අද නම් රෝහිත මන්ත්‍රීතුමාගෙන් රත්තරං කතාවක් – ආණ්ඩුත් නැතිවෙලා බිත්තියටම හේත්තු වුණු හැටි මෙන්න!(VIDEO)

Date:

කොළඹ LNW:අද (21)පාර්ලිමේන්තුවේ අයවැය විවාදයට එක්වෙමින් විපක්ෂ මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා විපක්ෂයට අවවාදයක් කරන ආකාරය දැකගත හැකි වුණා.

ආණ්ඩුත් නැතිකරගෙන විපක්ෂයට වැටුණු හේතුව ගැන එහිදී ඔහු සිනාමුසු මුහුණින්ම කියන ආකරයක් තමයි පේන්න තිබුණේ.

කොහොමහරි වර්තමාන NPP ආණ්ඩුවට නම් එවැනි අවාසනාවන්ත දෙයක් නොවේවා ලෙස පැවසූ මන්ත්‍රීවරයා විශේෂයෙන් පැවසුවේ නවක මන්ත්‍රීවරුන්ට තම තමන්ගේ කටවල් පරිස්සම් කරගන්නා ලෙසයි.

කට නිසා තමන් නියෝජනය කළ ආණ්ඩුව වැටුණු හැටි රෝහිත මන්ත්‍රීතුමා හරි අපුරුවටම කිව්වා කියල තමයි හිතෙන්නේ.

”අද වියත් මගත් නැහැ. අපිත් මහ මඟ.ගෝඨාභය මහත්තයත් මහ මඟ. සමාවෙන්න මෙහෙම කියනවට. මෙන්න කෙළවෙච්ච හැටි. ඒක ඔබට නොවේවා

මතක තිය ගන්න බලය හැමදාම නැත. අපි ගැන තීන්දුව තියෙන්නේ ජනතාවගේ අතේ. අපි දැන් තීන්දුව දිහා බලාගෙන ඉන්නවා හොඳට. ඒ නිසා පරිස්සමින් වැඩ කිරීමයි හොඳ වෙන්නේ.

ඔයපැත්තේ 159ක් ඉන්නවා. ජ්‍යෙෂ්ඨයෝ ඉන්නවා කලින් පාර්ලිමේන්තුවේ එකට හිටපු අය. අනිත් අය ඔක්කොම ආධුනිකයි. මම ඉල්ලීමක් කරනවා. පරිසමින් කතා කරන්න. මොකද මාධ්‍යයට පරිස්සමින් කතා කරන්න. අපේ පැත්තේ මම කියපු වැඩේ වුණේ. කතාකරපු තරමට බඩු බිමට. කට අරින තරමට ජන්ද නැත. ඒ නිසා පරිස්සම් කරගන්න හැමවෙලාවෙම කට අරිනවද නැද්ද? මාධ්‍යයත් එකක කිව්වම දෙකක් අහනවනේ. මම මේ දෙන්නේ අවවාද හොඳේ. වෛරයෙන්, ක්‍රෝධයෙන්, කුහකකමින් දෙන එකක් නෙවෙයි.ඇත්ත ඇති සැටියෙන් කතාකරන මිනිස්සු අපි” යනුවෙන් මන්ත්‍රීවරයා පැවසුවා.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කොළඹ වරායේ බහාලුම් 323ක අබිරහස: අමාත්‍යවරයෙකුගේ ඉල්ලා අස්වීම පිටුපස ඇති කතාව

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : ශ්‍රී ලංකා ආර්ථිකයේ...

තලංගමදී වෙඩිතැබීමක්: දෙදෙනෙකු මරුට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : තලංගම අකුරේගොඩ ප්‍රදේශයේ...

ජීවිතය දෙස බළල් සුරතලුන්ගේ ඇසින්: Alia Bhatt අපට කියාදෙන පාඩම්…

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : පුවත අසන්න මෙතැනින්.. පුවත...

අරගලය ගැන හොයන්න නාමල්ගෙන් කොමිසමක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:සිය පාලනයක් යටතේ අරගලය සම්බන්ධයෙන් හා ඊට...