*
Sunday, April 28, 2024
spot_img

Latest Posts

දේශීය පුවත් විස්තරය: සාරාංශය 02/21

  1. රජයට මැතිවරණය කල් දැමීමට අවශ්‍ය නම්, මැතිවරණ කොමිසමෙන් ඉල්ලා අස්වූ සාමාජිකයන් වෙනුවට නව සාමාජිකයන් පත් කිරීමකින් තොරව එම කොමිසම නිශ්ක්‍රිය තත්ත්වයේ තැබීමෙන් එය කළ හැකි බව අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ පවසයි – රටේ පවතින වත්මන් තත්ත්වය හේතුවෙන් මුදල් අමාත්‍යංශයට මැතිවරණ වියදම් දරා ගැනීමට හැකියාවක් නොමැති බව ද පවසයි.
  2. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් පැනවූ රෙගුලාසි නොසළකා හරිමින් මහ බැංකුව දිගටම “මුදල් මුද්‍රණයේ” යෙදී ඇති බව මහ බැංකු දත්ත පෙන්වා දෙයි – 2023 පෙබරවාරි 17 න් අවසන්වන සතියේ මහ බැංකුවේ භාණ්ඩාගාර බිල්පත් තැන්පතු, ඊට සතියකට පෙර පැවති රු. බිලියන 2,551 සිට රු. බිලියන 2,584 දක්වා රු. බිලියන 33කින් ඉහළ යයි – එසේ තිබියදී, පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට රු. බිලියන 10 ක් වෙන් කිරීමට නොහැකි බව භාණ්ඩාගාර ලේකම් මහින්ද සිරිවර්ධන විසින් පැවසීම ද විශේෂත්වයකි.
  3. එක්සත් ජාතික පක්ෂයේ නායක සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ පළාත් පාලන මැතිවරණය පවත්වන්නේ නැති බවත්, තම ඉතිරි ධුරකාලය පුරාවටම රාජපක්ෂවරු ආරක්ෂා කරනු ඇති බවත් සමඟි ජන බලවේගයේ පා.ම. එරාන් වික්‍රමරත්න චෝදනා කරයි – ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සහ නීතිය උල්ලංඝනය කරමින් මැතිවරණයක් පැවැත්වීමට බාධා පමුණුවන පළමු අවස්ථාව මෙය බව ද පවසයි – 2023 දී මැතිවරණය පැවැත්වීමට රු. බිලියන 10 ක මුදල් වෙන්කළ බවත්, එය පැවැත්වීමට දැන් මුදල් නොමැති බව පැවසීම බරපතල මුසාවක් බව ද පවසයි.
  4. ශ්‍රී ලංකාව තවදුරටත් උග්‍ර ආහාර අනාරක්ෂිත තත්ත්ව වලින් පීඩා විඳින බව එක්සත් ජාතීන්ගේ ලෝක ආහාර වැඩසටහනේ වැඩබලන දේශීය අධ්‍යක්ෂක ජෙරාර්ඩ් රෙබෙලෝ පවසයි – මෙම තත්ත්වය සමස්ත ජනගහනයෙන් සියයට 30 කට බලපා ඇති අතර, මින් වඩාත්ම පීඩාවට පත්ව තිබෙන්නේ දුගී ජනතාව බව ද පවසයි.
  5. දේශීය සහ විදේශීය ආයෝජකයන් සඳහා වූ ආයෝජන අවස්ථා කඩිනමින් අනුමත කිරීමට නව ආර්ථික කොමිෂන් සභාවක් ස්ථාපිත කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසයි – මෙය රටේ ආර්ථිකය සැලකිය යුතු මට්ටමකින් දායක වනු ඇති බවට ද අපේක්ෂා කරයි.
  6. ඓතිහාසික මහනුවර නගරය “පූර්ණ සංවර්ධිත නගරයක්” බවට පත් කිරීමට “විශේෂ සැලැස්මක්” ක්‍රියාවට නැංවීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිවෙයි.
  7. කැබිනට් මණ්ඩලයේ තීන්දුවක් අනුව, ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ ගොඩ ගැසී ඇති රාජ්‍ය බැංකු දෙකකට හිමි ඇ.ඩො. බිලියන 2.6 ක පමණ රජයේ සහතික ණය භාණ්ඩාගාරය වෙත ලබා දෙන බව ඉහළ රජයේ නිලධාරියෙක් අනාවරණය කරයි – ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ලංකා බැංකුවට ඇ.ඩො. බිලියන 1.5 ක් ද, මහජන බැංකුවට ඇ.ඩො. බිලියන 1.1 ක් ද ණය වී ඇති බවට මීට ඉහත වාර්තා පළවී තිබිණි.
  8. කොළඹ කොටස් වෙළඳපොලේ සියලුම කොටස් මිල දර්ශකය (ASPI) ලකුණු 234 කින් (සියයට 2.64) ඉහළ ගොස් ලකුණු 9,082 කින් අවසන් වූ බව වාර්තා වේ.
  9. ශ්‍රී ලාංකික LGBTQ ප්‍රජාවගේ අයිතිවාසිකම් පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා ප්‍රධාන දේශපාලන පක්ෂවල නියෝජිතයන්ගේ හමුවක් පැවැත්වේ – ලංකා කම්කරු කොංග්‍රසයේ නායක අමාත්‍ය ජීවන් තොණ්ඩමන්, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පා.ම. ප්‍රේම්නාත් සී. දොලවත්ත, සමඟි ජන බලවේගයේ පා.ම. මයන්ත දිසානායක, සහ නිදහස ජනතා සභාවේ පා.ම. මහාචාර්ය චරිත හේරත් යන අය මෙහිදී තම අදහස් හුවමාරු කර ගත්හ – NextGenSL සංවිධානය විසින් මෙම හමුව ඒකාබද්ධව පවත්වන ලදී.
  10. මෑත කාලීනව නිකුත් වූ දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ 2023/02/07 දිනැති චක්‍රලේඛයේ, හුදෙක් මුදල්-නොවන ප්‍රතිලාභ ප්‍රමාණනය කිරීමේ විකල්ප ක්‍රමවේද අඩංගු වන බවත්, ආදායම් බදු අරමුණු සඳහා මුදල්-නොවන ප්‍රතිලාභ පිළිබඳ කිසිවක් නිදහස් වී නොමැති බවත් ශ්‍රී ලංකා බදු ආයතනයේ විශ්ලේෂණයකින් අනාවරණය වෙයි – කෙසේවෙතත්, මෙම සංශෝධනයන් හරහා අගතියට පත් පාර්ශවයන්ට සැලකිය යුතු මට්ටමේ සහනයක් හිමිවනු ඇති බවට මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය සහතික වෙයි.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan