“ගොවීන් ඉල්ලා සිටින්නේ ගෞරවයයි, අපට සදහටම දුප්පත් විය නොහැක” – ඉන්දියාවේ ගොවි විරෝධය අඛණ්ඩවම

Date:

සටහන: සශිකලා මධුෂාණි, පෙබරවාරි 21,
ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : මොදිගේ රජයට එරෙහිව පන්ජාබයේ සිට සංවිධානය කෙරෙන විරෝධතාවට ගොවි සංගම් 250කට අධික සංඛ්‍යාවක් සහය පළ කර ඇති බව වාර්තා වේ.

මොදීගේ රජයට එරෙහිව ප්‍රධාන ඉල්ලීම් කිහිපයක් යටතේ සංවිධානය වන ඉන්දියාවේ ලක්ෂ සංඛ්‍යාත ගොවියන් සිය බෝග වගාවන් වෙනුවෙන් නිශ්චිත තිරසාර මිලක් ලබා දී යහපත් ඉපැයීමක් ලබා දී සිය මැතිවරණ පොරොන්දු ඉටු කරන මෙන් මොදීගේ රජයෙන් ඉල්ලා සිටියි.

ඉන්දියාවේ කාලගුණික විපර්යාසයන්, ජල මට්ටම පහත වැටීම්, අස්වැන්න කෙරෙහි බලපෑම් සහ ගොවීන් ගැඹුරට ණයට තල්ලු කිරීම හේතුවෙන් කෘෂිකර්මාන්තය දැඩි අර්බුදයකට ලක්ව ඇති අතර සෑම වසරකම ගොවීන් දහස් ගණනක් සිය දිවි නසා ගනී.

2021 පෙර පැවති ගොවීන්ගේ විරෝධතාවයේදී 700 වැඩි පිරිසක් මිය ගිය ගිය අතර මේ වන විට පැවැත්වෙන විරෝධතාවයන් අතරතුර හර්යානා ප්‍රාන්තයේ විරෝධතාවයේ නිරත ගොවීන්ට කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කිරීම හේතුවෙන් මේ වන විට තිදෙනෙක් සම්පුර්ණයෙන් අන්ධ භාවයට පත්ව තිබීම සම්බන්ධයෙන් රජය දැඩිලෙස විවේචනයට ලක්ව තිබේ.

ඉන්දියාවේ ගොවි ප්‍රජාව ජන්ද දායකයන්ගෙන් සැලකිය යුතු ප්‍රමාණයක් වන හෙයින් ඉන්දියාවේ ජාතික මැතිවරණයට මාස දෙකක් පමණක් ඉතිරිව තිබියදී ගොවීන් උත්සාහ කරන්නේ ඔවුන් නොසලකා හැරිය නොහැකි බව සහතික කිරීමට ය.

2022 දී ජාතික අපරාධ වාර්තා කාර්යාංශය (NCRB) විසින් රැස් කරන ලද දත්ත වලට අනුව ගොවීන් 11,290 ක් සියදිවි නසාගැනීම් වලින් මිය ගොස් තිබේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Mens Rea නැතිව අපරාධයක්?B වාර්තාවේ නීතිමය හිඩැස!රනිල් – සරෝජා හුටපටය!

පුවතේ Audio පිවිසුම වෙත; පුවතේ Video පිවිසුම වෙත; https://youtu.be/4RSV0SlcEBU සටහන - විශේෂ...

අපි දේශපාලනය සමඟ ක්‍රීඩාව මිශ්‍ර නොකළ යුතුයි – නාමල් රාජපක්ෂ

රෂිකා හෙන්නායක පෙබරවාරි 14, කොළඹ LNW : “ඉන්දු-පාකිස්තාන ද්විපාර්ශ්වික සබඳතා...

නීතියේ ආධිපත්‍යය වෙඩි උණ්ඩ හමුවේ බිඳ වැටෙනවද?

රෂිකා හෙන්නායක පෙබරවාරි 14, කොළඹ LNW : පුවත අසන්න මෙතැනින්.. පුවත...

යුරෝපය සටන් කිරීමට සූදානම් විය යුතු බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා මියුනිච් ආරක්ෂක සමුළුවේදී කියයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 14: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): යුරෝපය තම ජනතාව,...