මාලිමාවට කෝටියක් – ත්‍රීරෝද රථයකට ලක්ෂ 20ක් !

වාහන ආනයන තහනම ඉවත් කිරීමත් සමග ඩේවිඩ් පීරිස් සමාගම නැවතත් ත්‍රීරෝද රථ ආනයනය කිරීම ආරම්භ කර තිබේ.

ඒ අනුව ඔවුන් පෙර ඇනවුම් භාරගැනීම සඳහා දැන්වීම් පළකර ඇත.

එහි දැක්වෙන්නේ නවතම ත්‍රීරෝද රථයක මිල රුපියල් 1,995,000 ක් බවයි.

වත්මන් ආණ්ඩුව බලයට ගෙන ඒම සඳහා ත්‍රීරෝද රථ රියදුරන් මහත් සහායක් දුන් අතර ඔවුන් මැතිවරණ සමයේ “මේ පාර අපි මාලිමාවට” සහ “මාලිමාවට කෝටියක්” යනුවෙන් සඳහන් ස්ටිකර් සිට ත්‍රීරෝද රථවල අලවාගෙන ප්‍රචාරක කටයුතු සිදුකරනු දක්නට ලැබිණි. දැන් ඔවුන්ට ඒ ස්ටිකරයේ සඳහන් අගයෙන් පහෙන් එකකට නවතම ත්‍රීරෝද රථයක් මිලදී ගැනීමේ අවස්ථාව හිමිව ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉරාන නෞකා පිරිසක් ගාල්ලට පැමිණීම ගැන නි. ඇමති හංසකගෙන් ප්‍රකාශයක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 24, කොළඹ LNW : ගාල්ල වරායට පැමිණි...

මාතර තලල්ල වෙරළින් හමු වූ පාර්සල් සහ ගමන් මළු වල මත්ද්‍රව්‍ය කිලෝ 475ක් !

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 24, කොළඹ LNW : ශ්‍රී ලංකා නාවික...

‘Comfort Care Home’ සහන සත්කාර මධ්‍යස්ථානය යාපනයේ දී විවෘත වෙයි!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 24, කොළඹ LNW : ජීවිතයේ අසීරුතම කාල...

ප්‍රංශයේ විරෝධතා උත්සන්න වෙයි: 70,000ක ආරක්ෂක බලකායක් යොදවයි – දහස් ගණනක් අත්අඩංගුවට

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 24 : ප්‍රංශය...