*
Thursday, May 2, 2024
spot_img

Latest Posts

මන්ත්‍රී චම්පිකගේ රාජ්‍ය ආයතන අර්බුද විසදීමේ යෝජනා මෙන්න!

කොළඹ LNW:රාජ්‍ය ආයතන සම්බන්ධ අර්බුද විසඳීමට එක්සත් ජනරජ පෙරමුණ විසින් නව යෝජනා ඉදිරිපත් කර ඇත.

දැනට රාජ්‍ය ආයතන 1200 ක් පමණ ක්‍රියාත්මක වන අතර ඒවායේ කාර්ය පිළිබඳ විද්‍යාත්මක කළමනාකරණ විගණනයක් සිදු කළ යුතු බව එම පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසා තිබේ.

ඒ යටතේ රාජ්‍ය ආයතන වර්ග කළ හැකි බවත් වසා දැමිය යුතු රාජ්‍ය ආයතන හඳුනා ගැනෙන බවත් පොල් වගාව ආශ්‍රිතව ක්‍රියාත්මක රාජ්‍ය ආයතන තුනක් තිබෙන බවත් ඔහු පවසයි.

වනජීවී හා වන සංරක්ෂණ යනුවෙන් තවත් ආයතන දෙකක් පවතින අතර එවැනි එකම විෂයයක් වෙනුවෙන් පවතින ආයතන ගණනාවක් ඒකාබද්ධ කිරීම, රාජ්‍ය ආයතනවල කාර්යක්ෂමතාව වර්ධනයට පිටිවහලක් බව රණවක මහතා අවධාරණය කරයි.

ප්‍රතිව්‍යුහගත කර පවත්වා ගත යුතු රාජ්‍ය ආයතන ද විගණනය මගින් හඳුනාගත හැකි බවයි ඔහු පවසන්නේ.

ඇතැම් ආයතන රාජ්‍ය හා පෞද්ගලික ඒකාබද්ධතාවකින් ක්‍රියාත්මක කරවීම ඵලදායී බව පාඨලී චම්පික රණවක මහතාගේ අදහසයි.

පෞද්ගලීකකරණය කළ යුතු ආයතන ද විගණනය මගින් හඳුනාගත හැකි බවත් මෙම සැලසුම් ක්‍රියාවට නැංවීමෙන් සරල,වියදම් අඩු, කාර්යක්ෂම රාජ්‍ය සේවයක් සථාපනය කළ හැකි බවයි ඔහු වැඩිදුරටත් පවසන්නේ.

ASK

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan