හෝමාගම පොලීසියේ Crime OIC රජිත ගුරුසිංහට මිනීමැරුම් චෝදනා යටතේ නඩු ගොනුකරයි

සටහන – රුවන් නෙළුගොල්ල

හෝමාගම පොලිස් ස්ථානයේ අපරාධ අංශයේ හිටපු ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක රජිත ගුරුසිංහට මිනීමැරුම් චෝදනා යටතේ නඩු ගොනුකිරීමට පොලීසිය ඊයේ (12) පියවර ගෙන තිබේ.

ඒ, හෝමාගම පොලීසිය විසින් අත් අඩංගුවට ගෙන සිටි ඉෂාර හර්ෂ කුමාර නමැති තරුණයකුට පොලිස් ස්ථානය තුළදී පහරදී ඝාතනය කිරීම සම්බන්ධයෙනි.

සැකකාර පොලිස් නිලධාරියාව ලබන 26 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කිරීමට හෝමාගම මහේස්ත්‍රාත් රජීන්ද්‍රා ජයසූරිය ඊයේ නියම කළ අතර ඔහු මානසික වෛද්‍යවරයකු වෙත යොමුකර වාර්තාවක් ලබාගැනීමට පොලීසිය කළ ඉල්ලීමට ද මහේස්ත්‍රාත්වරිය අනුමැතිය ලබාදී ඇත.

මියගිය තරුණයා සමග අත් අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටි මදූ නමැති සාක්ෂිකරු ද ඊයේ දිනයේදී පළමුවරට අධිකරණයට ඉදිරිපත් කෙරුණු අතර එහිදී හඳුනාගැනීමේ පෙරෙට්ටුවකට ඉදිරිපත් කර සිටි උප පොලිස් පරීක්ෂක රජිත ගුරුසිංහව හඳුනාගැනීමට ද ඔහු සමත්ව ඇති බවත් සඳහන්.

කිරිවත්තුඩුව ප්‍රදේශයේ පදිංචිව සිටි ඉෂාර හර්ෂ කුමාර නමැති 29 හැවිරිදි දෙදරු පියෙකු වූ තරුණයාව මත්ද්‍රව්‍ය චෝදනාවක් මත පොලීසිය විසින් ඔක්තෝබර් 24 වනදා අත් අඩංගුවට ගෙන තිබුණු අතර ඔහු ඔක්තෝබර් 25 වනදා රෝහල්ගත කරනවිට මියගොස් සිටියේය. සැකකාර උප පොලිස් පරීක්ෂක රජිත ගුරුසිංහ විසින් එම තරුණයාට අමානුෂික ලෙස පහරදී ඔහුව ඝාතනය කර ඇති බවට චෝදනා එල්ල වී ඇති අතර මියගිය තරුණයාගේ පශ්චාත් මරණ පරීක්ෂණයේදී හෙළිවී තිබුණේ පහරදීමක් හේතුවෙන් ඉළඇට තුනක් කැඩීයාම, බෙල්ලේ අස්ථියක් බිඳීයාම සහ මොළයට ලේ වහනයවීම මරණයට හේතු වී ඇති බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඩිකැප්‍රියෝගේ සිහින දූපතේ නොනිමෙන කතාව!

සටහන – පුලීනොවැම්බර් 12, LNW (කොළඹ): සුප්‍රකට හොලිවුඩ් නළු ලියනාඩෝ...

දැල් වූ පහන් ඉතිරි කරමින් මැකී ගිය රන් ස්වරය

සටහන: සශිකලා මධුෂාණී සිංහල සංගීතය සහ ටෙලිනාට්‍ය කලාව තුළ සිය...

රන්ජන් ජයලාල්ගේ මුග්ධ ප්‍රකාශය තරයේ හෙළාදකිනවා. ඔහුට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගන්නවා – ඇමති හඳුන්

සටහන - රුවන් නෙළුගොල්ල මීටපෙර පෞද්ගලික සමාගම් වෙතින් පළාත් පාලන...

2027 අයවැය : සංවර්ධනයට මුල් තැන

රෂිකා හෙන්නායක නොවැම්බර් 12, කොළඹ LNW: 2027 වසරේ සංවර්ධන අරමුදල්...