කොරියාවේ කෘෂි ක්ෂේත්‍රයේ රැකියා අවස්ථා ලබා ගැනීමට විශේෂ අවධානය

Date:

මෙරට ශ්‍රමිකයින්ට කොරියාවේ කෘෂි ක්ෂේත්‍රයේ රැකියා අවස්ථා ලබා ගැනීමට කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශය විශේෂ අවධානය යොමු කර තිබේ.

ඒ කොරියානු නියෝජිතයින් කණ්ඩායමක් සමඟ කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා පැවති සාකච්ඡාවක දී ය.

මෙරට තුළ සිටින කෘෂි ක්ෂේත්‍රයේ පුහුණු ශ්‍රමිකයන් පිළිබඳ අවධානය යොමු කරමින් කම්කරු හා විදේශ රැකියා අමාත්‍යවරයා මේ පිළිබඳ අවධානය යොමු කර තිබෙන්නේ.

මීට මාස කිහිපයකට පෙර අමාත්‍යවරයා කොරියාවේ කළ නිල සංචාරයේ දී කළ ඉල්ලීම අනුව වෑද්දුම් ශිල්පීන් (Welders) පුහුණු ශ්‍රමිකයන් වශයෙන් E7 වීසා කාණ්ඩය යටතේ කොරියාවේ රැකියා ගත කිරීම පසුගියදා ආරම්භ කෙරිණි. මේ ආකාරයට කොරියාවේ නව රැකියා අවස්ථා ලංකාවේ ශ්‍රමිකයන්ට විවෘත කරදීමට කටයුතු කරන අතර, මෙරට පුහුණු වෘත්තිකයන් හට විවෘත කළ හැකි රැකියා අවස්ථා සම්බන්ධයෙන් අමාත්‍යාංශයේ වැඩි අවධානය යොමු වී ඇත.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ආපදාවට ලක්වූ රූපලාවන්‍යාගාර යළි යථා තත්වයට පත්කරගැනීමට Dreamron වෙතින් අත්වැලක් !

පසුගිය දිනවල දිවයින පුරා පැවති ආපදා තත්වය හේතුවෙන් හානියට...

ආපදාවෙන් පූර්ණ හානි වූ නිවාස 5000 ඉක්මවයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: පැවති අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් නිවාස...

රුහුණු කතරගම මහා දේවාලයේ අභිනව බස්නායක නිළමේවරයා පත් වෙයි!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 09, කොළඹ LNW : අද (09) පැවති...

Netflix-WB ගනුදෙනුව ප්‍රශ්නයක් විය හැකි බවට ට්‍රම්ප්ගෙන් මැසිවිලි!

සටහන – පුලී දෙසැම්බර් 09, කොළඹ (LNW): වෝනර් බ්‍රදර්ස් ඩිස්කවරි...