*
Sunday, September 29, 2024
spot_img

Latest Posts

ශ්‍රී ලංකා ලලනාවන්ට ජයග්‍රහණය අවශ්‍යයම තරගය අද

දකුණු අප්‍රිකාවේ පැවත්වෙන කාන්තා ලෝක කුසලාන තරගාවලියේ පළමු වටයේ අවසාන තරගයට අද ශ්‍රී ලංකාව මුහුණ දෙන්නේ නවසීලන්තයට එරෙහිවය.මේ තරගය ජය ගතහොත් ශ්‍රී ලංකාව කිසිදු අපහසුතාවයකින් තොරව අවසන් කණ්ඩායම් හතර අතරට පිවිසිය හැකිය.දැනටත් ජයග්‍රහණ අනුව ශ්‍රී ලංකාව ජයග්‍රහණ දෙකක් ලබා දෙවන තැන පසුවන අතර අද ඔවුන් මුහුණ දෙන මෙම තරගය ජය ගතහොත් කිසිවෙක්ට ශ්‍රී ලංකාව අවසාන පූර්ව තරග වටයට පිවිසීම වැළක්වීමට නොහැකි වනු ඇත.

මේ වන විට ශ්‍රී ලංකාව සිටින කාණ්ඩයේ තරග හතර නිමා කර තිබෙන්නේ ඕස්ට්‍රේලියාව පමණි.ඔවුන් එම තරග හතරම ජය ගෙන මේ වන විටත් අවසාන පූර්ව තරග සඳහා පිවිස ඇත.ඉන් අනතුරුව ශ්‍රී ලංකාව,දකුණු අප්‍රිකාව සහ නවසීලන්තය පෙළ ගැසී සිටින අතර අවසාන තැන සිටින බංගලාදේශය ද සමඟ මේ කණ්ඩායම් හතරම තවම නිමා කර ඇත්තේ තරග තුනක් පමණි.ඒ අතරින් ශ්‍රී ලංකාව තරග දෙකක් ජයගෙන තිබුණත් අද නවසීලන්තයට පරාජය වුවහොත් නවසීලන්තය හා ශ්‍රී ලංකාවේ තරග ජයග්‍රහණ සම වනු ඇත.නවසීලන්තය මෙතෙක් ලබා සිටින දළ වේගයට අනුව සිටින්නේ ශ්‍රී ලංකාවට පසුපසින් බැවින් වඩාත් ප්‍රබල අභියෝගය වන්නේ සත්කාරක දකුණු අප්‍රිකාවය.ඔවුන් ලකුණු වේගය අතින් එක් තරගයක් පමණක් ජයගෙන සිටියත් ශ්‍රී ලංකාවට ඉදිරියෙන් සිටින අතර ඔවුන් බංගලාදේශය පරාජය කළහොත් ජයග්‍රහණ දෙකක් සමඟ කාණ්ඩයේ දෙවන තැනට ඒමට ඉඩ ඇත.ඒ නිසා වඩාත් වැදගත් වන්නේ ශ්‍රී ලංකාව මේ තරගය කිසිවෙකුට නොදෙවැනි වන්ට ජය ගැනීමය.

තරගාවලියේ ආරම්භයේ සිට අප දැරූ අදහසට අනුව පන්දුවට පහර දීමේදී ශ්‍රී ලංකාවේ පන්දුවට පහර දීමේ අනුපිළිවෙල හර්ෂිතා,විශ්මි,නිලක්ෂි සහ චමරි ලෙස පෙළ ගැසිය යුතුය.එසේම පිතිකාරිණියක ලෙස කෞෂනි නෘත්‍යංගනා වැනි පිතිකාරිණියක් කණ්ඩායමට කැඳවා නිත්‍ය වේග පන්දු යවන්නියක් පිටතින් තැබිය යුතු අතර චමරි අතපත්තු තුන් ඉරියව් ක්‍රීඩිකාවක ලෙස සුදුසු තැන් හි ක්‍රියා කළ යුතුය.එසේම මෑථ කාලයේ හමු වූ දක්ෂ තුන් ඉරියව් ක්‍රීඩිකාවක වන කවීශා දිල්හාර කණ්ඩායමේ රඳවා තබා ගැනීම අත්‍යවශ්‍යය කාරණයක් වනු ඇත.
කෙසේ හෝ අප මේ ආකාරයට ඉදිරිපත් කරන ලද කරුණුවලට බලපාන සාධක ද ඒවා බල පෑ හැකි සහ බල පෑ අයුරුද පෙ සටහන්වලින් දක්වා ඇත.අප බොහෝ විට චමරි ඇතුළු කණ්ඩායම පමණක් නොව ශ්‍රී ලංකා ක්‍රිකට් ද විශ්වාස නොකරන තරම් දුරක් චමරිගේ නඩයට යා හැකි බවත්,ඇතැම් විට එය සූරතාවය චමරිගේ සුරතට ගෙන නිමා කළ හැකි බවත් අපි විශ්වාස කරන්නෙමු.ඒ විශ්වාසය සහතික කරන අපේ සැළසුම චමරි ක්‍රියාත්මක නොකළත් හරිහ මොහොතේදි හරිම දේ සිඳු වුවහොත් ශ්‍රී ලංකාව, මෙම කුසලානය දිනා ගත හැකි කණ්ඩායමක් බව අපි නැවත නැවතත් කියන්නෙමු.

අද තරගය නිසි පරිදි පිතිකාරිනියන් පෙළ ගැස්වීම මත මෙන්ම ඉනෝකා රණවීර ප්‍රමුඛව ශ්‍රී ලංකා පන්දු යවන්නියන් දක්වන දායකත්වය මත ද නවසීලන්තයට දැඩි අභියෝගයක් එල්ල කළ හැකි බව සහතිකය.බොහෝ විට පිතිකරුවන්ගෙන් ලැබෙන සහය මත ඉනෝකා මේ තරගයේ තීරණයට විශාල බපෑමක් ඇති කරන්නට ඉඩ ඇත අතර තරගාවලියේ දඟ පන්දු යවන්නියන්ගේ දස්කම් බහුලව දකින්නට ලැබෙන වටපිටාවක ලොව සිටින හොඳම දඟ පන්දු යවන්නියක් ලෙස ඉනෝකා වැදගත් කාර්ය භාරයක් ඉටු කරනු ඇත.

නිෂ්මන් රණසිංහ

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan