*
Thursday, September 19, 2024
spot_img

Latest Posts

‘රට කරවන්ට’ ඊයෙ ආව වායෝ මෙඩ්ලියට congratulations !

වායෝ අලුත්ම වැඩේ රෝහණ වීරසිංහ ඔෆීෂියල් පේජ් එකේ තියෙනව දැක්කා, `රට කරවන්ට නම්`. ට්‍රිබියුට් මෙඩ්ලි කියලා තමයි ඒ සින්දු පොකුර ඉන්ට්‍රඩියුස් කරලා තිබ්බේ. රට කරවන්ට නම්, මිනිසා සුවඳයි මල සේ, කොලොම්තොටින් නැව් නැග්ගා සහ තුන්හෙළේ කැලෑ තුල කියන සින්දු හතර තමයි මෙඩ්ලියට සෙට් කරලා තිබ්බේ. සින්දු ටික ආතල්. වායෝ ඒ ටික කියන විදිහත් ආතල්. රෝහණ ලොක්කගෙ මියුසික් ටිකත් ආතල්. අපේ කාලයේ සංගීතඥයාගේ උපන්දිනය වෙනුවෙන් වායෝ දුන්නු ලස්සන බර්ත්ඩේ ප්‍රසන්ට් එකක් තමයි මේ මෙඩ්ලි එක. 

“මගේ උපන් දිනය වෙනුවෙන් වායෝ සංගීත කණ්ඩායම මෙසේ මගේ ගීත නිර්මාණ පෙලක් ප්‍රතිනිර්මාණය කරමින් මට සුබ පතන්නේ සංගීත් හා මා අතර පවතින මිත්‍රත්වයේ තවත් මිහිරි සලකුනක් ලෙසයි. තරුණ පරපුර මගේ නිර්මාණ අගය කිරීමෙන් මා ලබන්නේ අසීමිත සතුටකි. “ කියල ඔහු ලියල තියෙනව. හැපි බර්ත්ඩේ සර්. ඔබ තව චිරාත් කාලයක් අපේ සවන්වලට මී පැණි වක්කරන්න ඕන. අපේ ආයුෂත් අරගෙන ජීවත් වෙන්න ඕන. ආයුබෝවේවා කියල අපිත් පතනවා බොක්කෙන්ම. 

රට කරවන්ට මෙඩ්ලි එක මේ වෙලාවේ පත්තු වෙනවා. මොකද රට කරවන විදිහ එක්ක ටොප් එකට ගැලපෙන නිසා. ඕනෑම දේකට ලන්සු තියන වෙලාවක් මේක. මිනිසාගේ සුවඳත් නුවණත් පරවී වැටෙමින් තියෙන්නේ. කොළොම්තොට විතරක් නෙමෙයි අමනකම මුළු රටම වහගෙන. සිංහ පැටව් මකරු ඉස්සරහ පූස් පැටව් වෙලා. එහෙම බැලුවම වායෝ මේ තෝරලා තියෙන්නේ හරිම සින්දු ටික. හරිම වෙලාවේ හරිම සින්දු ටික. ඒ වගේම තමයි හොඳට හිතල බැලුවොත් මේක සෙල්ලම් ට්‍රිබියුට් එකක් නෙමෙයි. 

රට කරවන ඇත්තන් වඩම්මවපු ගොඩක් අයට කරකියාගන්න දෙයක් නැතිව කන්ෆියුස් වෙලා ඉන්නේ. ඡන්දෙ දුන්න නොදුන්න ඔක්කොම හතරවරන් ගහලා. පූජා වට්ටිය ජෑම් බෝතලයක් වෙලා. අන්තෝ ජටා බහි ජටා. එන්ඩ් ඔෆ් ද ඩේ ප්‍රජාතන්ත්‍රවාදයට නිදහසට ටටා. ආර්ථිකයට හුටා. බයිලා හැටහුටාමාරක් කියාගෙන ආවට නට නටා. කුක්කෝ වනති නකුටා. හිට් ද ප්ලේන් කපුටා. කතා කවටා. කකා මෙරටා. සිනා රවටා. නොකා බඩටා. ජනයා පෝලිමේ රටවටා. එහෙව් සිටුවේෂන් එකක මේ මෙඩ්ලිය බෙස්ටා.

වායෝ ගින්දර ලෙස ප්‍රසන්ට් කරපු සුන්දර සින්දු හතරට දායක වෙච්ච රෝහණ, නන්දා, සුනිල්, සපු, ප්‍රදීපා ආදී සියලු දෙනාටත් තැන්ක්යූ කියන්න ඕන ජනතාව හැටියට. ඒ වගේම ජනතාවයි නිර්මාණකරයෝයි හැමෝම වගබලා ගන්නත් ඕන මේ වගේ සිටුවේෂන්ස් නිර්මාණය කරන්න නැවත දායක නොවෙන්න අඩුවැඩි වශයෙන් හෝ මොන මොන විදිහට හෝ. අන්න එහෙම වුණොත් විතරයි මේ වටිනා නිර්මාණ – මේ ලස්සන නිර්මාණ ඉතිහාසයට ට්‍රිබියුට් එකක් වෙන්නේ. නැවත නැවතත් වරද්දගත්තොත් හිස්ට්‍රි රිපීට් වෙනවා. එතකොට මුලින්ම ට්‍රැජඩියක්. දිගටම වුණොත් කොමඩියක්.  

– BALTIMORA 

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan