හැකි ඉක්මනින් ඡන්දය තියන්න කියලා අපි මැතිවරණ කොමිසමට කිව්වා – ටිල්වින්

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා ඇතුළු ජාතික ජන බලවේග ආණ්ඩුවේ නායකයින් පිරිසක් ඊයේ (පෙබරවාරි 19) මැතිවරණ කොමිසම සමග සාකච්ඡාවක් පවත්වා තිබිණි.

“මේ පළාත් පාලන මැතිවරණය කියන්නේ ඇමතිවරයා විසින් අවුරුද්දක් කල්දාපු, ඊටපස්සේ ඡන්දය පවත්වන්න නාමයෝජනා ගත්තටත් පස්සේ රනිල් වික්‍රමසිංහලාගෙ සහ මහින්ද රාජපක්ෂලාගෙ ආණ්ඩුව විසින් මුදල් ප්‍රතිපාදන ලබානොදීම නිසා තවත් අවුරුද්දකට වැඩි කාලයක් කල්ගියපු එකක්. අපි කොමිෂන් සභාව මුණගැහෙන්න ආවේ කොමිෂන් සභාවට හැකි ඉතාම ඉක්මන් දිනයක ඡන්දය පවත්වන්න කියලා කියන්න. සමහර දේශපාලන පක්ෂ, ජනතාවගෙන් ප්‍රතික්ෂේප වෙච්ච අය, බංකොලොත් වෙච්ච අය, ජනතාවට මුහුණ දීගන්න බැරි අය විවිධ හේතු කියලා ඡන්දය කල්දාන්න නැවතත් උත්සාහයක් ගනිමින් ඉන්නවා”

ප්‍රශ්නය – ඒ කියන්නෙ සමගි ජන බලවේගය බයවෙලාද මේ ඡන්දය කල්දාන්න කියලා ඉල්ලන්නෙ ?

“සමගි ජන බලවේගය අසමගි වෙලා, බයවෙලා, ඔය එක්සත් ජාතික පක්ෂය, මහින්ද රාජපක්ෂලාගෙ කණ්ඩායම් ඇතුළු සියල්ලම අයවැයට බයවෙලා තියෙන්නෙ හොඳටම. ඒ නිසා තමයි වෙන වෙන කතන්දර කියන්න පටන් අරන් තියෙන්නෙ. ඒගොල්ලො ඇත්තටම ජන මතයට බයවෙලා ඉන්නෙ”

ටිල්වින් සිල්වා මහතා මේ බව පැවසුවේ ඊයේ (පෙබරවාරි 19) සාකච්ඡාවක් සඳහා මැතිවරණ කොමිසම හමුවීමට පැමිණි අවස්ථාවෙන් පසු මාධ්‍ය අමතමිනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මේ මොහොතේ අධිවේගී මාර්ගවල ගමන් ගන්නා අයට විශේෂ පණිවුඩයක්!

අධිවේගී මාර්ගවල ගමනාගමනය කටයුතු සඳහා මේ මොහොතේ සිට (රාත්‍රී...

මහනුවර ආශ්‍රිතවත් මහවැලි ගඟේ ජල මට්ටම ඉහළට. අධි ගංවතුර අවදානම් නිවේදනයක් ! (VIDEO)

සටහන - රුවන් නෙළුගොල්ල මහවැලි ගඟ ද්‍රෝණියේ යටිනුවර සහ ගඟවට...

දිස්ත්‍රික්ක 20කට වැස්සෙන් පීඩා. මරණ සංඛ්‍යාව 40ක් දක්වා වැඩි වෙයි. තවත් 21ක් අතුරුදහන්!

කොළඹ LNW:පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් මේ වන විට...