ගණේමුල්ල සංජීව ඝාතනයට පැමිණි වෙඩික්කරුගේ පෙම්වතිය මහරගම පොලිසියට කොටුවෙයි!

රෂිකා හෙන්නායක පෙබරවාරි 21, කොළඹ (LNW):

පෙරේදා ඝාතනයට ලක්වූ, ගණේමුල්ල සංජීව ඝාතනය කිරීම සඳහා පැමිණි වෙඩික්කරුගේ පෙම්වතිය යැයි කියන කාන්තාවක් මහරගම පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

පසුව ඇය කොළඹ අපරාධ කොට්ඨාසය වෙත භාරදී තිබේ.

ගණේමුල්ල සංජීව ඝාතනය කිරීමෙන් පසු වෙඩික්කරු තම පෙම්වතියද රැගෙන රටින් පිටවීමට සූදානම්ව සිට ඇති බව මේ වනවිට හෙළි වී ඇති අතර , ඒ සදහා ඇයව මීගමුව ප්‍රදේශයට රැගෙන යෑමට පුද්ගලයෙක් මහරගම ප්‍රදේශයට පැමිණ තිබේ. පොලීසිය විසින් එම පුද්ගලයාවද අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන සඳහා කොළඹ අපරාධ කොට්ඨාසය වෙත භාර දී ඇත.

බස්නාහිර පළාත දකුණ භාර නියෝජ්‍ය පොලිස්පති ගයංග මාරපන මහතාගේ උපදෙස් මත එම අත්අඩංගුවට ගැනීම් කර ඇති බව පැවසේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අරවින්ද ද සිල්වා සහ ඔහුගේ බිරිඳ අත්අඩංගුවට ගැනීමට වරෙන්තු!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 16, කොළඹ LNW : කොළඹ කොටුව...

ඥානසාර හිමි අධිකරණයට: නඩුව ලබන 30 වනදා දක්වා කල් තැබේ!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 16, කොළඹ LNW : ඉස්ලාම් දහමට නිග්‍රහ...

ශ්‍රී ලංකා – තායිලන්ත සබඳතා දැඩි වෙයි!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 16, කොළඹ LNW : විදේශ කටයුතු, විදේශ...