අධිවේගයේ කිසිම දූෂණයක් නෑ, වසන්ත සමාගමකින් සල්ලි අරන් චෝදනා කරනවා – ජොනී (VIDEO)

Date:

මධ්‍යම අධිවේගී මාර්ගයේ රඹුක්කන කොටසේ ඉදිකිරීම් සඳහා වූ ටෙන්ඩරය ප්‍රදානයේදී ඇමරිකානු ඩොලර් මිලියන 820ක දූෂණයක් සිදුව ඇති බවට ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත සමරසිංහ මහතා කර ඇති ප්‍රකාශය සම්පූර්ණයෙන්ම අසත්‍ය බවත් ඔහු පවසන MCC නම් සමාගම අදාළ ටෙන්ඩරයට ඉදිරිපත් වී හෝ නොමැති බවත් මහමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පවසයි.

“දූෂණ විරෝධී හඬේ නියෝජනය හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත සමරසිංහ මහත්මයා චෝදනා වගයක් කරලා තියෙනවා දූෂණයක් වෙලා තියෙනවා කියලා. තාම ප්‍රසම්පාදන කටයුතු කෙරීගෙන යන්නෙ. කිසිම ටෙන්ඩරයක් තාම දීලා නෑ. ඔහු කියලා තියෙනවා MCC කියලා සමාගමක් ගැන. MCC කියන ඔය කටුනායක අධිවේගී මාර්ගය හදපු සමාගම කිසිසේත්ම මේ ටෙන්ඩරයට ඉදිරිපත්වෙලා නෑ. ඒ සමාගම තමයි වටරවුම් පාරේ මංතීරු 6ක් බිලියන 66කට කොන්ත්‍රාත් දීලා තිබුණා, ඔවුන් ඒ මංතීරු 6න් 2ක් අඩුකරලා මංතීරු 4ක් හදලා බිලියන 66කට දුන්න සමාගම.

වසන්ත මන්ත්‍රීතුමා කියනවා අල්ලස් කොමිසමට ගිහිල්ලා පැමිණිල්ලක් කරනවා කියලා, උසාවි යනවා කියලා. මම අහන්න කැමතියි එතුමා ඇයි යහපාලන ආණ්ඩුව කාලෙදී බිලියන 66ට තිබිච්ච මංතීරු 6ක් මංතීරු 4ට අඩුකරලා බිලියන 66ට දෙද්දී ඇයි අල්ලස් කොමිසමට ගියෙ නැත්තෙ ? ඇයි උසාවියට ගියෙ නැත්තෙ ? ඒ කියන්නෙ පැහැදිලිවම පේන දෙයක් තමයි මේගොල්ලො කාගෙන්හරි සල්ලි අරගෙන ඒ සමාගම නියෝජනය කරනවා. ඒ නිසා අපි කියනවා කිසිම දූෂණයක් සිද්ධවෙලා නෑ. අපි කියනවා කරුණාකරලා බොරු චෝදනා පටළවන්නෙ නැතුව ඇත්ත හොයාගෙන කතාකරන්න. සමාගම් පස්සේ ගිහිල්ලා සමාගම්වල නියෝජිතයෝ දෙන ඒවා අරගෙන මාධ්‍යට ඇවිල්ලා ඉතුරු 3%ත් අඩුකරගන්න එපා”

අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා මේ බව පැවසුවේ ඊයේ (21) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කොළඹ නගර සභා වාහනවලින් ඉන්ධන ඇද විකුණූ සේවකයින් දෙකක් අත්අඩංගුවට… වැඩත් තහනම්.

කොළඹ නගර සභාවේ වාහනවලින් ඉන්ධන ඉවත් කර විකුණූ සේවකයින්...

නව න්‍යෂ්ටික ගිවිසුමකට එළඹෙන ලෙස බල කරමින් ට්‍රම්ප් විසින් ඉරානයට එරෙහිව නාවික බලඇණියක් යොදවයි!

රෂිකා හෙන්නායක ජනවාරි 28 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): නව න්‍යෂ්ටික...

දෙස් විදෙස් පාපන්දු කැකුළු SLR සංවිධානයෙන් කොළඹදී විකසිත වෙයි

නිශ්මං රණසිංහ ජනවාරි 28, කොළඹ LNW: අවුරුදු 12 න පහළ...

විස්සයි විස්සට එක්දින තරගාවලියේ නොසිටි හතරක්

නිශ්මං රණසිංහ ජනවාරි 28, කොළඹ LNW ජනවාරි 30 දා පල්ලෙකැලේදී...