රජයේ සැප වාහන වෙන්දේසිය ඇරඹේ!

Date:

කොළඹ LNW:පසුගිය ආණ්ඩු සමයේ මෙරටට ගෙන්වා තිබුණු සැප වාහන වෙන්දේසි කිරීම සඳහා අවශ්‍ය කටයුතු සූදානම් කර ඇති බව වාර්තා වෙයි.

ඒ අනුව වාහන තසේරු දෙපාර්තමේන්තුව විසින් එම තක්සේරු කිරීම් කර අවසන් කර ඇති අතර එළඹෙන මාර්තු මාසයේදී එම වෙන්දේසි කිරීම් සිදුකිරීමට නියමිත බව සඳහන්.

ජාතික ජන බලවේගය රජය බිහිවීමෙන් පසු පසුගිය පාලන සමයන් තුළ මැති ඇමතිවරු ඇතුළු විශේෂයෙන් සෘජුවම දේශපාලන කටයුතුවලට සම්බන්ධ පිරිස ඇතුළු අය භාවිතා කරමින් සිටි සුඛෝපභෝගී වාහන රැසක් ජනාධිපති ලේකම් කාර්යාලය අසල ඇතුළු ස්ථාන කිහිපයක ගෙනවිත් දමා ගොස් තිබුණි.

ඉහළ ඉන්ධන පිරිවැයක් යන එම සුඛෝපභෝගී වාහන වත්මන් රජය, රජයේ කටයුතු වෙනුවෙන් භාවිතා කිරීම අත්හිටුවා ඒවා වෙන්දේසි කිරීමට තීරණය කර තිබුණි.

ඒ අනුව එම වෙන්දේසි කිරීමේ කටයුතු ලබන මාසයේදී සිදුකෙරෙනු ඇති.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලංකාවට අදත් අමාරු තරගයක්

නිශ්මං රණසිංහ ජූලි 01, කොළඹ LNW: ආසියානු යොවුන් දැල් පන්දු...

මනූෂගේ මගම යමින් අවබෝධතා ගිවිසුමකින් E-8 වීසා යළි කරළියට

දකුණු කොරියාවේ සෘතුමය රැකියා E-8 වීසා යටතේ නැවතත් සක්‍රිය...

ලොකුගේ නික්ම යයි

නිශ්මං රණසිංහ ජූලි 01, කොළඹ LNW: ශ්‍රී ලංකාවේ සිටිය ක්‍රීඩා...

ලෝක ආර්ථික සමුළුවේදී මම කරපු කතාව විකෘති කරලා – ඇමති හඳුන්

සටහන - රුවන් නෙළුගොල්ල ලෝක ආර්ථික සමුළුවේදී තමන් කළ කතාව...