මීගමුවේ තවත් වෙඩිතැබීමක් අවසන් මොහොතේ ව්‍යර්ථ වෙයි !

මීගමුව ප්‍රදේශයේදී අද (පෙබරවාරි 21) දහවල් සිදුකිරීමට ගිය තවත් වෙඩිතැබීමක් අවසන් මොහොතේ ව්‍යර්ථ වී තිබේ.

මීගමුව, කාමච්චෝඩේ පොල භූමියේ පිහිටි වෙළඳසැලක හිමිකරුවකු වන චමින්ද හෙවත් මිරිස් ඇන්තනීගේ පුත්‍රයා ඉලක්ක කර වෙඩිතැබීම සඳහා වෙඩික්කරුවන් පැමිණ ඇති බව සඳහන්.

යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු මෙසේ වෙඩිතැබීමට උත්සාහ කළත් ගිනිඅවිය ක්‍රියාත්මක නොවීම නිසා ඔවුන් පළාගොස් ඇත.

කමාන්ඩෝ සාලින්ද නමැති සංවිධානාත්මක අපරාධකරුවකු මෙම වෙළඳසැලෙන් කප්පම් ඉල්ලා ඇති අතර එය නොගෙවීම හේතුවෙන් මෙසේ වෙඩිතැබීමට උත්සාහ දරා ඇති බවත් ආරංචිමාර්ග පැවසීය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඇමරිකානු ජනපති ට්‍රම්ප්ගේ ජනප්‍රියත්වය 32% දක්වා ඉහළට

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 27: ඇමරිකානු ජනාධිපති...

හම්බන්තොට දැවැන්ත ගෑස් පර්යන්තය පිළිබඳ තීරණයක් ගැනීමට ලාෆ්ස් සමාගම සැරසෙයි

ලාෆ්ස් ගෑස් පීඑල්සී සිය පූර්ණ අනුබද්ධිත සමාගමක් වන LAUGFS...

මෝදිගේ පෞද්ගලිකත්ව නීතියට එරෙහිව අම්බානිගේ හා අදානිගේ මාධ්‍ය ආයතන අධිකරණයට

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 27: ඉන්දීය අග්‍රාමාත්‍ය...

ඥානසාර හිමිට වහාම ජනාධිපති සමාව පිරිනමා අර්බුදය අවසන් කළයුතුයි – එජාපයෙන් නිවේදනයක්

සටහන - රුවන් නෙළුගොල්ල අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවකට වරදකරු වී...