මිද්දෙනියේ වෙඩිතැබීමෙන් 6 හැවිරිදි දියණියත් මරුට !

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

මිද්දෙනිය පොලිස් බල ප්‍රදේශයේ කඩේවත්ත හන්දියේදී ඊයේ (පෙබරවාරි 18) රාත්‍රියේ සිදුවූ වෙඩිතැබීමෙන් තුවාල ලබා ප්‍රතිකාර ලබමින් සිටි 06 හැවිරිදි දියණියක් ද මියගොස් තිබේ.

සිය පුතා සහ දියණිය සමග යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයෙකුට නාඳුනන පිරිසක් විසින් මෙම වෙඩිතැබීම සිදුකර තිබිණි.

එහිදී යතුරුපැදිකරු එම ස්ථානයේදීම මියගිය අතර දියණිය තංගල්ල රෝහලටත් පුතා ඇඹිලිපිටිය රෝහලටත් ඇතුළත් කර ඇත.

තංගල්ල රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි දියණිය ද පසුව මියගොස් ඇති බවයි පොලීසිය සඳහන් කළේ.

මෙසේ මියගොස් ඇත්තේ වයස අවුරුදු 39ක් වන පුද්ගලයකු සහ ඔහුගේ 06 හැවිරිදි දියණියයි.

වෙඩිතැබීම සඳහා T56 ගිනිඅවියක් භාවිතා කර ඇතැයි පැවසෙන අතර පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පන්දු ඕවර් අඩු වෙයි – ලකුණු මදි වෙයි – ශ්‍රී ලංකාව ඉවතට වීසි වෙයි

නිශ්මං රණසිංහ දෙසැම්බර් 20, කොළඹ LNW: ආසියානු කුසලාන පන්දු ඕවර්...

ලෝක බැංකුවෙන් මෙරටට තවත් වටිනා අවස්ථාවක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 20, කොළඹ LNW ලෝක බැංකුව...

ස්ව්භාවික ව්‍යසනය සමඟ රටේ ආර්ථික වර්ධනයට සිදුවන්නේ කුමක්ද?

රෂිකා හෙන්නායක දෙසැම්බර් 20, කොළඹ LNW : ඉකුත් දා සිදුවූ...

මාව බලා ගත්ත ගම බලා ගන්න – තරුශි කරුණාරත්න උඩුදුම්බර ජනතාව වෙනුවෙන් රටින්ම ඉල්ලයි

නිශ්මං රණසිංහ දෙසැම්බර් 20, කොළඹ LNW: මෑත කාලයේ ශ්‍රී ලංකාවේ...