ගොවි, ධීවර හා රාජ්‍ය සේවයේ විශ්‍රාම වැටුප් ගැටලු රැසක් විපක්ෂ නායක සජිත් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරයි

Date:

ජන ගහන සංයුතියේ වෙනස්කම් ආර්ථික හා සමාජිය වටපිටාවේ සිදුවන අනපේක්ෂිත කඩා වැටීම් හමුවේ රටක සෑම පුද්ගලයකුම සමාජ ආරක්ෂණ ජාලයක සාමාජිකයකු බවත් සමාජ ආරක්ෂණ ක්‍රමවේද අතර අන්තර් සබඳතාවක් නොමැති වීම සමාජ ආරක්ෂණ ප්‍රතිලාභ ලබා දීමේ අරමුණු නිසි ලෙස වටහා නොගැනීම ප්‍රතිලාභ ලබා දීමට ප්‍රමාණවත් අරමුදල් නඩත්තු කිරිමට නොහැකි වීම හා නිසි කලට සිදු කරන විද්‍යාත්මක පුරෝකථනයන්ගේ බැහැරව තාවකාලික දේශපාලන වාසි මත සිදු කරන සමාජ ආරක්ෂණ ප්‍රතිලාභ ලබා දීමේ තීරණ නිසා සෑම විශ්‍රමික හෝ සමාජ ආරක්ෂණ ප්‍රතිලාභී අරමුදල් අස්ථාවර වී ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

විශ්‍රාම වැටුප් විෂමතා සහිත තවමත් විශ්‍රාම වැටුප් ලබා ගන්නා 2016-2020 කාලයේ විශ්‍රාම ගත් 112,000කගේ විෂමතා ඉවත් කරන්නේ කවදාද මෙන්ම විශ්‍රාමිකයන් සදහා ලබා දෙන 2500ක ජීවන වියදම් දීමනාව දැනට සේවයේ නියුතු රාජ්‍ය සේවකයන්ට ලබා නොදී ඇති බවත් පසුගිය වසර 10 තුළ රාජ්‍ය සේවයේ විශ්‍රාම වැටුප් වියදම සැලකිය යුතු වැඩි වී ඇති බවත් එම වැඩිවීම සම්බන්ධව ඉදිරි වසර 10 සදහා සිදු කර ඇති පුරෝකථන කෙසේද කියා විපක්ෂ නායකවරයා ප්‍රශ්න කර සිටියේය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ ඊයේ (20) පාර්ලිමේන්තුවේදී ස්ථාවර නියෝග 27 (2) යටතේ ප්‍රශ්න කරමිනි.

විශ්‍රාම වැටුපේ අඛණ්ඩ වැඩිවීම රජයට දරාගත නොහැකි බවට බොහෝ මත වරින්වර සංවාදයන්ට ලක්වන හෙයින් තිරසර විශ්‍රාම වැටුප් ප්‍රතිලාභ ලබා දීම තහවුරු කිරීම සදහා රජය සතුවන අධ්‍යයනය හා වැඩපිළිවෙළ සම්බන්ධයෙන් ද විපක්ෂ නායකවරයා මෙහි දී විමසා සිටියේය.

ගොවි විශ්‍රාම වැටුප් ක්‍රමය අද සහමුලින්ම කඩා වැටී ඇති නිසා එය සක්‍රිය කර ක්‍රියාත්මක කරන ලෙසත් ධීවර විශ්‍රාම වැටුප සම්බන්ධයෙන් ද අවධානය යොමු කරන ලෙසත් එය තිරසරව පවත්වාගෙන යා යුතු බවත් විපක්ෂ නායකවරයා මෙහි දී පැවසීය.

එසේම එකිනෙකට වෙනස් සම්බන්ධයක් නොමැති විශ්‍රාම අරමුදල් හෝ සමාජ ආරක්ෂණ ප්‍රතිලාභ ලබා දීමේ ක්‍රමවේදයක් වෙනුවට සෑම පුද්ගලයකුම ආවරණය වන සමාජ ආරක්ෂණ වැඩපිළිවෙළක් සකස් කරන ලෙසත් විපක්ෂ නායකවරයා මෙහි දී ඉල්ලා සිටියේය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අපේ ලිපියට ක්‍රීඩා ඇමති දැක් වූ ප්‍රතිචාරය ගැන

නිශ්මං රණසිංහ අගෝස්තු 17, කොළඹ LNW: අප විසින් ලියන්නට යෙදුණ ‘මලල...

උතුරේ සහ නැගෙනහිර ඇතැම් දේශපාලන පක්ෂ කිහිපයක් ජනතාව නොමග යවමින් සිටිනවා – ඇමති නලින්ද

රෂිකා හෙන්නායක අගෝස්තු 17, කොළඹ LNW: අද(17) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ...

තමා ජනාධිපති ධුරය දරනතාක්කල් ෂිජින් පින් තායිවානය ආක්‍රමණය නොකරන බවට තමන්ට පැවසූ බව ට්‍රම්ප් කියයි

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 17: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ට්‍රම්ප් බලයේ සිටින...

පිත්තෙන් මිනෙත් පන්දුවෙන් රයන් පෙරමුණට

නිශ්මං රණසිංහ අගෝස්තු 17, කොළඹ LNW: ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙයවන...