ජවිපෙ අපි 13 වැනි සංශෝධනයට එකඟ නෑ. ඒක ක්‍රියාත්මක කරන්නත් බෑ – සුනිල් හඳුන්නෙත්ති

Date:

පළාත් සභා ක්‍රමය ඇතුළත් 13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට ජනතා විමුක්ති පෙරමුණ එකඟ නොවන බව එම පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු සහ ජාතික ජන බලවේගයේ නායකයකු වන සුනිල් හඳුන්නෙත්ති මහතා අවධාරණය කරයි.

ප්‍රශ්නය – ජාතික ජන බලවේගය 13 වැනි සංශෝධනය එක හෙළාම පිළිගන්නවා ද? එහෙම නැතිනම් ප්‍රතික්ෂේප කරනවා ද?

“එක හෙළාම පිළිගන්නේ නෑ. “

ප්‍රශ්නය – කෙච්චර දුරට ද ගිළිගන්නේ?

“කොච්චර දුරටවත් පිළිගන්නේ නෑ.”

ප්‍රශ්නය – හෙට උදේට අපි කිව්වට කමක් නැද්ද ජාතික ජන බලවේගය 13ට විරුද්ධයි කියලා.

“මට හිතෙන්නේ එහෙම කියයිද දන්නේ නෑ”

ප්‍රශ්නය – නෑ කිව්වට කමන් නැද්ද?

“මට හිතෙන්නේ එහෙම කියයිද දන්නේ නෑ”

ප්‍රශ්නය – නෑ, මම හෙට ප්‍රවෘත්තිවලට දානවා හඳුන්නෙත්ති මහතා කිව්වා කියලා ?

“මම ආය කිව්වනේ පළාත් සභා හඳුන්වා දෙනකොටම 13යි පළාත් සභාවෙයි වෙනස තමයි පොලිස් බලතල සහ ඉඩම් බලතල. ඉතින් පොලිස් බලතල සහ ඉඩම් බලතල දැන් කොහෙද තියෙන්නේ. ව්‍යවස්ථාවේ තියෙනවා. හැබැයි ලංකාවේ ක්‍රියාත්මක කරන්න බෑ.”

ප්‍රශ්නය – ක්‍රියාත්මක වුණේ නෑ.

“ක්‍රියාත්මක වුණේ නැත්තේ මොකද දන්නවාද ? ජනතාව කැමති නෑ. ඔයා හෙට කියන්න ජනතා විමුක්ති පෙරමුණ වෙනුවෙන් මම කිව්වා කියලා 13 වැනි ව්‍යවස්ථා සංශෝධනයට අපි එකඟ නෑ.”

සුනිල් හඳුන්නෙත්ති මහතා මේ බව පැවසුවේ දෙරණ රූපවාහිනී නාලිකාවේ දේශපාලන සංවාදයකට එක්වෙමිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ගින්නෙන් උපන් සීතල 2 අධ්‍යක්ෂණයට ප්‍රසිද්ධ දේශපාලනඥයින් තිදෙනෙක් ???

ජනතා විමුක්ති පෙරමුණේ නිර්මාතෘ රෝහණ විජේවීර මහතාගේ ජීවිත කතාව...

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අද සිට අඛණ්ඩ වෘත්තීය සමිති ක්‍රියාමාර්ග මාලාවකට

සටහන - රුවන් නෙළුගොල්ල ශ්‍රී ලාංකීය සෞඛ්‍ය සේවාවේ සහ වෛද්‍යවරුන්ගේ...