*
Wednesday, April 24, 2024
spot_img

Latest Posts

“ජනනි” මාතර ට

බිම් මට්ටමේ දේශපාලනයේ නිරත කාන්තාවන්ගේ ඩිජිටල් සාක්ෂරතාව නැංවීම සඳහා කැෆේ සංවිධානය මෙහෙයවන “ජනනි” වැඩසටහනේ පළමු අදියර  යටතේ උතුරු සහ දකුණු පළාත් වල වැඩසටහන් සාර්තකව පැවැත්වීමට හැකිවූ බව  කැෆේ සංවිධානය කියයි. එහි විධායක අධ්‍යක්ෂ මනාස් මකීන් මහතා පෙන්වා දුන්නේ උතුරේදී හා දකුණේදී එක හා සමාන උණුසුම් ප්‍රතිචාර මෙම වැඩසටහන කෙරෙහි හිමිවූ බවයි.   ඊයේ (20)පස්වරුවේ මාතරදී පැවැති වැඩසටහන අමතමින් මනාස් මකීන් මහතා මේ බව පෙන්වා දුන්නේය.

උතුරු පළාතේ මෙන්ම දකුණු පළාතේ සියලු දිස්ත්‍රික්ක ආවරණය වන ආකාරයට පැවැත්වූ මුල් අදියරේ වැඩසටහන් වලදී පළාත් පාලන නියෝජිතවරියන්ගේ ඩිජිටල් සාක්ෂරතාවය පිළිබඳව නිවැරදි ඇගයීමක් ලබාගැනීමට හැකිවූ බවත් මෙම වැඩසටහනේ ඉදිරි අදියරවලදී ඔවුන්ට අවශ්‍ය ආකාරයට ඩිජිටල් සාක්ෂරතාව ලබාදීමට කටයුතු කරන බවද කැෆේ සංවිධානයේ විධායක අධ්‍යක්ෂ වරයා පෙන්වා දුන්නේය.

මාතර හක්මණ පාරේ සරසි හෝටලයේ පැවති  මෙම වැඩසටහන සඳහා මාතර  දිස්ත්‍රික්කයේ පළාත් පාලන නියෝජිතවරියන්  සහ සිවිල් සංවිධාන ක්‍රියාකාරිණියන්  රැසක් එක්ව සිටියහ.

මෙහිදී බිම් මට්ටමේ නායිකාවන්ට ඩිජිටල්  සාක්ෂරතාවයේ අවශ්‍යතාව පිළිබඳව පැහැදිලි කරමින් ප්‍රධාන  දේශනය පවත්වනු ලැබුවේ ප්‍රවීන මැතිවරණ නිරීක්ෂකයෙකු වන මංජුල ගජනායක මහතා විසිනි. හිටපු පළාත් පාලන නියෝජ්‍ය කොමසාරිස් ධර්මසිරි නානායක්කාර මහතාද මෙහිදී වැඩමුළුව ඇමතීය.  කැෆේ සංවිධානයේ දකුණු පළාත්  සම්බන්ධිකාරක ප්‍රේමබන්ධු ජයතිලක මහතාගේ මෙහෙයවීමෙන් මෙම වැඩමුලුව පැවැත්විණ.

(වැඩි විස්තර සඳහා අමතන්න මනාස් මකීන් (විධායක අධ්‍යක්ෂ ) 0776539793 )

මාධ්‍ය ඒ්කකය

කැෆේ සංවිධානය

2022 පෙබරවාරි 20 වන දින             

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan