එක්සත් ජාතීන්ගේ සාමසාධක හමුදා ගෞරවාචාරය අභාවප්‍රාප්ත ලාන්ස් කෝප්‍රල් එම්.ජී.එල්. දේශප්‍රියට පිරිනැමේ

කොළඹ (LNW): මාලි රාජ්‍යයේ බහුවිධ ඒකාබද්ධ ස්ථායිභාවය ඇති කිරීමේ මෙහෙයුම් මූලස්ථානයේ (MINUSMA) සාමසාධක රාජකාරින්හි නිරතව සිටියදී ඇති වූ හෘදයාබාධයක් හේතුවෙන් 6 වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා සේවා බලකායේ ලාන්ස් කෝප්‍රල් එම්.ජී.එල්. දේශප්‍රිය (42) බමාකෝ 3 වන මට්ටමේ රෝහල වෙත ඇතුළත් කිරීමෙන් අනතුරුව 2023 පෙබරවාරි මස 11 දින අභාවප්‍රාප්ත විය. ඔහුගේ දේහයට MINUSMA ප්‍රධාන මෙහෙයුම් මූලස්ථානයේ සාමසාධක හමුදාවෝ හමුදා සම්ප්‍රදායානුකූලව පසුගිය බ්‍රහස්පතින්දා (16) දින ඔහුගේ දේහයට ගෞරවාචාරය දැක්වූහ.   

සාමසාධක හමුදාවන්ගේ සම්ප්‍රදායානුකූලව, එක්සත් ජාතීන්ගේ ධජයෙන් ආවරණය කරන ලද කෝප්‍රල් එම්.ජී.එල්. දේශප්‍රිය ගේ මෘත දේහයට එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයාගේ නියෝජ්‍ය සහ විශේෂ නියෝජිත ඩැනියෙලා ක්‍රොස්ලැක් (Ms Daniela Kroslak) මහත්මිය ප්‍රමුඛ 4 වන සංග්‍රාමික රථ ආරක්‍ෂක ඛණ්ඩයේ අණදෙන නිලධාරි ඇතුළු නිලධාරින් සහ සෙසුනිලයන් අවසන් ගෞරව දැක්වූහ.

මැදවච්චිය ප්‍රදේශයේ පදිංචි දෙදරු පියකු වූ අභාවප්‍රාප්ත ලාන්ස් කෝප්‍රල් එම්.ජී.එල්. දේශප්‍රිය ගේ දේහය අවසන් කටයුතු සිදුකිරීම සඳහා ශ්‍රී ලංකාවට රැගෙන ඒමට නියමිතය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ක්ෂය රෝග මර්දනයට ඉන්දීය රජයෙන් අතහිත!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 07, කොළඹ LNW : රුපියල් මිලියන 52...

දිලිත් ඇතුළු පිරිසට එරෙහි අධිකරණයට අපහාස කිරීමේ නඩුව ඔක්. 15 දින යළි කැඳවයි!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 07, කොළඹ LNW : පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත්...

හිටපු ඇමති බෝගොල්ලාගමත් අත්අඩංගුවේ!

කොළඹ LNW:හිටපු අමාත්‍ය රෝහිත බෝගොල්ලාගම අල්ලස් හෝ දුෂණ චෝදනා...

CAA අලුත් වැඩක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 07, කොළඹ LNW : පලතුරු ඉදවුම් කිරීමේ...