රාහුල්ට බැම්මක් බැඳේ

Date:

ඕස්ට්‍රේලියාවට එරෙහිව පැවත්වෙන ඉන්දිය ටෙස්ට් තරගාවලියේ පළමු තරග දෙකම විශිෂ්ඨ අන්දමින් ජය ගන්නට ඉන්දීය කණ්ඩායම සමත් වුණත් කේ.එල්.රාහුල් දක්ෂතා අතර නොමැති වීම මේ වන විට දැඩි විවේචනයකට ලක්ව සිටියි.

ඒ අතර හිටපු ඉන්දීය ක්‍රීඩකයෙක් මෙන්ම ඉන්දීය ජාතික කණ්ඩායම්වලට යම් යම් අවස්ථාවන්වල පුහුණුකරුවෙක් ලෙස ද දායකත්වය දක්වන වෙන්කටේෂ් ප්‍රසාද් පවසන්නේ රාහුල් අසාර්ථක වෙන්න වෙන්න අවස්ථාව ලැබෙන ක්‍රීඩකයෙක් බවය.ඒ ගැන ඉඟි කරමින් වෙන්කටේෂ් පවසන්නේ, ඉන්දීය ක්‍රිකට්වල සමහර ක්‍රීඩකයන් අසාර්ථක වෙන්නට වෙන්නට සාර්ථක වන තුරු අවස්ථා ලැබෙන්නට වාසනාව ඇති අය බවය.නමුත් සමහර ක්‍රීඩකයන්ට සාර්ථක වුව ද අවස්ථාව නොලැබෙන බවය.

මේ තත්ත්වය මත රාහුල්ගේ තෙවන ටෙස්ට් තරගයේ නියෝජනය යම් අවිනිශ්චිත තත්ත්වයකට පත් විය හැකි අතර මාර්තු පළමු වැනිදා සහ මාර්තු නව වැනිදා ආරම්භ විමට නියමිත තෙවන සහ සිව්වන ටෙස්ට් තරගවලට නම් කරන ලද ඉන්දීය සංචිතයේ රාහුල් ඇතත්.ප්‍රථම හා දෙවන තරගවලට නම් කරන අවස්ථාවේ ඔහුව නම් කිරීමේදි සඳහන් කළ උප නායකත්වය මේ තේරීම්වලට ඇතුළත් කර නැත.

දෙවන ටෙස්ට් තරගය නිමා වී තෙවන සහ සිව්වන ටෙස්ට් තරගවලට පිවිසිමට පෙර පවත්වන එක් දින තරග තුන සඳහා ද රාහුල් නම් කර ඇති අතර සමහර විට එහිදී ලකුණු අතරට ඒමට රාහුල්ට අවස්ථාවක් උදා විය හැකිය.නමුත් ඉන්දීය එක්දින සංචිතය අතිශයින් ප්‍රබල එකකි.ඒ නිසා රාහුල්ට එහිදි ද සාර්ථක වන්නට ලැබෙන්නට ඇති අවස්ථා අවම අතර වෙන්කටේෂ් ප්‍රසාද් වැනි අය විසින් ඔහුව අනවශ්‍යය අවස්ථා ලබන්නෙක් ලෙස හැඟවීම නිසා අසාර්ථක වෙමින් ක්‍රීඩා කරන්නට අවස්ථාවක් ලැබෙනු ඇතැයි සිතන්නට අපහසුය.
රාහුල් විවාහ දිවියට එළැඹියේ ඉකුත් වසරේ (2022) සැප්තැම්බර් මාසයේදී ය.ඒ ජනප්‍රිය සිනමා පවුලක් වන සුනිල් සෙට්ටිගේ පවුලේ ඔහුගේ දියණිය වන සිනමා නිළි ඇතියා ෂෙට්ටිය.

නිෂ්මන් රණසිංහ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

විපක්ෂයට ආයෙ කඳුකර දමිළ ජනතාවත් එක්ක දේශපාලනයක් කරන්න බෑ – මාලිමා මන්ත්‍රී රවීන්ද්‍ර

සටහන - රුවන් නෙළුගොල්ල සමගි ජන බලවේගය ඇතුළු විපක්ෂයට මින්...

බංග්ලාදේශයේ හිටපු අගමැතිනී ෂෙයික් හසීනාට මරණ දඬුවම ?

සටහන: සශිකලා මධුෂාණි නොවැම්බර් 17: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : බංග්ලාදේශයේ හිටපු...

වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ග අද (17) උදෑසන සිට ඇරඹේ

සටහන - රුවන් නෙළුගොල්ල රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අද (17)...

අඩු පීඩන කලාපය තවදුරටත් – අද (17) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල දිවයින ආශ්‍රිතව අඩු පීඩන කලාපය...