පාර්ලිමේන්තුව හෙට දිනය දක්වා කල් තැබේ!

Date:

කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා විසින්, විපක්ෂයේ විරෝධතා හමුවේ පාර්ලිමේන්තුව හෙට (22) දිනය දක්වා කල් තැබීමට තීරණය කර ඇත. හෙට උදෑසන 9.30 දක්වා පාර්ලිමේන්තුව කල් තබා ඇත.

අද උදෑසන 9.30ට පාර්ලිමේන්තුව රැස් වූ අවස්ථාවේ සිට විපක්ෂයේ මන්ත්‍රීවරුන් මැතිවරණ ඉල්ලා විවිධ ප්‍රකාශ සිදුකළ අතර පාර්ලිමේන්තුව හමුවේ නැගී සිටිමින් විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා සඳහන් කළේ, මැතිවරණය කල් දැමීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා පක්ෂ නායක රැස්වීමක් කැඳවීමට පියවර ගන්නා ලෙසය.

ඊට ප්‍රතිචාර දක්වමින් කථානායකවරයා, අද පස්වරු 2ට පක්ෂ නායක රැස්වීමක් කැඳවීමට පියවර ගන්නා බව සඳහන් කළේය.

කෙසේවෙතත් ඉන් අනතුරුව විපක්ෂයේ සියලු දේශපාලන පක්ෂ සිය අසුන්වලින් නැගී සිටිමින් විරෝධතා පුවරු ඉහළට ඔසවමින් සභා ගර්භය මැදට පැමිණ විරෝධතාවයේ නිරත වීම හේතුවෙන් උද්ගතවූ තත්ත්වය පාලනය කිරීමට කථානායකවරයා විසින් හෙට උදෑසන 9.30 දක්වා පාර්ලිමේන්තුව කල් තබන බව දැනුම් දුන්නේය.

රෂිකා හෙන්නායක

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හරිනිටත් බාස්කට් බෝලයක් බස්සල ද?

නිශ්මං රණසිංහ නොවැම්බර් 17, කොළඹ LNW: ඕනෑම ක්‍රීඩාවක පාසල් මට්ටම...

ගාසාවේ තාවකාලික කූඩාරම් ගංවතුරෙන් යටවෙයි: දහස් ගණන් පීඩාවට!

රෂිකා හෙන්නායක නොවැම්බර් 17, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ගාසා තීරයේ වෙරළබඩ...

HIV ගැන නවතම හෙලිදරව්ව!

රෂිකා හෙන්නායක නොවැම්බර් 17, කොළඹ LNW : ජාතික ලිංගාශ්‍රිත රෝග/ඒඩ්ස්...

වන්දනාකරුවන් රැගත් බස් රථයක් සහ තෙල් බවුසරයක් ගැටෙයි – 42ක් ජීවිතක්ෂයට!

කොළඹ LNW:සෞදි අරාබියේ මදීනා නගරයට ආසන්නයේදි උම්රා වන්දනාකරුවන් රැගත්...