හැකි ඉක්මනින් ඡන්දය තියන්න කියලා අපි මැතිවරණ කොමිසමට කිව්වා – ටිල්වින්

සටහන – රුවන් නෙළුගොල්ල

ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා ඇතුළු ජාතික ජන බලවේග ආණ්ඩුවේ නායකයින් පිරිසක් ඊයේ (පෙබරවාරි 19) මැතිවරණ කොමිසම සමග සාකච්ඡාවක් පවත්වා තිබිණි.

“මේ පළාත් පාලන මැතිවරණය කියන්නේ ඇමතිවරයා විසින් අවුරුද්දක් කල්දාපු, ඊටපස්සේ ඡන්දය පවත්වන්න නාමයෝජනා ගත්තටත් පස්සේ රනිල් වික්‍රමසිංහලාගෙ සහ මහින්ද රාජපක්ෂලාගෙ ආණ්ඩුව විසින් මුදල් ප්‍රතිපාදන ලබානොදීම නිසා තවත් අවුරුද්දකට වැඩි කාලයක් කල්ගියපු එකක්. අපි කොමිෂන් සභාව මුණගැහෙන්න ආවේ කොමිෂන් සභාවට හැකි ඉතාම ඉක්මන් දිනයක ඡන්දය පවත්වන්න කියලා කියන්න. සමහර දේශපාලන පක්ෂ, ජනතාවගෙන් ප්‍රතික්ෂේප වෙච්ච අය, බංකොලොත් වෙච්ච අය, ජනතාවට මුහුණ දීගන්න බැරි අය විවිධ හේතු කියලා ඡන්දය කල්දාන්න නැවතත් උත්සාහයක් ගනිමින් ඉන්නවා”

ප්‍රශ්නය – ඒ කියන්නෙ සමගි ජන බලවේගය බයවෙලාද මේ ඡන්දය කල්දාන්න කියලා ඉල්ලන්නෙ ?

“සමගි ජන බලවේගය අසමගි වෙලා, බයවෙලා, ඔය එක්සත් ජාතික පක්ෂය, මහින්ද රාජපක්ෂලාගෙ කණ්ඩායම් ඇතුළු සියල්ලම අයවැයට බයවෙලා තියෙන්නෙ හොඳටම. ඒ නිසා තමයි වෙන වෙන කතන්දර කියන්න පටන් අරන් තියෙන්නෙ. ඒගොල්ලො ඇත්තටම ජන මතයට බයවෙලා ඉන්නෙ”

ටිල්වින් සිල්වා මහතා මේ බව පැවසුවේ ඊයේ (පෙබරවාරි 19) සාකච්ඡාවක් සඳහා මැතිවරණ කොමිසම හමුවීමට පැමිණි අවස්ථාවෙන් පසු මාධ්‍ය අමතමිනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඇතැම් ප්‍රදේශවලට මි.මී. 75ට වැඩි තද වැසි – අද (03) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (නොවැම්බර් 03) දිනයේදී දකුණු සහ...

ගල් අඟුරු පාඩුව : රඳවාගත් මුළු මුදලම රජයට ලැබෙනවා කියන්න බෑ. හැකිතාක් ගන්න උත්සාහ කරනවා – ඇමති අනුර

බාල ගල් අඟුරු නිසා සිදුවූ පාඩුව වෙනුවෙන් අදාළ සැපයුම්කාර...

අකුරැස්ස Crime OIC වහාම සේවයෙන් පහකරයි

අකුරැස්ස පොලිස් ස්ථානයේ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපතිවරයාව වහාම ක්‍රියාත්මක...

කඩවතදී පොලිස් වෙඩි ප්‍රහාරයෙන් තුවාල ලැබූ දරුවාගේ මවගෙන් මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක්

කඩවත - මහකඩේ හන්දිය ප්‍රදේශයේදී පොලිස් වෙඩිතැබීමකින් බරපතළ තුවාල...