*
Sunday, September 29, 2024
spot_img

Latest Posts

මට මෙහේ ඉන්න බෑ, මේ කෑම කන්න බෑ, මට යන්න නොදුන්නොත් මම කවදාහරි උඹව ඉවර කරනවා! ඔනේෂ් සුබසිංහගේ නිවසේ සේවකයන් කියූ දේ…

අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා වෙත කරුණු වාර්තා කරමින් සඳහන් කළේ, කෝටිපති ව්‍යාපාරික ඔනේෂ් සුබසිංහ මහතාගේ නිවසේ සේවය කළ මෙහෙකාරියක විසින් ප්‍රකාශයක් ලබා දී ඇති බවයි.

“මට මෙහේ ඉන්න බැහැ, මේ කෑම කන්න බැහැ, මට යන්න නොදුන්නොත් මම කවදාහරි උඹව මරනවා යැයි රෝසා නෝනා මහත්තයාට තර්ජනය කරනවා” තමන් ට ඇසුණු බවට මෙහෙකාරිය ප්‍රකාශය දී ඇති බව ඉන්දුනීසියාවේ දී මිය ගිය කෝටිපති ව්‍යාපාරික ඔනේෂ් සුබසිංහ මහතාගේ මරණය සමිබන්ධයෙන් අධිකරණය වෙත කරුණු වාර්තා කරමින් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

තමාට තමාගේ රටට යාමට අවශ්‍ය බවත්, මෙරට ජීවත් වීමට නොහැකි බවත්, එසේ යාමට ඉඩ නොදෙන්නේ නම් ඈ ව ඝාතනය කරන බවට පවසමින් දබර කළ බවට තමාට ඇසුණු බවයි මෙහෙකාරිය විසින් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව වෙත ප්‍රකාශ කර ඇත්තේ.

ඔනේෂ් සුබසිංහ මහතාගේ මරණය සම්බන්ධයෙන් විමර්ශනයක් පවත්වන බවත් ඔහු පදිංචිව සිටි නාරාහේන්පිට නිවසේ සේවයේ යෙදී සිටින සේවකයන් පස්දෙනෙකුගේ ප්‍රකාශ ලබා ගත් බවටත් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණය වෙත පවසා සිටියේය.

සිද්ධිය සම්බන්ධයෙන් මරණකරුගේ සහෝදරයකු වන සුභාෂ් සුබසිංහ යන අය මෙම මරණය සැක සහිත බවට කරන ලද පැමිණිල්ලක් අනුව මෙහි විමර්ශන ආරම්භ කළ බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණය හමුවේ සඳහන් කළේය.

ඔහු පැමිණිල්ලක් කරමින් රහස් පොලිසියට පවසා ඇත්තේ සිය සොහොයුරා රොසාලිගෙන් දික්කාසාද විමට සැලසුම් කර සිටි බවත් විදේශගත වු පසු පණිවුඩ නොලැබුණු අතර පසුව සිසීටීවි පරික්ෂා කිරිමේ දී ඔවුන් නිවසින් පිටව ගිය බවට කරුණු තහවුරු වු බවත්ය.

මෙම මරණය සැක සහිත බැවින් ඒ සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු කරන ලෙසට පැමිණිල්ලෙන් ඉල්ලා සිටි බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණය හමුවේ සඳහන් කළේය.

මේ සම්බන්ධයෙන් විමර්ශන පැවැත්වීම සඳහා මරණකරුගේ නිවසේ සේවකයන්ගේ ප්‍රකාශ ලබා ගත් බව සඳහන් කළ රහස් පොලිසිය මරණකරුගේ දරුවා බලා ගත් සේවිකාව වන පුෂ්පරානි නමැත්තිය ප්‍රකාශයක් ලබා දෙමින් තමා දරුවා බලා ගන්න සේවිකාව බවත් දරුවා ලැබිමෙන් වසරකට පසුව ඔනේෂ් මහතා හා බිරිය රණ්ඩු වු බවත් ඈ බ්‍රසීලයට යාමට අවශ්‍ය බව කියමින් නිතර ඔහු සමඟ සණ්ඩු දබර කළ බවත් පවසා තිබේ.

“රෝසා නෝනාට කොච්චර සැලකුවත් සලකන්නේ නැති බව පවසා රණ්ඩු වෙනවා යැයි ඔනේෂ් මහත්තයා තමන්ට පැවසු” බවට ඇය සිය ප්‍රකාශය මගින් පවසා ඇත.

මීට අමතරව ජයසිංහ මුදියන්සේලාගේ ප්‍රියංගනි චන්ද්‍රලතා යන සේවිකාව ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ප්‍රකාශයක් ලබා දෙමින් පවසා ඇත්තේ මොවුන් නිතර රණ්ඩු වන බවය.

තවද දේවදානි මේකලා නමැති සේවිකාව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ප්‍රකාශයක් ලබා දෙමින් සඳහන් කර ඇත්තේ, “ලංකාවේ ඉන්න බැහැ, මම මගේ රටට යනවා පවසමින් නිතර මහත්තයා හා නෝනා රණ්ඩු වු බවත් රෝසා නෝනා සර් ව මරයි කියලා සැකයක් තිබු” බවත් ය.

“දවසක් මහත්තයා අපට කතා කරලා දරුවා අරන් රෝසා බ්‍රසීලයට යන්න හදනවා, මම උඹව කවදාහරි මරනවා යැයි රෝසා තර්ජනය කළා යැයි මහත්තයා පැවසු” බවට සේවිකාව විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ප්‍රකාශයක් ලබා දෙමින් පවසා ඇත.

මෙම මරණය ශ්‍රී ලංකාව තුළ කුමන්ත්‍රණය කිරිමෙන් සිදු කළ අපරාධයක් බව පවසන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ 32, 113 සමග 296 වගන්ති යටතේ විමර්ශන පවත්වන බවට අධිකරණයට කරුණු වාර්තා කර තිබිණ.

කෝටිපති ව්‍යාපාරික ඔනේෂ් සුබසිංහ මහතා පෙබරවාරි 5 වන දින ඉන්දුනීසියාවේ සුපිරි මහල් නිවාස සංකීර්ණයේ නිවසක සීරිම් තුවාල සහිතව මිය ගොස් සිටිය දී ඔහුගේ නිරුවත් සිරුර සොයා ගැනිණ.

රෂිකා හෙන්නායක

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan