නව නිලධාරීන් පත්කිරීම ගැන ජනාධිපති මාධ්‍ය අංශයෙන් නිවේදනයක්

Date:

නව ජනාධිපති ලේකම්වරයා වශයෙන් ලේකම් ගාමිණී සෙනරත් මහතා පත්වීමත් සමග ජනාධිපති කාර්යාලයේ සිදුකර ඇති ව්‍යුහාත්මක වෙනස්කම් කිහිපයක් සම්බන්ධයෙන් වැරදි අර්ථකථන දීමට ඇතැමුන් සමාජ මාධ්‍ය ඔස්සේ උත්සාහ දරමින් සිටින බවත් එම ප්‍රචාරයන් සාවද්‍ය බවත් ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

ඔවුන් නිකුත් කළ නිවේදනය පහතින් දැක්වේ.


කාර්යක්ෂම සේවාවක් වෙනුවෙන් ව්‍යුහාත්මක වෙනසක්…

ජනාධිපති ලේකම් ධුරයට ගාමිණී සෙනරත් මහතා පත්වීමත් සමග ජනාධිපති කාර්යාලයේ සේවා කටයුතු වඩාත් කාර්යක්ෂම කිරීමේ අරමුණින් ව්‍යුහාත්මක වෙනස්කම් කිහිපයක් සිදු කෙ‌රෙමින් පවතී.

ජනාධිපති අරමුදල, මහජන සම්බන්ධතා ඒකකය ඇතුළු ජනතාවට ඍජුව සේවා සැපයෙන ඒකකයන්හි තනතුරු සඳහා නව නිලධාරීහු පත්කර සිටිති.

නව ජනාධිපති ලේකම්වරයෙකු පත්වීමත් සමග මෙලෙස ගනු ලබන පරිපාලනමය වෙනස්කම් සඳහා පුද්ගල නාමයන් යොදා ගනිමින් වැරදි අර්ථකථනයන් දීමට ඇතැම් සමාජ මාධ්‍යයන් උත්සහ ගෙන ඇති බව දක්නට ලැබෙන අතර ඒවා සාවද්‍ය බව සඳහන් කළ යුතුය.

ජනාධිපති මාධ්‍ය අංශය
2022-02-20

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රනිල් එජාප නායකත්වය අතහරින්න සූදානමින්!

කොළඹ LNW: එක්සත් ජාතික පක්ෂයේ සහ සමගි ජන බලවේගයේ...

ඉරණමඩු ජලාශය තවදුරටත් වාන් දමයි..

රෂිකා හෙන්නායක දෙසැම්බර් 18, කොළඹ LNW : මේ වනවිටත් ,...

අද (18) පාර්ලිමේන්තුව කැඳවීමට හේතුව ?

රෂිකා හෙන්නායක දෙසැම්බර් 18, කොළඹ LNW : අද (18)...

ගාසා තීරයේ අවතැන් වූ ලක්ෂ සංඛ්‍යාත පලස්තීනුවන්ගේ තත්ත්වය ශීත කුණාටු හේතුවෙන් තවත් නරක අතට

සටහන : සශිකලා මධුෂාණි  දෙසැම්බර් මස 18: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ගාසා...