චීන ඔත්තුකාරියක බවට සැක කෙරෙන කාන්තාවක සමඟ සබඳතාවක් පැවැත්වූ බවට චෝදනා එල්ල වූ NVIDIA ප්‍රධාන විධායක නිලධාරියා ගැන FBI පරීක්ෂණයක්

සටහන: සශිකලා මධුෂාණී
ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) නොවැම්බර් 10:
ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසන්නේ ලොව ප්‍රමුඛතම චිප් නිෂ්පාදන සමාගමක් වන එන්වීඩියා (NVIDIA) හි ප්‍රධාන විධායක නිලධාරී ජෙන්සන් හුවාං සම්බන්ධයෙන් FBI පරීක්ෂණයක් සිදුකරන බවයි.

චීන ඔත්තු සේවයට තොරතුරු ලබාදුන් බවට සැක කෙරෙන චීන ව්‍යාපාරික කාන්තාවක සමඟ හුවාං අනියම් සබඳතාවක් පවත්වා ඇති බවට මාධ්‍ය වාර්තා පළවීමත් සමඟ මෙම පරීක්ෂණය පිළිබඳ අවධානය යොමුව තිබේ.

ට්‍රම්ප් සඳහන් කර ඇත්තේ තමන් මේ සම්බන්ධයෙන් හුවාං සමඟ දුරකථනයෙන් කතා කළ බවත්, අදාළ කාන්තාව ඔත්තුකාරියක බව තමන් නොදැන සිටි බව හුවාං පැවසූ බවත්ය. එම ප්‍රකාශය තමන් විශ්වාස කරන බව ද ට්‍රම්ප් පවසා තිබේ.

මේ අතර, එන්වීඩියා සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලය ද මෙම සිදුවීම සම්බන්ධයෙන් ස්වාධීන අභ්‍යන්තර පරීක්ෂණයක් ආරම්භ කර ඇති අතර සමාගමේ රහස්‍ය තොරතුරු හෝ ඇමෙරිකානු ජාතික ආරක්ෂාවට අදාළ තොරතුරු හෙළිවී ඇති බවට මේ දක්වා සාක්ෂි නොමැති බව සමාගම සඳහන් කර තිබේ.

කෙසේ වෙතත්, චීනය මෙම ඔත්තු බැලීමේ චෝදනා ප්‍රතික්ෂේප කරමින් ඒවා පදනම් විරහිත බව ප්‍රකාශ කර ඇති අතර මෙම සිදුවීම ලෝකයේ ප්‍රමුඛතම කෘත්‍රිම බුද්ධි චිප් නිෂ්පාදකයා වන එන්වීඩියා සමාගමේ අනාගතය මෙන්ම ඇමෙරිකානු ජාතික ආරක්ෂාව පිළිබඳව ද ප්‍රශ්න මතු කර තිබේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඇමෙරිකානු ආරක්ෂක ලේකම් පීට් හෙග්සෙත්ට එරෙහිව දෝෂාභියෝගයක් රිපබ්ලිකන් පාක්ෂිකයෙකුම ගෙන එයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) නොවැම්බර් 10: ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ්...

අද (10) දවසේ වැසි තත්වය

සටහන - රුවන් නෙළුගොල්ල අද (නොවැම්බර් 10) දිනයේදී උතුරු පළාතේ...

අපි අහිංසක මිනිස්සුන්ට බදු වැඩි කරලා නෑ. අපි එකතු කරන සියලු බදු මුදල් නැවත ජනතාවට ලැබෙමින් තියෙනවා – ඇමති TB

මෙතෙක් පැවති ආණ්ඩු ව්‍යාපාරිකයින්ට බදු සහන ලබා දුන්නත් වත්මන්...

MoD අනුමැතිය විතරයි නොතිබුණේ – ඩ්‍රෝන සිද්ධිය ගැන නලින් බණ්ඩාරගෙන් කරුණු පැහැදිලි කිරීමක්

සටහන - රුවන් නෙළුගොල්ල කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොලේදී රඳවාගත්...