*
Thursday, March 28, 2024
spot_img

Latest Posts

අධිකරණ ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙලට ජාත්‍යන්තරයේ සහාය

අධිකරණ අමාත්‍යංශය මූලිකත්වය ගනිමින් ශ්‍රී ලංකාවේ අධිකරණ ප්‍රතිසංස්කරණ වැඩසටහන (JURE) ක්‍රියාත්මක කිරීමට සූදානම් බව වාර්තා වේ. මේ සඳහා අරමුදල් සපයන්නේ යුරෝපා සංගමය (EU) එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන (UNDP) සහ එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල යි. (UNICEF)

අධිකරණ අංශයේ සියළු පාර්ශවකරුවන්ගේ සහභාගීත්වයෙන් ද යුතුව වසර හතර හමාරක කාලයක් තුළ ක්‍රියාත්මක වන මෙම වැඩපිළිවෙලට යුරෝපා සංගමයෙන් යුරෝ මිලියන 18 ක (රු. බිලියන 4 පමණ) මුදලක් සහ එක්සත් ජාතීන්ගෙන් යුරෝ මිලියනයක (රු. මිලියන 225 ක පමණ) මුදලක් ලැබීමට නියමිතය.

යුක්තිය පසිඳලීම සඳහා ඇති ප්‍රවේශය ශක්තිමත් කිරීම, අධිකරණ ක්ෂේත්‍රයේ විනිවිදභාවය සහ වගවීම වැඩිදියුණු කිරීම මෙන්ම ගුණාත්මක හා කාර්යක්ෂම සේවා සැපයීම වැඩිදියුණු කිරීම සඳහා සහාය දැක්වීමේ පරිපූර්ණ පැකේජයක් ලෙස මෙම වැඩපිළිවෙල ක්‍රියාත්මක වනු ඇති බවයි අධිකරණ අමාත්‍යංශයේ ආරංචිමාර්ග සඳහන් කරන්නේ.

අධිකරණ අමාත්‍යංශයේ සංකල්පයකට අනුව ක්‍රියාත්මක වන මෙම වැඩපිළිවෙල විශේෂයෙන්ම කාන්තාවන් හා ළමුන්ට යුක්තිය සඳහා ඇති ප්‍රවේශය වැඩිදියුණු කිරීම, වාණිජමය කරුණු සම්බන්ධයෙන් කටයුතු කිරීම සඳහා ආරවුල් විසඳීමේ විකල්ප යාන්ත්‍රණයන්ට සහාය වීම සහ කාර්යක්ෂමතාව වැඩිදියුණු කිරීම සඳහා ඩිජිටල් තාක්ෂණය උපරිමයෙන් භාවිතා කිරීම කෙරෙහි වැඩි අවධානයක් යොමුකරනු ලබයි.

නව්‍ය ප්‍රතිසංස්කරණ, ඩිජිටල් පරිවර්තනය සහ ශක්තිමත් කරන ලද ආයතන ව්‍යූහයන් හරහා රට තුළ නවීන, කාර්යක්ෂම සහ වඩාත් ඇතුළත්භාවයකින් යුතු අධිකරණ ක්ෂේත්‍රයක් ගොඩනැඟීම සඳහ මෙම අධිකරණ ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙල දායක වනු ඇත. එය වැඩිදියුණු කළ සමාජ සහජීවනය සහ වඩාත් සාමකාමී හා සාධාරණ සමාජයක් නිර්මාණය කිරීමෙහි ලා මඟ පාදන බවයි අධිකරණ අමාත්‍යංශය පවසන්නේ.

ඊයේ (21) දින වැඩසටහන ආරම්භ කිරීමේ අවස්ථාවට සහභාගී වෙමින් අධිකරණ අමාත්‍ය අලි සබ්‍රි මහතා ප්‍රකාශ කර සිටියේ, ශ්‍රී ලංකා ජනරජයේ ඉදිරි ගමන සඳහා කාර්යක්ෂම, ඇතුළත්භාවයකින් යුතු සහ ස්වාධීන අධිකරණ පද්ධතියක් මූලික අවශ්‍යතාවයක් බවට පත්ව ඇති බවයි.

නවීන යාන්ත්‍රණයක් සහ සංවර්ධන හවුල්කරුවන්ගේ සහයෝගය නොමැතිව මෙම අරමුණු සාක්ෂාත් කර ගැනීම දුෂ්කර කාර්යයක් වනු ඇති බව පෙන්වා දුන් අධිකරණ අමාත්‍යවරයා, ඒ සඳහා යුරෝපා සංගමය, එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන හා එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල සමඟ අත්වැල් බැඳගැනීමට හැකිවීම සතුටට කරුණක් බව ද අවධාරණය කළේය.

මෙම අවස්ථාවට සහභාගී වූ ශ්‍රී ලංකාවේ යුරෝපා සංගමයේ තානාපති ඩෙනිස් චයිබි මහතා පවසා සිටියේ, සමාජ සහජීවනය සඳහාත් රාජ්‍යය හා පුරවැසියන් අතර අන්‍යොන්‍ය විශ්වාසය ශක්තිමත් කිරීම සඳහාත් නවීන, කාර්යක්ෂම සහ පුළුල් අධිකරණ ක්‍ෂේත්‍රයක් පැවතීම වැදගත් බවයි. එමෙන්ම ශ්‍රී ලංකා ජනරජය හා එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන මෙන්ම එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල සමඟ එක්ව මෙරට අධිකරණ ක්‍ෂේත්‍රය ප්‍රතිසංස්කරණය කිරීම සඳහා යුරෝපා සංගමය විසින් ඉහළ ප්‍රමුඛතාවයක් ලබා දී ඇති බවත්, ඒ සඳහා වෙන් කොට ඇති ප්‍රතිපාදන ප්‍රමාණය තුළින් එය පැහැදිලි වන බවත් හෙතෙම ප්‍රකාශ කරන ලදී.

විශ්වාසදායක පාර්ශවකරුවෙකු වශයෙන් ශ්‍රී ලංකාවේ අධිකරණ ක්‍ෂේත්‍රයට එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන විසින් දිගුකාලීනව ලබා දුන් සහයෝගය සිහිපත් කරමින් අදහස් දැක්වූ එහි ශ්‍රී ලංකා නේවාසික නියෝජිත රොබට් යූජකම් මහතා, යුක්තිය සඳහා ප්‍රවේශය වැඩිදියුණු කිරීම, මහජන අවශ්‍යතා සහ හැකියාවන් මූලික කරගත් ප්‍රතිපත්ති, ආයතන සහ වැඩසටහන් සඳහා අවැසි ආකාරයට JURE වැඩසටහන සැලසුම් කර ඇති බවත්, අධිකරණ ක්‍ෂේත්‍රයේ අදාළ රාජ්‍ය ආයතන, ස්වාධීන කොමිෂන් සභා, වෘත්තීය ආයතන, අධ්‍යයන ආයතන සහ සිවිල් සමාජය ඇතුලු සියලු පාර්ශවකරුවන් හට අධිකරණ ක්ෂේත්‍රය ප්‍රතිසංස්කරණය සඳහා වන ජාතික ප්‍රයත්නයට සහාය වෙමින් එක්ව වැඩ කිරීම සඳහා සුදුසු වේදිකාවක් සැපයීමට JURE වැඩසටහනට හැකි වනු ඇති බවත්, මෙම වැඩසටහන හරහා ජාත්‍යන්තර ප්‍රමිතීන්ට හා උසස් භාවිතයන්ට අනුගතව අධිකරණ ප්‍රතිසංස්කරණ සිදු කිරීමට හා සාමය, යුක්තිය සහ ශක්තිමත් ආයතන පිළිබඳ SDG-16 ඉලක්ක සාක්ෂාත් කර ගැනීම සඳහා ශ්‍රී ලංකාවේ උත්සාහයන් ශක්තිමත් කිරීමට හැකිවනු ඇති බවත් ප්‍රකාශ කරන ලදී.

දරුවන්ට අදාළව යුක්තිය පසිඳලීමේ ක්‍රියාවලිය හා නෛතික රාමුව වැඩිදියුණු කිරීම සඳහා වන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමේදී යුනිසෙෆ් අරමුදල විසින් ප්‍රමුඛතම කාර්යභාරයක් ඉටු කරනු ලබන බවත්, මෙම වැඩසටහන හරහා වින්දිතයකු, සාක්ෂිකරුවකු හෝ වැරදිකරුවකු හෝ ලෙස ශ්‍රී ලංකාවේ යුක්තිය පසිඳලීමේ ක්‍රියාවලිය හා සම්බන්ධවන සෑම දරුවකුටම වඩා යහපත් අත්දැකීමක් ලබා ගැනීමට අවස්ථාවක් ලබා දෙනු ඇති බවත්, එවැනි දරුවන්ට ඔවුන්ගේ අධිකරණ කාර්යයය සදහා නීතිමය සහාය සහ වඩාත් කාලෝචිත හා සුදුසු ප්‍රතිචාරයක් ලැබෙනු ඇති අතර, විශේෂයන්ම, ඔවුන්ට පුනරුත්ථාපනය සඳහා සහ සාධාරණ අවස්ථාවන් ලැබෙනු ඇති බවත්, එක්සත් ජාතීන්ගේ ළමා අරමුදලේ ශ්‍රී ලංකා නියෝජිත ක්‍රිස්ටියන් ස්කූග් මහතා පැවසීය. 

MIAP

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan