මිද්දෙනියේ වෙඩිතැබීමෙන් 6 හැවිරිදි දියණියත් මරුට !

සටහන – රුවන් නෙළුගොල්ල

මිද්දෙනිය පොලිස් බල ප්‍රදේශයේ කඩේවත්ත හන්දියේදී ඊයේ (පෙබරවාරි 18) රාත්‍රියේ සිදුවූ වෙඩිතැබීමෙන් තුවාල ලබා ප්‍රතිකාර ලබමින් සිටි 06 හැවිරිදි දියණියක් ද මියගොස් තිබේ.

සිය පුතා සහ දියණිය සමග යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයෙකුට නාඳුනන පිරිසක් විසින් මෙම වෙඩිතැබීම සිදුකර තිබිණි.

එහිදී යතුරුපැදිකරු එම ස්ථානයේදීම මියගිය අතර දියණිය තංගල්ල රෝහලටත් පුතා ඇඹිලිපිටිය රෝහලටත් ඇතුළත් කර ඇත.

තංගල්ල රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි දියණිය ද පසුව මියගොස් ඇති බවයි පොලීසිය සඳහන් කළේ.

මෙසේ මියගොස් ඇත්තේ වයස අවුරුදු 39ක් වන පුද්ගලයකු සහ ඔහුගේ 06 හැවිරිදි දියණියයි.

වෙඩිතැබීම සඳහා T56 ගිනිඅවියක් භාවිතා කර ඇතැයි පැවසෙන අතර පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රනිල් අද අනුරාධපුරයේ

හිටපු ජනාධිපති, එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා...

බටහිර ඉවුරේදී යුරෝපා රාජ්‍යතාන්ත්‍රිකයන්ට ඊශ්‍රායල පදිංචිකරුවන්ගෙන් ප්‍රහාරයක්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 18: පලස්තීන බටහිර...

කිරිඳිවැල සිනමා ශාලාවක සඟවා තිබූ ගිනිඅවි සහ ජීව උණ්ඩ තොගයක් අත්අඩංගුවට !

කිරිඳිවැල ප්‍රදේශයේ සිනමා ශාලාවක සඟවා තිබූ ගිනිඅවි, ජීව උණ්ඩ...

වැසි තත්වයේ වෙනසක් – අද (18) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (ඔක්තෝබර් 18) දිනයේදී දිවයිනේ බොහෝ...