*
Friday, May 17, 2024
spot_img

Latest Posts

වසන්තය තවත් ඉදිරියට ඇත

විතානගේ වසන්ත කුමාර…
සමාජ මාධ්‍ය ජාලාවල ඔහු ජාත්‍යන්තර බොක්ෂිං තාක්ෂණික නිලධාරියෙක් වීම සම්බන්ධයෙන් ලොකු ප්‍රශංසාවක්,සුබ පැතීමක් දිග හැරෙනවා දකින්න ලැබුණා.ඊට හේතු ගණනාවක් තියෙනවා.කාලයක් රත්නපුර සීවලා මධ්‍ය විද්‍යාලය ශ්‍රී ලංකාවෙ බොක්සිං පාසල විදිහට නාමකරණය වෙන්න බලපෑවේ ප්‍රධාන වශයෙන්ම වසන්ත කුමාර.

වෙන්නප්පුව ජෝෂප් වාස් විද්‍යාලයෙ ඉදලා වසන්ත රත්නපුර සීවලියට එන්නෙ ඉගෙන ගන්න.නමුත් ඔහු පාසලට හිස් අතින් ආපු මනුස්සෙක් නෙමෙයි කියන කාරණය එවකට විදුහල්පතිව සිටිය ඩබ්ලිව් එම් ගුණතිලක මහතා හඳුනා ගන්නවා.බොක්සිං ක්‍රීඩකයෙක් හැටියට පාසල් මටිටමේ දක්ෂතා දක්වා තිබුණ මේ ගැටවරයා සතුව ක්‍රීඩකයා ඉක්මවා යන්න මඟ පෙන්වන්නෙක් සිටින බව සහ පුහුණුකරුවෙක්ට අවශ්‍යය මෙහෙයවීමේ නායකත්ව ගුණාංග සමඟ නිර්මාණශීලිවීම වසන්තගෙන් දකින නිසා ගුණතිලක විදුහල්පතිවරයා ට සීවලි විද්‍යාල බොක්සිං කණ්ඩායම පුහුණුකිරීමට ඉඩ දෙනවා.1995 දි ගත්ත මේ තීරණය අවුරුද්දක් විතර යද්දි මල්පල ගැන්වෙනවා.සිවලිය ශ්‍රී ලංකාවේ බොක්සිංවලට පැටළුණ නමක් වෙනවා.



ඒ ඉතිහාසය එක්ක ගත්තම ජාත්‍යන්තර මට්ටමේ ජයග්‍රහණය ලබපු බොක්සිං ක්‍රීඩකයො,පුහුණුකරුවො,විනිසුරුවො පමණක් නෙමෙයි ශ්‍රී ලංකා බොක්සිං සංගමයේ ලේකම් ධූරයටද පත්ව,වසන්තටත් ඉස්සෙල්ලා ජාත්‍යන්තර බොක්සිං තාක්ෂණික නිලධාරි විභාගය සමත් වූ ගයාන් ධණංජය ත් සීවලියෙ වසන්තගෙන් බොක්සිං අ යන්න කියවපු කෙනෙක්.ඒ සිවලි බොක්සිං වසන්තය හැටියට ගත හැකි බොහෝ පල දැරුව ගසේ මුදුන් මුල වසන්ත වීම නිසා ඒ විදිහට සමාජ ජාල එස්සේ පරම්පරා ගාණක ආශිර්වාදය වසන්තට එන්න ඇති.


කොළඹ විශ්ව විද්‍යාලයේ කලා උපාධිධාරියෙක් වෙන වසන්ත ඊට පස්සෙ මාස් ආයතනයට සම්බන්ධ වෙලා මාස් කණ්ඩායමේ බොක්සිං පුහුණුකරුවෙක් ද වෙනවා.ඒ නිසා ඔහු යටතෙ බොහෝ ජාත්‍යන්තර අවධානය දිනා ගත් ක්‍රීඩක ක්‍රීඩිකාවන් පුහුණු වෙන අතර ජාතික බොක්සිං පුහුණුකරු විදිහට අවස්ථා ගණනාවක්ම කටයුතු කරන්නත් වසන්තට අවස්ථාව ලැබෙනවා.එපමණක් නොවෙයි ශ්‍රී ලංකාවේම ආශිර්වාදය ලබා ගෙන 2008 දි අනුරුද්ධ රත්නායක බීජීං ඔලිම්පික් තරගාවලියට සහභාගි වෙද්දිත් වසන්ත කුමාර තමයි ඔලිම්පික් නියෝජනය කරපු බොක්සිං ක්‍රීඩකයගෙ පුහුණුකරු.මේ හැකියාව නිසාම වසන්ත පුහුණුකරුවෙක් හැටියට ජාත්‍යන්තර වශයෙන් ලැබිය හැකි ඉහළම සුදුසුකම ලබපු තරු තුණේ පුහුණුකරුවෙක්.

ටි.බී.ඡායා ,ස්ටබ්ස් වැනි සූරතාවලින් සිය ක්‍රීඩක ගමණ ඉක්මණින් අවසන් කරන වසන්ත තමන්ගෙ බර පංතියෙ අනු සූරත්වයෙන් එහාට නොගිය ක්‍රීඩකයෙක්.හැබැයි බර පංති බොහෝ ප්‍රමාණයක ජාතික සූරයො හදපු පුහුණුකරුවෙක්.ඩබ්ලිව්.එම් ගුණතිලක එදා දුටුව සිසු පුහුණුකරු සිය ජිවිතය බොක්සිංවලින් ලියන්න ගත්තෙ පුහුණුකරුවෙක් විදිහට.ක්‍රීඩාවේ පළල් සංස්කෘතියක් නැති අපේ පොළවෙ ක්‍රීඩා කිරීම පුහුණුකිරිමේ සුදුසුකම වෙද්දි,පුහුණුකරු ඉව වෘත්තීය මට්ටමෙන් දැණුමෙන් සහ ප්‍රායෝගික භාවිතයෙන් හොඳටම අල්ලගත්ත වසන්ත වෙනස් විදිහෙ බොක්සිං නියෝජනයක්.
උදාහරණයකට ගන්න අවුරුදු 24 දි ක්‍රීඩිකාවක් වෙනවා වෙනුවට ක්‍රිකට් විනිසුරුවරියක් වූ ඇනා හැරිස් අද එංගලන්තයේ පමණක් නොවේ ලෝකයම දන්න විනිසුරුවරියක්.ඒක වාත්තීමය හැදෑරිමක ප්‍රතිපලයක්.ලංකවෙ ක්‍රීඩාවට අදාළ පොළව එච්චර පොහොසත් නැහැ.වසන්ත ගැන හොයද්දි කෙනෙක්ට අනුව ඔහු ජාතික සූරයෙක් නෙමෙයි.ඒ නිසා ඔහු ජාතික පුහුණුකරුවෙක් වීම ප්‍රශ්නයක්.

ජාතික සූරයො වෙච්චි ක්‍රීඩකයො කිහිප දෙනෙක්ම පුහුණු කරපු ක්‍රීඩකයො වසන්ත යටතෙ පුහුණුව ලබපු ක්‍රිඩකයින් සහ ක්‍රිඩිකාවන් අතින් පරාජය වුණ මොහොතක තර්කයක් හැටියට වසන්තව විවේචනය කරන්න එහෙම කතාවක් දමලා ගහනවා.ඒ මොහොතට අදාළ හොඳම පුහුණුකරුවා…
ඒ අපේ ක්‍රීඩා සංස්කෘතියේ හැටි.ක්‍රිකට් ගත්තත් සමහර විට ජාතික කණ්ඩායමට නෙමෙයි මුල්පෙළේ තරගවලත් හොඳට දස්කම් නොදක්වපු කෙනෙක් හොඳම පුහුණුකරුවෙක් වෙන්න පුළුවන්.ඒ තමයි ඔහුට හෝ ඇයට අදාළ ක්‍රීඩිකාවේ හොඳින්ම කළ හැකි දේ.

වසන්ත ඊට පසුව පුහුණුකරු තනතුරෙන් විනිසුරු තනතුරුවලට පරිපාලනයට පෞද්ගලික ජීවිතයේ වෙනත් කඩඉම්වලට පය තබනවා.ඒ කඩඉම් ඔස්සේ වසන්තගේ පය තැබීම් සළකද්දි අද වන විට ඔහු සෑහෙන මට්ටමක සාර්ථක ව්‍යාපාරිකයෙක්.ඒ වගෙම ජාත්‍යන්තර සබඳතා සහිත සංචාරක කේෂත්‍රයේ සම්බන්ධකම් සහිත ව්‍යාපාරිකයෙක්.බොක්සි පරිපාලනයේ උප සභාපතිවරයෙක් වගෙම අද වන විට අනාගතය දකින සහ නඟන සැළසුමක් වෙනුවෙන් පාසල් බොක්සිං සංගමයත් එක්ක ජාතික බොක්සිං සංගමයත් එක්ක කටයුතු කරන සැළසුම් හදන පුද්ගලයත් වසන්තයි.
ඒ වගෙම මුත්තයියා මුරලිදරන් නමින් සිය නිවස ආසන්නයේම ක්‍රීඩා පිටියක් සකස් කර,එයට මුරලිගේ පියා ප්‍රමුඛ ප්‍රදේශයේ ප්‍රභූ සහය ලබාගෙන වන රොදක සිඳුවන කටුක සිඳුවීම් සොඳුරු සුවතා මනසකට සහ සිරුරකට පරිවර්ථනය කරන්න පුළුවන් බිමක් බවට පරිවර්ථනය කළ පුද්ගලයා ද ඔහුයි.
එතැනින් ඉනික්බිති ඔහු අයිටිඕ නැතිනම් ජාත්‍යන්තර තාක්ෂණික නිලධාරි පත්වීම ලැබීම සම්බන්ධයෙන් ඇති පසුබිම කුමක්ද?ලංකාවේ මේ වන විටත් හේමන්ත වීරසිංහ,ඉන්ද්‍රසේන රූපසිංහ සහ ඕබ්‍රි පීරිස් වැන්නන් මේ සුදුසුකම සපුරා ඇත.ධනංජය මේ වන විට රට හැර ගොස් ය.

සාමාන්‍යයෙන් තාක්ෂණික නියෝජිත හැටියට තරගාවලියක ඉහළින්ම නම් කරන තනතුරෙන් පසුව වගකිම් පැවරෙන්නේ ජාත්‍යන්තර තාක්ෂණික නිලධාරියාට ය.මේ මොහොතේ ලෝකයේ එම තනතුර පමණක් නොව විනිසුරු සහ තරග කළමණාකාරීත්වයේ බොහෝ තනතුරු ප්‍රශ්නකාරීය.2016 බ්‍රසීලයේ පැවති ඔලිම්පික් උළෙලේ සිට මේ තත්ත්වය පැන නැඟී ඇත.ජාත්‍යන්තර බොක්සිං සම්මේලනය සම්බන්ධයෙන් ඔලිම්පික් උළෙල වැනි අවස්ථාවල එම කාර්යයන්ට මැදිහත් වෙන්න හෝ නොදී 2020 ටෝකියෝ ඔලිම්පික් උළෙලේ දී ක්‍රියා කරේ එබැවින්ය.

තරගවලදී විනිසුරුවන් තෙරීම,ඔවුන් තරගය තුළම අධික්ෂණය.ජූරිය අධීක්ෂණය වැනි කරන්නේ ජාත්‍යන්තර තාක්ෂණික නිලධාරීන්ය.මෙවැනි වගකීමකදි සමහර විට රටවල අභ්‍යන්තර දේශපාලනික තත්ත්වයන් පවා අවධානයට ලක් කළ යුතුය.ඒ නිසා යම් විරෝධතා නිසා ක්‍රීඩකයින්ගේ දක්ෂතාවලට ගැටළු ඇති විය හැකිය.2006 දී ඒ ආකාරයට නිලධාරි පිනවිමේ වැඩ සටහනක් නිසා ශ්‍රී ලංකාවේ පැවති දකුණු ආසියාතික ක්‍රීඩා උළෙලේ දී ඉන්දියානු ක්‍රීඩකයින්ට ලැබුණ වාසිදායක තීන්දු නිසා අනෙකුත් රටවල ක්‍රීඩකයින්ට විශාල අසාධාරණකම් ඇති විය.
මේ කරුණු නිසා මෙවර විභාගයට ඉදිරිපත් වූ අඩකට වඩා පිරිසක් අසමත් විය.සිටින ජාත්‍යන්තර තාක්ෂණික නිලධාරීන්ට අලුතෙන් එකතු වන පිරිස පුළුල්ව ලෝකය දැකිය හැකි දක්ෂතාවය නොවන කිසිවක් තමන්ගේ තීන්දුවලදී යොදා නොගන්නා පිරිසක් කිරීම වැදගත්ය.ඒ නිසා තෙයාකාරයකින් සිඳු වූ විභාගයේ සමර්ථය සියයට 80 ක් පමණ වීම වැදගත් වූ බැවින් තුන් විදිහටම සූදානම්ව නිවැරදිම දේ කරන්නට වසන්තට සිඳු විය.මේ තත්ත්වය නිර්මාණය වි තිබෙන්නේ ජාත්‍යන්තර බොක්සිං සම්මේලන ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවේ සැකයට සහ උදහසට භාජනය වී සිටින නිසයි.මේ වපසරිය ඇතුළේ මේ වන විට බිදි ගිය විශ්වාසය දිනා ගැනීමටත්,සාධාරණත්වයේ පෞරුෂය වරධනය කර ගැනිමට ජාත්‍යන්තර බොක්සිං සම්මේලනය විහාල වශයෙන් අලුත් සහ නිවැරදි වූත්,බොක්සි ගැන ඉහළ දැණුම මෙන්ම ජාත්‍යන්තර සමාජ දේශපාලනික කාරනා ගැන දැණුම සහ අවබෝධයෙන් පසුවන ජීවන දර්ශනය යම් ආකාරයක ජාත්‍යන්තරික වූ පිරිස් ගැන වැඩි අවධානයක් යොමු කිරිම නිසා යම් සමත් විය යුතු කඩඉමක් ඉක්මවා යාමට වෙනදාට වඩා දුෂ්කර තත්ත්වයක් ඇති වී තිබෙනවා.

ඒ අනුව ඉතාම සිමිත පිරිසක් රටේ පමණක් නොව ආසියාවේම සිටින ජාත්‍යන්තර තාක්ෂණික නිලධාරි තනතුරට එකතු වූ අලුත්ම චරිතය වන්නේ වසන්ත කුමාර ය.ඔහු වසර 25 ට වැඩි කාලයක් බොක්සිං සමාජය තුළ විවිධ භූමිකාවන් හී ලද ප්‍රශංසා සහගත දක්ෂතා හේතුවෙන් ඔහුට සුබ පතන්නන් හිසේ කෙස් ගණනට සිටිම පුදුමයට කරුණක් නොවේය.එසේම පිරිසක් ව්‍යාපාර කේෂත්‍රයෙන්ද එකතු කර ගන්නට හැකිය.එි හිස් ගෙඩි ගණන පමණක් සැළකුණ ඉඩක මෙින් මේ සටහන ගැනීම අපේ වෑයමය.
මේ මොහොතේ වසන්තගේ ඇගයීම සිදුවන්නේ ඔහු ඒ සඳහා ඉදිරිපත් වන මොහොත වන විට ලෝකයේ බොක්සිං තත්ත්වය සහ ඔහු තමන් බොක්සිං තුළ නියෝජනය කළ විවිධ වගකීම්වලදී ඒවා ඉහළම ප්‍රමිතියෙන් හමාර කර තිබීමය. ඒ වගකීම දක්වා ඔහු පැමිණි ගමණද වැදගත්ය.බොක්සිංවලට අදාළ සියලු තැන් ඔහු ස්පර්ශ කර ඇත.ඒවායේ දි සාර්ථක ප්‍රතිපල දිනා ගෙන ඇත.ඒ නිසා සකලවිධ බොක්සිං භාවිතාවන්හී මතක සහ ජයග්‍රහණ ඇති තව බොහෝ දුර යන්නට වයසෙන් කාලය ඇති වසන්ත වසන්තයක් වන්නේ මේ මොහොතට පමණක් නොවේය.එයට තව දිග හැරෙන්නට සුවඳවත් දිගු කාලයක් ඇත…

ඒ නිසා ඉදිරියේදී ලියන්නට තව බොහෝ අලුත් පිටු ඔහු වෙනුවෙන් බලා සිටින බව කියමින් ශ්‍රී ලංකාව ජාත්‍යන්තරයට ගෙන යන්නට අලුතින් හැඳුණ මාවතේ තවත් ජය සටහන් සාර්ථකව හැක තබන්නට හැකිවේවා යනුවෙන් අපි සුබ පතමු.



නිෂ්මන් රණසිංහ

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan