බ්‍රිතාන්‍යය අභිබවා චීනය ලොව දෙවන තැනට!

කොළඹ LNW:චීනය බ්‍රිතාන්‍යය අභිබවා වඩාත් බලවත් මෘදු බලය සහිත රට ලෙස ලොව දෙවන ස්ථානය හිමි කර ගනී. බ්‍රෑන්ඩ් ෆිනෑන්ස් ආයතනය ඊයේ(20) හයවන වාර්ෂික ගෝලීය මෘදු බල දර්ශකය නිකුත් කරමින් මේ බව නිවේදනය කර ඇත. එම දර්ශකයේ පළමු ස්ථානය හිමිව ඇත්තේ ඇමරිකාවටයි.

එම වාර්තාවට අනුව, චීනය සමස්ත ලකුණු 100 න් 72.8 ක වාර්තාගත ශ්‍රේණිගත කිරීමක් ද පෙන්නුම් කරයි. මෙම දර්ශකයේදී සලකා බැලෙන මූලික කරුණු 8න් 6කදී සහ මිනුම්ගත ලක්ෂණ තුනෙන් දෙකකදී සැලකිය යුතු වර්ධනයක් ද චීනය සටහන් කර ඇත. “එක් තීරයක් එක් මාවතක්” වැඩපිළිවෙළ තුළ තිරසාරත්වය ප්‍රමුඛ කොට සැලකීම සහ දේශීය වෙළඳ නාම ප්‍රවර්ධනය යන කරුණු මෙම සාර්ථකත්වයට හේතු වූ බවද සඳහන් වේ.

ඇමරිකාව 79.5 ක ලකුණු ප්‍රමාණයක් හිමි කර ගනිමින් පළමු ස්ථානය හිමි කර ගත්ත ද, ගෝලීය කීර්තිනාමය ශ්‍රේණිගත කිරීමේදී මෙවර ස්ථාන හතරක් පහතට වැටී 15 වන ස්ථානයට පත්විය. තවද එරට පාලන දර්ශකය ස්ථාන හතරකින් පසුපසට ගොස් 10 වන ස්ථානය‍ට පත්ව ඇත.

මේ අතර බ්‍රෑන්ඩ් ෆිනෑන්ස් ආයතනයේ සභාපති David Haigh මහතා ප්‍රකාශ කළේ 2025 ශ්‍රේණිගත කිරීම චීනයේ ආර්ථික ආකර්ෂණය වැඩි දියුණු කිරීමට, එරටට අනන්‍ය සංස්කෘතිය ප්‍රදර්ශනය කිරීමට මෙන්ම සුරක්ෂිත සහ මනා පාලනයක් සහිත රාජ්‍යයක් ලෙස එරට කීර්තිනාමය ඉහළ නැංවීමට දරන තිරසාර උත්සාහයන් පෙන්නුම් කරන බවයි.

දිනූෂි ධීරසිංහ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වන අලින්ගේ සුබසාධනය වෙනුවෙන් ඩඩ්ලි සිරිසේනගෙන් රුපියල් මිලියන 100ක ධන පරිත්‍යාගයක්

කාවන්තිස්ස මහ ඇතුගේ මරණය හරහා ඉගෙනගත් පාඩම යළිත් වෙනෙකෙකුට...

Boelo කුණාටුව අතරතුර ගසක් කඩා වැටී ජීවිතයෙන් සමුගත් Richard Baines!

සටහන – පුලී ඔක්තෝම්බර් 26, LNW (කොළඹ): ස්ටෝම් බොයෙලෝ (Storm Boelo)...

දශකයක හරිත අභිමානය: උසස් අධ්‍යාපනයේ නව මානයන් තැනූ NSBM 10 වැනි සංවත්සර සැමරුම…

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 26, කොළඹ LNW : සදාහරිත අනාගතයක ඇරඹුම...

ඔක්තෝබර් 7 ප්‍රහාරයේ වගකීම ගැන නෙතන්යාහුට දැඩි පීඩනයක් — ඊශ්‍රායලයේ තීරණාත්මක මැතිවරණය හෙට

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 26: 2023 ඔක්තෝබර්...