මාසික ආදායම් බදු නිදහස් සීමාව 162,500 දක්වා ඉහළට

මාසික ආදායම් බදු නිදහස් සීමාව රුපියල් 150,000 සිට රුපියල් 162,500 දක්වා ඉහළ නැංවීමට 2027 අයවැය මගින් යෝජනා කර තිබේ.

ඒ අනුව මෙතෙක් රුපියල් 1,800,000 ක්ව පැවති බද්දෙන් නිදහස් වන වාර්ෂික ආදායම රුපියල් 1,950,000ක් දක්වා ඉහළ යනු ඇත.

එමෙන්ම බදු ස්ථරවල ද වෙනසක් සිදුකිරීමට මෙම අයවැය මගින් යෝජනා කර තිබේ.

“අප රජය විසින් 2025 වසරේදී වාර්ෂික පුද්ගල ආදායම් බදු නිදහස් සීමාව රු. මිලියන 1.2 සිට රු. මිලියන 1.8 දක්වා ඉහළ නංවනු ලැබුවා. මෙම පියවර මගින් එක් එක් පුද්ගල ආදායම් බදු ගෙවන්නෙකුට මාසිකව අවම වශයෙන් රු. 3,500ක සිට උපරිම වශයෙන් රු. 20,500ක් දක්වා බදු සහනයක් හිමි වුණා. පුද්ගල ආදායම් බදු ගෙවන්නන්ට තවදුරටත් සහන සැලසීම සඳහා වාර්ෂික පුද්ගල ආදායම් බදු නිදහස් සීමාව තවදුරටත් ඉහළ නැංවීමටත්, බදු අය කළ හැකි ආදායම් පරාසයන් පුළුල් කිරීම මගින් පුද්ගල ආදායම් බදු ව්‍යුහය සංශෝධනය කිරීමටත් යෝජනා කරනවා. මසකට රු. 100,000ක් වූ බදු නිදහස් සීමාව රු. 150,000 ක් දක්වා වැඩි කිරීමට අපට හැකි වුණා. යෝජිත සංශෝධන මගින් එය රු. 162,500ක් දක්වා තවදුරටත් ඉහළ නැංවෙනවා. ඒ අනුව, රු. 162,500ක් දක්වා වන මාසික වැටුප් හා දීමනා ලබන කෙනෙක් තමන්ගේ වැටුපට බදු ගෙවිය යුතු වන්නේ නැහැ” යනුවෙනුයි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඊයේ (12) අයවැය කතාව ඉදිරිපත් කරමින් පාර්ලිමේන්තුවේදී සඳහන් කළේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හෝමාගම පොලීසියේ Crime OIC රජිත ගුරුසිංහට මිනීමැරුම් චෝදනා යටතේ නඩු ගොනුකරයි

සටහන - රුවන් නෙළුගොල්ල හෝමාගම පොලිස් ස්ථානයේ අපරාධ අංශයේ හිටපු...

ඩිකැප්‍රියෝගේ සිහින දූපතේ නොනිමෙන කතාව!

සටහන – පුලීනොවැම්බර් 12, LNW (කොළඹ): සුප්‍රකට හොලිවුඩ් නළු ලියනාඩෝ...

දැල් වූ පහන් ඉතිරි කරමින් මැකී ගිය රන් ස්වරය

සටහන: සශිකලා මධුෂාණී සිංහල සංගීතය සහ ටෙලිනාට්‍ය කලාව තුළ සිය...

රන්ජන් ජයලාල්ගේ මුග්ධ ප්‍රකාශය තරයේ හෙළාදකිනවා. ඔහුට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගන්නවා – ඇමති හඳුන්

සටහන - රුවන් නෙළුගොල්ල මීටපෙර පෞද්ගලික සමාගම් වෙතින් පළාත් පාලන...