Nippon knockout 24 දා සිට

Date:

නිපොන් පේන්ට් ප්‍රදාන අනුග්‍රාහකත්වය දරන පිළිමළුන් පිටු දැකීමේ රගර් තරගාවලිය පෙබරවාරි 24 වන දා ආරම්භ වීමට නියමිතය.දීර්ඝ ඉතිහාසයක් ඇති ක්ලෆර්ඩ් කප් තරගාවලිය ලෙස ප්‍රකට මෙම තරගාවලිය මෙවර වර්ණවත් කරන්නට නිපොන් පේනට් සමඟ Webxpay Siddaleppa Ad Sports යන අනුග්‍රහාකයන්ද එක් වි ඇත.

ලීග් සූරතාවයේ ඉහළ සහ පහළයා වෙන ආකාරයට තරග සටහන සකස් කර ඇති මෙම තරගාවලියේ පළමු හමුව සිඳු වීමට නියමිත පෙරවාරි 24 වන දා පල්ලෙකැලේ දී ය.එහිදී ලීග් සූරයන් වන මහනුවර ක්‍රීඩා සමාජය සහ අටවන තැනට පත් සීඑච් ඇන්ඩ් එෆ්සී කණ්ඩායම් පිළිමළුන් පිටුදැකීමේ තරගාවලියේ ප්‍රථම තරගය සඳහා හමු වනු ඇත.

පෙබරවාරි 26 වන දා වන විට පිළමළුන් පිටුදැකීමේ තරගාවලියේ පළමු වටයේ තරග 4 නිමාවට පත්වන අතර අවසන් පූර්ව තරග පැවත්වෙන්නේ මාර්තු පළවන දා සහ දෙවන දා ය.මෙම තරගාවලියේ අවසන් තරගය මාර්තු 5 වන දා පැවත්වීමට නියමිතය.එදිනම කාන්තා ලීග් තරගාවලියේ අවසාන තරගය ද ශ්‍රි ලංකා යුද හමුදා කණ්ඩායම සහ නාවික හමුදා කණ්ඩායම් අතර පැවත්වීමට සූදානම් කර ඇත.



නිෂ්මන් රණසිංහ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පොරවල් අතර පොරේ පොර : හරියටම හරියන සුදාගේ අනාවැකි !

යූටියුබ් සුදා හෙවත් සුදත්ත තිලකසිරි ප්‍රසිද්ධියේම කියපු අනාවැකියක් ඊයේ...

කොදෙව් බලා යන්න නම් කළ ශ්‍රී ලංකා 19 න් පිළට මහනුවරින් පහයි – කොළඹින් පහයි

නිශ්මං රණසිංහ අගෝස්තු 23, කොළඹ LNW: කොදෙව් දූපත් හි පැවත්වෙන තරග...

තැපැල් සේවක වැඩවර්ජනය අඛණ්ඩව 6 වැනි දිනටත්

සටහන - රුවන් නෙළුගොල්ල ඉල්ලීම් 19ක් මුල්කර ගනිමින් තැපැල් සේවකයින්...

රනිල් බන්ධනාගාර රෝහලට ඇතුළත් කෙරේ

රක්ෂිත බන්ධනාගාරගත කෙරුණු හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා බන්ධනාගාර...