කණ්ඩායම් දෙකෙන් අවසාන මොහොතේ වැඩි ශක්තියසහ ශරීර යෝග්‍යතාවය තමන් අත ඇති බව පෙන්වන්නට ගුවන් හමුදා කණ්ඩායම සමත් වුණා.
තරගයේ පළමු අර්ධය ගෙවී ගියේ ගුවන් හමුදාව ලකුණු 3 – 0 ක් ලෙස ඉදරියෙන් සිටිමින්.එම ලකුණු 3 තරගාවලියේ ලකුණු යන්තරයක් බවට පත් වි සිටින ඉකුත් සතියේ ද වැඩිම ලකුණුලාභියා වූ නුවන් පෙරේරා වෙතින් වාර්තා වුණා.එම ලකුණු 3 සඳහා පාදක වූ නිදහස් පහරට පළමු අර්ධයෙන් පසුව තවත් නිදහස් පහරක් එකතු කළ නුවන් ගුවන් හමුදාව ලකුණු 6 – 0 ක් සේ ඉදිරියට ගෙන ගිය අතර තරගයේ රාමදාස් රුමේෂ් 50 වන විනාඩියේදී එම ලකුණු 6 සඳහා උත්සාහක දිණුමකින් තවත් ලකුණු 5 ක් එකතු කරා.

තරගයේ හැට වන මිනිත්තුව දක්වාම ලකුණු පූවරුව වෙනසක් නොවි පැවතුණා.60 වන මිනිත්තුවේ දී පොලිසියට උත්සාහක දිණුමකින් ඔවුන් ලද මුළු ලකුණු 5 ලබා දෙන්නට සමත් වුණේ හේෂාන් තිලකරත්නයි. 11 – 5 ක් සේ ගුවන් හමුදාවේ ජය තීරණය වූ මේ සටනේ දී ගුවන් හමුදා නායක ඉෂාර මධුශාන් අත පළඟ සූරතාවය රඳවන්නට ගුවන් හමුදා වේ රග්බි සභාපතිවරයා වන සුභාෂ් ජයතිලක ද එක් ව සිටියා.එමෙන්ම දැවන්ත අනුග්‍රාහක සෙනෙහසක් ශ්‍රී ලංකා රග්බි වෙනුවෙන් ප්‍රදානය කරන නේමන්ත අබේසිංහ මෙන්ම බොහෝ බාධක අවහිර දර ගෙන මැඩ ගෙන ශ්‍රී ලංකා අලුත් මෙන්ම සාර්ථක දිශානතියක රඳවන්න වෙහෙසෙන සභාපති රිස්ලි ඉල්ලියාස් ද ඒ මොහොතට එක්ව සිටියා.

නිෂ්මන් රණසිංහ

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan