බ්‍රසීලයේ සාඕ පවුලෝහි මිය ගිය සංඛ්‍යාව 40 දක්වා ඉහළට

Date:

පසුගිය සති අන්තයේ බ්‍රසීලයට බලපෑ වර්ෂාව හේතුවෙන් ඇති වූ ගංවතුර හා නාය යෑම් තත්වයන් නිසා මියගිය පිරිස 40 දක්වා ඉහළ ගොස් ඇති බව වාර්තා වේ. මේ හේතුවෙන් පුද්ගලයන් දස දහස් ගණනක් අවතැන්ව ඇති අතර ගලවා ගැනීමේ මෙහෙයුම් තව දුරටත් ක්‍රියාත්මක වන බව බ්‍රසීල රජය විසින් නිවේදනය කර තිබේ.

සාඕ පවුලෝ නගරයට ගිනිකොන දෙසින් වන 91,000 ක පමණ ජනතාවක් වෙසෙන Sao Sebastiao නගරය දැඩි ලෙස හානියට ලක්ව ඇති අතර මියගිය 40 දෙනාගෙන් 39 දෙනෙකුම ඉන් වාර්තා තිබේ. නාය යෑම් හා ගංවතුර හේතුවෙන් යටිතල පහසුකම් විශාල වශයෙන් හානියට ලක්ව ඇති අතර ජනාධිපති ලුයිස් ඉනාසියෝ ලූලා ද සිල්වා සඳුදා ගිනිකොනදිග සාඕ පවුලෝ ප්‍රාන්තයේ බලපෑමට ලක් වූ ප්‍රදේශවල හෙලිකොප්ටරයකින් පියාසර කර විපතට පත් ප්‍රදේශ දැක ගැනීමෙන් අනතුරුව ජනාධිපතිවරයා ටුවිටර්හි සඳහන් කර තිබුණේ Sao Sebastiao වඩා වේගයෙන් යථා තත්ත්වයට පත් වනු ඇති බවත්, අප වඩාත් ශක්තිමත් වනු ඇති බවත්ය.

එමෙන්ම මෙහිදී ආරක්‍ෂිත ස්ථානවල නව නිවාස ඉදිකර දී නගරය යළි ගොඩනැගීමටත්, ප්‍රධාන යටිතල පහසුකම් යථා තත්ත්වයට පත් කිරීමට රජය කටයුතු කරන බවටත්, ජනාධිපතිවරයා මෙහිදී පොරොන්දු වී ඇත.

වර්ෂාව හේතුවෙන් බලපෑමට ලක් වූ Sao Sebastiao, Caraguatatuba, ආදී ප්‍රදේශවල නගර හයකට දින 18 ක හදිසි තත්වයක් රජය විසින් ප්‍රකාශයට පත්කර ඇති අතර මෑත වසරවල ගංවතුර සහ නායයෑම් බ්‍රසීලයේ නිරන්තර හා මාරාන්තික සංසිද්ධියක් බවට පත්ව තිබේ.


සශිකලා මධුෂාණී_

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මර්වින්ට එරෙහි නඩු විභාගය ඇරඹේ. තමන් නිවැරදිකරු බව මර්වින් කියයි

සටහන - රුවන් නෙළුගොල්ල 2010 වසරේ මාර්තු මස 31 වනදා...

මීටියාගොඩ වෙඩිතැබීමක්. කාන්තාවක් මරුට !

සටහන - රුවන් නෙළුගොල්ල මීටියාගොඩ, කිරලගහවෙල හන්දියේ පිහිටි අවන්හලක් අසල...

නැඟි එන්නන් අතර ශ්‍රී ලංකාවේ පළමු ජය වාර්තා වෙයි.

නිශ්මං රණසිංහ නොවැම්බර් 17, කොළඹ LNW: නැඟී එන ආසියානු තරගාවලියේ...

21 විපක්ෂයේ ජන හඬට එරෙහිව කොළඹදී දැවැන්ත විරෝධයක්!

කොළඹ LNW:එළඹෙන 21 වැනිදා නුගේගොඩදී විපක්ෂය විසින් සංවිධානය කරනු...