හේමසිරි-පූජිත් නිදොස් නං පාස්කු ප්‍රහාරය වළක්වා ගැනීමට අසමත් වීමේ වගකීම කාගෙද ? – අනුර

Date:

පාස්කු ඉරිදා මරාගෙන මැරෙන ප්‍රහාරය එල්ල වී අවුරුදු තුනකට ආසන්න කාලයක් ගත වී ඇති නමුත් මේ දක්වා ප්‍රහාරයට වගකිව යුතු පුද්ගලයන් කිසිවෙකුටත් දඬුවම් ලබාදීම තබා නඩු පැවරීමට හෝ වත්මන් ආණ්ඩුව අසමත් වී ඇති බව ජාතික ජන බලවේගයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර දිසානායක මහතා පවසනවා. එපමණක් නොව බුද්ධි තොරතුරු ලැබී තිබියදී ප්‍රහාරය වළක්වා ගැනීමට අසමත් වීම සම්බන්ධයෙන් වගකිව යුතු පුද්ගලයන්ද තවමත් හඳුනාගෙන හෝ නොමැති බවයි ඔහු සඳහන් කරන්නේ.

ප්‍රහාරය වළක්වා ගැනීමට අසමත් වීම සම්බන්ධයෙන් චෝදනා 845 ක් යටතේ හිටපු ආරක්ෂක ලේකම්වරයාට සහ හිටපු පොලිස්පතිවරයාට එරෙහිව ගොනුකර තිබූ නඩුවෙන් ඔවුන් දෙදෙනා නිදොස් කොට නිදහස් කර ඇති බව පෙන්වා දෙන දිසානායක මහතා පවසන්නේ, ඔවුන් දෙදෙනා නිදොස් නම්, ප්‍රහාරය වළක්වා ගැනීමට අසමත් වීම සම්බන්ධයෙන් වගකිව යුත්තේ කවුරුන්දැයි සොයා බලා අධිකරණයට කරුණු වාර්තා කිරීම හා ඔවුන්ට දඬුවම් පැමිණවීම ආණ්ඩුවේ වගකීමක් බවයි.

වසර තුනක් ගතවෙද්දීත් දඬුවම් ලැබූ හෝ අවම වශයෙන් චෝදනා ලැබූවෙකු හෝ නොමැති වීම හරහා ඉදිරි වසර දෙකක කාලය තුළදී හෝ අගතියට පත් වූ පුද්ගලයන් වෙනුවෙන් සාධාරණය ඉටු කිරීමට වත්මන් ආණ්ඩුව අසමත් බව දැන් හොඳටම පැහැදිලි බවයි.

වත්මන් ආණ්ඩුව බලයට පත්වීමේදී පාස්කු ප්‍රහාරය ප්‍රධාන සාධකයක් වූ බවත්, පාස්කු ප්‍රහාරයට වගකිව යුතු පුද්ගලයන්ට දඬුවම් ලබාදෙනු ඇතැයි බලාපොරොත්තුවෙන් බහුතර ජනතාව වත්මන් ජනාධිපතිවරයාට සහ ආණ්ඩුවට ඡන්දය ලබා දුන් බවත් පෙන්වා දෙන අනුර දිසානායක මහතා පවසන්නේ ඒ සඳහා රටේ ජනතාවට නැවතත් වෙනත් පාර්ශ්වයක් කෙරෙහි බලාපොරොත්තු තැබීමට සිදුව ඇති බවයි.

අනුර දිසානායක මහතා මෙම අදහස් පළකළේ අද (20) පැවති ජාතික ජන බලවේගයේ පුත්තලම දිස්ත්‍රික් සමුළුව අමතමිනි.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හොංකොංහි ධනපතියකු වන ජිමී ලායිට ජීවිතාන්තය දක්වා සිර දඬුවම්

සටහන : සශිකලා මධුෂාණි  දෙසැම්බර් මස 16: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): හොංකොංහි...

අපි විශ්වාස කරනවා රිය අනතුර වෙද්දී රන්වල මන්ත්‍රීතුමා බීමතින් හිටියේ නැහැ කියලා – ඇමති නලින්ද

රිය අනතුර සිදුවන අවස්ථාවේදී අශෝක රන්වල මන්ත්‍රීවරයා බීමතින් නොසිටියේ...

ජනාධිපති ට්‍රම්ප් BBCයෙන් ඩොලර් බිලියන පහක් ඉල්ලා නඩු පවරයි ?

සටහන : සශිකලා මධුෂාණි  දෙසැම්බර් මස 16: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): එක්සත්...

සමස්තයක් ලෙස වසරේ පළමු මාස නවයේ ආර්ථික වර්ධන වේගය 5% ක්

තුන්වන කාර්තුව තුළ ශ්‍රී ලංකා ආර්ථිකය 5.4%ක වර්ධන වේගයක්...