සෑම පැය දෙකකට වරක්ම සුඩානයේ දරුවකු මිය යයි.

Date:

සටහන: සශිකලා මධුෂාණි, පෙබරවාරි 21,
ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : යුද්ධයෙන් අවතැන් වූ සුඩානයේ ලක්ෂ සංඛ්‍යාත ජනතාවගේ කඳවුරක් වන Zamzamහි කුසගින්න හා විවිධ රෝග ආබාද හේතුවෙන් සෑම පැය දෙකකට වරක් දරුවකු මියයන බව වාර්තා වේ.

පිරිසිදු පානීය ජලය සහ වෛද්‍ය ප්‍රතිකාර සඳහා ප්‍රවේශය නොමැති සුඩානයේ ළමුන්ගෙන් 25% ක් පමණ දැඩි මන්දපෝෂණයෙන් පෙළෙන අතර කඳවුර පුරා ඩෙංගු උණ සහ මැලේරියාව කඳවුර පුරා පැතිර යමින් පවතියි.

2023 වසරේ අප්‍රේල් 15වන දා සුඩාන හමුදාව සහ පැරාමිලිටරි වේගවත් ආධාරක බලකාය (RSF) අතර වත්මන් යුද්ධයට ඇරඹුණු දා සිට ජුනි මාසයේ එක් කුඩා බෙදාහැරීමක් හැරුණු විට ආහාර ආධාර කිසිවක් Zamzam වෙත පැමිණ නැත. මාස 10ක යුද්ධයකින් සුඩානය කඩාවැටීමේ අද්දරට ගෙන ගොස් ඇති අතර එහි මිලියන 50 ක ජනතාවගෙන් අඩකට ආහාර ආධාර අවශ්‍ය වන බව එක්සත් ජාතීන්ගේ සංවිධානය නිවේදනය කර තිබේ.

Clingendael ආයතනය විසින් ප්‍රකාශයට පත් කරන ලද පර්යේෂණයකට අනුව, බොහෝ දුරට ජුනි මාසය වන විට සුඩානයේ බොහෝ ප්‍රදේශවල සාගතයක් ඇති වන අතර එමඟින්, මිලියන භාගයක් මිනිසුන් මිය යනු ඇති බව සඳහන් කර තිබේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කුරුණෑගල හිටපු නගරාධිපති රට පනින්නද හදන්නේ?

කොළඹ LNW:කුරුණෑගල හිටපු නගරාධිපති තුෂාර සංජීව විතාරණ රටින් පිටව...

ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

ලන්ඩන් කවි 5වන වෙළුම 2025 ජුලි කලාපය හිටිවන හෙළ කවේ නද...

ප්‍රකෝටිපති මස්ක් නව දේශපාලන පක්ෂයක් පිහිටුවන ලකුණු ?

සටහන: සශිකලා මධුෂාණිජුලි 01; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): එක්සත් ජනපද ජනාධිපති...

බස් ගාස්තු සංශෝධනය වෙයි – නව ගාස්තු ජූලි 4 සිට ක්‍රියාත්මකයි!

කොළඹ LNW:එළැඹෙන ජූලි මස 04 වැනි දින සිට බස්...